අාදාහනාගාරයක් ගැන බද්දේගම උණුසුම් තත්ත්වයක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 18, 2016

අාදාහනාගාරයක් ගැන බද්දේගම උණුසුම් තත්ත්වයක් (VIDEO)

අාදාහනාගාරයක් ගැන බද්දේගම උණුසුම් තත්ත්වයක් (VIDEO)
බද්දේගම ගිණිමැල්ලගහ ප්‍රදේශයේ ඉදිකිරිමට යෝජිත අදාහානාගාරය පිළිබද සාකච්ඡා කිරිම සදහා ගිණිමැල්ලගහ ප්‍රදේශවාසින් හා දකුණු පළාත් ප්‍රධාන ඇමති ෂාන් විජේලාල් ද සිල්වා මහතා අතර පෙරේදා (16) 

පස්වරුවේ ගිණිමැල්ලගහ නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේ පැවති හමුවේදී උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ. එහිදී ගිණිමැල්ලගහ ප්‍රදේශවාසින් තම ප්‍රදේශයට ආදාහනාගාරයක් අවශ්‍ය නොවන බව දැඩිව ප්‍රකාශ කර ඇති අතර ඔවුන් මහ ඇමතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ ආදාහනාගාරය ඉදිකිරීම සඳහා වෙන්කර ඇති රුපියල් ලක්ෂ 150ක මුදල යොදා පානිය ජලය ලබාදීමේ වැඩපිලිවෙලක් ඇති කරන ලෙසයි.

ඒ අනුව ආදාහනාගාරය ඉදිනොකරන ලෙස ඉල්ලා සකස් කරන ලද ලිපියක් ද ප‍්‍රදේශවාසීන් විසින් මෙහිදී ප‍්‍රධාන අමාත්‍යවරයාට ලබාදී තිබේ.
මේ සම්බන්ධව අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා, "මම මේ ස්ථානයට ආවේ ගම්වාසින්ගේ මතය දැන ගන්න. ගම්වාසින්ගේ මතය අනුව තමයි මා වැඩ කරන්නේ. මා කවදාවත් ජනතාව ඉල්ලන දෙයක් හැර වෙන දෙයක් දෙන්න පෙලඹෙන අයෙක් නෙවෙයි. 

ආදාහනාගාර වැඩපිළිවෙළට මා පුද්ගලිකව කැමති නැහැ. මම මියගියදාටත් මගේ නෝනාට හා දියණියන් දෙදෙනාට කියලා තියෙන්නේ පොළවට පස්කරනවා හැර ආදාහනය කරන්න එපා කියලා. තනතුරේ ඉදලා මැරුණත්, තනතුර නැතිව මැරුණත් පළාත් පාළන ආයතන පිට්ටනිවල පාසල්වල පිට්ටනි වල මරණේ වැඩ කරන්න එපා කියලා. 

එක මගේ ප්‍රතිපත්තියක්. ලෝකයේ ඉපදෙන හැම මිනිහෙක්ම පොළවට පස්වෙන්න දෙන්න ඕන. මේ සදහා රුපියල් ලක්ෂ 150ක් වෙන්වු විට මම හිතුවා මේ ප්‍රදේශයේ ආදාහනාගරයත් ඉදි කළොත් හොදයි කියලා. නමුත් එක ක්‍රියාත්මක කරන්නේ මහජනතාවගේ මතය අනුවයි. වැලිවිටිට දිවිතුර ප්‍රදේශිය සභාවෙන් හා රත්ගම ප්‍රදේශිය සභාවෙන් ඉල්ලනවා ආදාහනාගාරයක් ලබා දෙන්න කියලා. 

ගම්වාසින් විරුද්ධ නම් මම මේ වැඩේ නතර කරනවා."යි කියාසිටියේය. මෙම අවස්ථාවට දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා හා දකුණු පළාත් සභා මන්ත‍්‍රී පූජ්‍ය බද්දේගම සමිත හිමියන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

වීඩියෝව පහතින්....


ගාල්ල - ලලිත් චාමින්ද

No comments:

Post a Comment

Post Bottom Ad