චීන නිල සංචාරය නිමවා අගමැති දිවයිනට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 18, 2016

චීන නිල සංචාරය නිමවා අගමැති දිවයිනට

චීන නිල සංචාරය නිමවා අගමැති දිවයිනට
සාර්ථක 05 දින චීන නිල සංචාරය අවසන් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (17) රාත්‍රියේ යළි දිවයිනට පැමිණියේය. අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ඊයේ රාත්‍රී 11.40 ට චීනයේ ගුවැන්ෂෝ සිට පැමිණි යූ.එල්. 883 දරණ යානයෙන් මෙරටට පැමිණි තිබේ.
පස්දින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍යවරයා චීනය බලා පිටත්ව ගියේ පසුගිය 13 වනදායි.
චීන සංචාරය අතරතුර අග්‍රාමාත්‍යවරයා ඇතුලූ දූත පිරිස චොංජිං මහා නගරයේ ගුයාන් වරායේ සහ බහලුම් පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්විය. 
පසුව අග්‍රාමාත්‍යවරයා චොංජිං මහා නගරයේ නගරාධිපතිවරයා හමුවී සාකච්ඡා කර තිබේ.
එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය සංචාරය අතරතුර ෂෙන්ජන් නුවර කොමියුනිස්ට් පක්ෂ ලේකම්වරයා මෙන්ම ෂෙන්ජන් ව්‍යාපාරික ප්‍රජාව ද හමුවිය.

කටුනායක - TKG කපිල

No comments:

Post a Comment

Post Bottom Ad