ඩිල්ෂාන් සමුගැන්නවීමේ මාධ්‍ය මෙහෙයුමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 18, 2016

ඩිල්ෂාන් සමුගැන්නවීමේ මාධ්‍ය මෙහෙයුමක්


ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු හා ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන්ගේ ක‍්‍රීඩා දිවියේ සමුගැන්ම  ගැන විවිධ පුවත් නිර්මාණය කරමින් ඒවා බෙදාහැරීමේ මාධ්‍ය මෙහෙයුමක් කිසියම් පිරිසක් විසින් සිදුකරනු ලබන බව වාර්තාවේ.

මෙම මෙහෙයුමේ අරමුණ වන්නේ මහජන මතයක් ඇති කරවා

ඔහුව ඉක්මණින් පිටියෙන් ඉවත් කිරීමයි. ඩිල්ෂාන් සම්බන්ධයෙන් විවිධ පුද්ගලික ප‍්‍රශ්න නැගුණත් ලංකාව වෙනුවෙන් කාලයක් තිස්සේ කැපවී සේවයක් සිදු කරන ඔහුව සැහැල්ලු කර මේ ආකාරයට මාධ්‍ය ඔස්සේ පුවත් පළකිරීම සදාචාරත්මකද යන්න ගැන මතභේදයක්ද දැන් පහළවී ඇත.

මින් ඉහත ඩිල්ෂාන් සමුගන්නා බවට පැතිරුණ ප‍්‍රචාරයක් නිසා ඔහුට වීඩියෝ මාධ්‍යයෙන් ජාතිය අමතන්නට සිදුවූ අතර ශ‍්‍රී ලංකා  ඕස්ටේ‍්‍රලියා එක්දින තරග වලට ඔහු දායක වන්නට සූදානම් වන වෙලාවේදීත් මෙම ප‍්‍රචාරය දැන් මතුව තිබේ.

පසුගිය ජුනි මස එම ප්‍රචාරයන් ගැන ඩිල්ෂාන් දැක්වූ අදහස පහතින්...




No comments:

Post a Comment

Post Bottom Ad