මහින්ද ශ්‍රීලනිප සංවත්සරය මගහරී - විදෙස් ගතවීමේ සූදානමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 18, 2016

මහින්ද ශ්‍රීලනිප සංවත්සරය මගහරී - විදෙස් ගතවීමේ සූදානමක්

මහින්ද ශ්‍රීලනිප සංවත්සරය මගහරී - විදෙස් ගතවීමේ සූදානමක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සර උත්සවයට සහභාගී නොවී රාජකාරි කටයුත්තකට විදේශගතවන බව ප්‍රකාශ කළේයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද(18) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ඊයේ රාත්‍රියේ මිරිහාන නිවසේදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිත හමුවේදී හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා නිල වශයෙන් පක්ෂ සම්මේලනයට එක්වෙන ලෙස හිටපු ජනපතිවරයාට ආරාධනා කළ බවත් එම ආරධනාව මහින්ද රාජපක්ෂ මහතා පිළිගත් බවත් වාර්තාවේ.

පෙරේදා (16) සවස මිරිහානේ පිහිටි හිටපු ජනපතිවරයාගේ නිවසේදී මෙම ආරාධනාව බාර දී ඇති අතර සම්මේලනයට සහභාගීවීමට බලාපොරොත්තු වන බවද හිටපු ජනපතිවරයා පවසා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad