සාලාවේ වැසියන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 20, 2016

සාලාවේ වැසියන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්

සාලාවේ වැසියන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්
කොස්ගම, සාලාව යුද හමුදා කඳවුරේ සිදුවූ පිපිරුමෙන් පීඩාවට පත්වූවන්ගේ සහභාගීත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීම නොපැවැත්වූ බවට එම ප්‍රදේශවාසීන් චෝදනා කරයි.
එම රැස්වීම ඊයේ (19) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූවද එය නොපැවැත්වුණු බවත් තවමත් තමන්ට හිමිවියයුතු වන්දි මුදල් ද නිසි පරිදි නොලැබුණු බවත් පීඩාවට පත්වූ වැසියන් ප්‍රකාශ කරයි. ඔවුන් මේ බව ප්‍රකාශ කළේ ඊයේ සිය ගැටළු සම්බන්ධයෙන් සීතාවක ප‍්‍රාදේශීය ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවකින් අනතරුවය.

මෙහිදී අදහස් දැක්වූ එම ප්‍රදේශවාසීන් කියාසිටියේ ලබන අඟහරුවාදා දින වන විට අපේක්ෂිත සහන නොලැබුණහොත් ආණ්ඩුවට එරෙහිව දැඩි කි‍්‍රයාමාර්ගයක් ගන්නා බවයි. ඒ අනුව ඔවුන් ඉල්ලා සිටින්නේ ලබන අඟහරුවාදා දින වනවිට තමන්ට හිමිවියයුතු සහන ලබාදීමට කඩිනමින් කටයුතු කරන ලෙසත් වන්දි ගෙවීම් ආදියට එකඟ වියහැකි විසඳුමක් ලබාදෙන ලෙසත්ය.


මේ සම්බන්ධව අදහස් දැක්වූ සීතාවක ප්‍රාදේශීය ලේකම් එම්. එම්. එස්. බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ පීඩාවට පත්වූවන් නිසි පරිදි හඳුනාගෙන නිවැරදි ලෙසම වන්දි මුදල් ලබාදීම සඳහා ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad