ඊශ‍්‍රායෙල් රැකියා අවස්ථා 50ක් - අයදුම්කරන්නේ මෙහෙමයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 18, 2016

ඊශ‍්‍රායෙල් රැකියා අවස්ථා 50ක් - අයදුම්කරන්නේ මෙහෙමයි

ඊශ‍්‍රායෙල් රැකියා අවස්ථා 50ක් - අයදුම්කරන්නේ මෙහෙමයි
විදේශ රැකියා අමාත්‍යංශය, ඊශ‍්‍රායෙල් රජය සමග ඇතිකර ගන්නා ලද ඒකාබද්ධ නියමු ව්‍යාපෘතිය යටතේ, එරට සත්කාරක ක්ෂේත‍්‍රයේ රැකියා 50ක් ශ‍්‍රී ලංකාවට ලැබී තිබේ. 

ඊශ‍්‍රායෙලයේ වැඩිහිටි හා ආබාධිත පුද්ගලයින් හට සත්කාර කිරීම වෙනුවෙන් මෙම රැකියා අවස්ථාවන් ලැබී ඇති අතර, ඒ සඳහා වයස අවුරුදු 25-40ත් අතර, පිරිමි කාන්තා දෙපක්‍ෂයටම අයදුම් කල හැක. 

අයදුම්කරුවන්ට, ඉංගි‍්‍රසි භාෂාව පිළිබඳව මධ්‍ය මට්ටමට දැනුමක් තිබිය යුතු අතර, මීට පෙර ඊශ‍්‍රායෙලයේ රැකියාවල නිරත වූ අයට අයදුම් කල නොහැකි බව විදේශ රැකියා අමාත්‍යංශය පවසයි. මෙම වැඩපිළිවෙළට සහභාගි වීම සඳහා කිසිඳු බඳවා ගැනීම් ගාස්තුවක් අය කරනු නොලබන අතර රාජ්‍යන් දෙක අතර, එකගතාවයට පැමිණ ඇති ගාස්තු පමණක් අයකරනු ලබන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

අයදුම්පත්, රැකියා විස්තරය, වැටුප්, පූර්ව අවශ්‍යතා, රැකියාවේ කාලසීමාව, බඳවා ගැනීමේ පිළිවෙත, දැරිය යුතු වියදම් ඇතුළු අනෙකුත් විස්තර ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ  www.slbfe.lk වෙබ්  අඩවියේ ”Joint Pilot Programme for Caregivers on Israel ” මගින් ලබාගත හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි. අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2016 සැප්තැම්බර් 07 දින වේ. 

No comments:

Post a Comment

Post Bottom Ad