දිය කැපීමේ මංගල්ලය සුබ මොහොතින් සිදුකෙරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 18, 2016

දිය කැපීමේ මංගල්ලය සුබ මොහොතින් සිදුකෙරේ

දිය කැපීමේ මංගල්ලය සුබ මොහොතින් සිදුකෙරේ
මහනුවර ඓතිහාසික ශී‍්‍ර දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්ලයේ නිමාව සනිටුහන් කරමින් දිය කැපුම් පෙරහර සහ දහවල් පෙරහර අද (18) පැවැත්වේ.

අද උදෑසන දේව පූජාව පැවැත්වීමෙන් පසු ගැටඹේ තොටේදී දිය කැපීමේ මංගල්‍යය සිදු කෙරෙනු ඇති. දහවල් 11යි 48ට යෙදෙන සුබ මොහොතින් නැගෙනහිර දිසාභිමුකව ඝනදෙවි කෝවිලෙන් පිටත්වන පෙරහර කටුකැලේවීදිය, දළදා වීදිය, ඊ.එල් සේනානායක වීදිය, කන්දේ වීදිය ඔස්සේ ඩී. එස්. සේනානායක මංසන්ධියට පැමිණ, දහවල් එකයි විනාඩි 25ට උතුරු දිශාභිමුඛව ගෙඩිගේ විහාරය අසලින් නැවතත් පිටත්වීමට නියමිතයි.

ඉන් අනතුරුව ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය ඔස්සේ රජවීදියට හැරී මාලිගා චතුරස‍්‍රයේ තෙවරක් ප‍්‍රදක්ෂිනා කොට සවස 3යි 45ට යෙදෙන සුබ මොහොතින් නැගෙනහිර දිසාව බලා ගෙවැදීමෙන් ඇසල පෙරහර මංගල්ලය නිමාවට පත්වේ.

ඇසල පෙරහර මංගල්‍ලයේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ (17) රාති‍්‍රයේ අති උත්කර්ෂවත් අයුරින් වීදි සංචාරය කෙරුණි. මේ අතර ඇසල පෙරහර අවසානයේ පැවැත්වෙන සමාප්ති උළෙලේදී කලාකරුවන් ඇගයීම අද පස්වරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad