බලපිටිය මුහුදේ නාන්න ගිය දෙදෙනෙකු මරුට - මෙහෙයුම් තවදුරටත් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 18, 2016

බලපිටිය මුහුදේ නාන්න ගිය දෙදෙනෙකු මරුට - මෙහෙයුම් තවදුරටත් (VIDEO)

බලපිටිය මුහුදේ නාන්න ගිය දෙදෙනෙකු මරුට - මෙහෙයුම් තවදුරටත් (VIDEO)
බලපිටිය ගුරුවිද්‍යාලය අසල මුහුදේ දිය නෑමට ගිය සිව් දෙනෙකුගෙන් දෙදෙනෙකුගේ සිරුරු සොයාගත් බවත් තවත් තරුණයන් දෙදෙනකු සෙවීම සඳහා අද (18) නාවික හමුදා කිමිදුම්කරුවන් යොදවා ඇති බවත් වාර්තා වේ.

මෙසේ දියේ ගිලීමෙන් මියගොස් ඇත්තේ ඌරගස්මංහන්දිය පතිරාජ ප්‍රදේශයේ පදිංචි යූ. එල්. චාන්දනි නමැති එක් දරු මවක සහ ලක්ෂානි වාසනා නමැති පතිරාජ විදුහලේ 10 වසරේ සිසුවියක බවට පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

අතරුදහන් වූ තරුණයන් අතර සිටි එක් තරුණයකු මෙවර උසස් පෙළ විභාගයට පෙනීසිටි සිසුවකු බව පොලිසිය සඳහන් කරයි.

වීඩියෝව පහතින්....

No comments:

Post a Comment

Post Bottom Ad