පියුමි හංසමාලී මිසිස් යුනිවර්ස් පරාජයෙන් පසු වේදිකාවෙන් ප‍්‍රසිද්ධියේ බැසගිහින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 18, 2016

පියුමි හංසමාලී මිසිස් යුනිවර්ස් පරාජයෙන් පසු වේදිකාවෙන් ප‍්‍රසිද්ධියේ බැසගිහින්

පියුමි හංසමාලී මිසිස් යුනිවර්ස් පරාජයෙන් පසු තරහ පෙන්නන්න
වේදිකාවෙන් ප‍්‍රසිද්ධියේ බැසගිහින්


ඊයේ රාත‍්‍රියේ පැවති 2016 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගයේ ජයග‍්‍රහණය අපේක්ෂාවෙන් සමාජ මාධ්‍ය තුළ විශාල ප‍්‍රචාරණයක් දියත් කරමින් සිටි නැගී එන නිරූපිකාවක වන පියුමි හංසමාලී ඊයේ  එම තරගයේ අනපේක්ෂිත පරාජයෙන් පසුව කෝපයට පත්ව වේදිකාවෙන් ප‍්‍රසිද්ධියේ බැසයාමේ සිද්ධියක්  වෙත වාර්තා වෙනවා.

කොළඹ රාමඩා හෝටලයේ සම්භාවනීය අමුත්තන්ගේ රැසකගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ රෑ පවත්වන්නට යෙදුණු මෙම තරගයේදී ජයග‍්‍රහණය කරන ලද්දේ නිරූපිකාවක හා සිනමා නිළියක වන උදාරි පෙරේරාය. මෙම තරගයේ අවසන් 8 දෙනා අතරට පියුමි හංසමාලි තේරී තිබුණ අතර තරග ස්වභාවය අනුව
ජයග‍්‍රාහී තිදෙනා තෝරාගෙන තිබුනේ එම අට දෙනාවම වේදිකාවේ තබමිනි. 

ඒ අනුව 8 දෙනාගෙන් තුන්වෙනියා දෙවැනියා ආදී ලෙස වෙනත් අය නම් කර පළමුවෙනියාව නම් කරන විට ඉතිරි 6 දෙනාම බලාපොරොත්තු දල්වාගෙන සිටි බව කියැවේ.

ඒ හය දෙනා අතර පියුමි හා උදාරිද සිටි අතර පියුමි ජයග‍්‍රහණය අහිමිවන බව දැනගත්තේ අන්තිම මොහොතේය.  උදාරි මෙවර විවාහක රූ රැජිණ යයි නම් කරද්දී ඇයට සුබපතා සිනාසී අත්පොළසන් දීමේ ජාත්‍යන්තර සම්ප‍්‍රදාය අනුගමනය කරනු වෙනුවට මුහුණ කළු කරගත් පියුමි සභාවේ අයට සිය කෝපය පෙන්නුම් කරමින් වේදිකාවෙන් ප‍්‍රසිද්ධියේ බැස ගියාය.

පියුමිගේ මෙම හැසිරීම සභාවේ කථාබහටද ලක් විය. මෙම තරගය ඉංග‍්‍රීසි බසින් මෙහෙයවා තිබුණ අතර එක් එක් තරගකාරියන්ගේ බුද්ධි මට්ටම දැනගැනීමට ප‍්‍රශ්න විමසන අවස්ථාවේත් පියුමි අපහසුතාවයට ලක්වූ බව වාර්තාවේ. ඇයගෙන් ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය ගැන පැනයක් විමසීමේදී ඇය එහි හරි අරුත තේරුම් ගන්නට බැරිව අපහසුතාවෙන් කෙටි පිළිතුරක් දුන් බවද වාර්තා විය.මේ හේතුද ඇගේ පරාජය කෙරෙහි බලපාන්නට ඇත.



No comments:

Post a Comment

Post Bottom Ad