ආරක්ෂක ලේකම්ගෙන් රණවිරුවන්ට සහතිකයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 18, 2016

ආරක්ෂක ලේකම්ගෙන් රණවිරුවන්ට සහතිකයක්

ආරක්ෂක ලේකම්ගෙන් රණවිරුවන්ට සහතිකයක්
මෙරට රණවිරුවන්ට අසාධාරණයක් වන කිසිදු කටයුත්තක රජය නිරත නොවන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (17) ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ජා ඇල, බෝපිටිය ප්‍රදේශයේ අසාධාරණයට ලක්වු පුද්ගලයෙකු සඳහා නව නිවසක් ඉදිකිරීමේ අවස්ථාවකට සහභාගීවෙමිනි. 

එහිදී මාධ්‍යවේදියෙකු පසුගියදා සම්මත වූ අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය සම්බන්ධයෙන් වන පනත පිළිබඳව ද ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් ආරක්ෂක ලේකම්වරයා කියාසිටියේ එමඟින් අතුරුදන්වූවන් පිළිබදව සොයා බැලීමක් මිස රණවිරුවන්ට අසාධාරණයක් වන කිසිදු කටයුත්තක් සිදු නොවන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad