සරුංගලය විදුලි රැහැනක පැටලී සිසුවෙක් මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 18, 2016

සරුංගලය විදුලි රැහැනක පැටලී සිසුවෙක් මරුට

සරුංගලය විදුලි රැහැනක පැටලී සිසුවෙක් මරුට
සරුංගලයක නූල විදුලි රැහැනක පැටලීමෙන් විදුලි සැර වැදී එම සරුංගලය යවමින් සිටි 14 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් ඇති බව දොම්පේ පොලීසිය ප්‍රකාශ කරයි.

මෙසේ මියගොස් ඇත්තේ දොම්පේ දෙමාලගම පදිංචිව සිටි ලියනගේ මලීෂ පෙරේරා නමැති 09 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි. දෙමාලගම ප්‍රදේශයේ වෙල්යායකදී සරුංගලයක් යවමින් සිටි මිතුරකුගේ සහයට පැමිණ ඇති මියගිය සිසුවාට විදුලි සැර වැදී ඇත්තේ පසුගිය 10 වැනිදායි.

පසුව ඔහු දොම්පේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබේ. එහි දැඩි සත්කාර ඒකකයේ දින 05ක් පමණ ප්‍රතිකාර ලබමින් අනතුරුව පසුගිය 15වනදා ඔහු මියගොස් ඇත.

දෙකටන පද්මාවතී විදුහලේ ඉගෙනුම ලබමින් සිට ඇති මලීෂ සරුංගල් සෑදීමට දක්ෂයෙකුව සිටි බවත් ප්‍රදේශයේ බොහෝ දරුවන්ට ඔහු සරුංගල් සාදා දී ඇති බවටත් තොරතුරු අනාවරණය වී තිබේ. දොම්පේ පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

No comments:

Post a Comment

Post Bottom Ad