මේ දිනවල වෛද්‍ය සිසුසිසුවියන්ගේ ගෙවල් වලට තග් මෑන්ලා එනවලූ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 18, 2016

මේ දිනවල වෛද්‍ය සිසුසිසුවියන්ගේ ගෙවල් වලට තග් මෑන්ලා එනවලූ

සටන් කරන බලවේග නතර කිරීම සඳහා ආණ්ඩුව ආරක්ෂක අංශ පාවිච්චි කරමින් තර්ජනය කරන බවද පසුගිය දින කිහිපය පුරාම රජයේ වෛද්‍ය පීඨවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නිවෙස්වලට ආරක්ෂක අංශ ගොස් තර්ජනය කර ඇතැයිද වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පවසයි.

විශ්වවිද්‍යාලය තුළ දේශපාලන ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධ වන බවද

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අහෝසි කරන ලෙස සිදු කරන සටන් වහාම නතර කොට දැමිය යුතු යැයි සිසුන්ගේ නිවෙස්වලට ගොස් ආරක්ෂක අංශ මවුපියන්ට හා සිසුන්ට තර්ජනය කරන බවද හෙතෙම තවදුරටත් පවසයි.

මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් රයන් ජයලත් පැවැසුවේ පසුගිය රජයේ න්‍යාය පත‍්‍ර අතර තිබූ මර්දනකාරී ක‍්‍රියා පිළිවෙත යහපාලන ආණ්ඩුවේ න්‍යාය පත‍්‍ර අතරට එක්ව ඇති බවයි. 

තම ඉල්ලීම් වෙනුවෙන් පාරට බැස අරගල කළ සිසුන්ට ඉතා ම්ලේච්ඡ අන්දමින් කඳුළු ගෑස් හා ජල ප‍්‍රහාර එල්ල කළ බවත් සිසුන් ඉලක්ක කොට කඳුළු ගෑස් උණ්ඩ එල්ල කළ බවත් ජල ප‍්‍රහාර හේතුවෙන් සිසුන් කිහිප දෙනකුගේම ඇස් පෙනීම දුර්වල වූ බවත් හෙතෙම පවසයි.

සටන් කරන සියලූ බලවේග ඒකරාශී වූ තීරණාත්මක මොහොතකදී ප‍්‍රශ්නවලට උත්තර ලබා දෙනවා වෙනුවට මර්දනය ක‍්‍රියාත්මක කරන රජයේ වැඩපිළිවෙළට එකහෙළාම විරුද්ධ වන බවත් ඔහු සඳහන් කරයි.

සවනි ශේශාධි (මව්බිම)


No comments:

Post a Comment

Post Bottom Ad