අද (20) රාත්‍රියේ කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු සීමා කරන බව පොලීසිය පවසයි.
ඒ, නවගමුව පුරාණ පත්තිනි දේවාලයේ මහ පෙරහැර අද රාත්‍රියේදී පත්තිනි දේවාලය ආශ්‍රිත කොළඹ - අවිස්සාවෙල්ල මාර්ගයේ වීදි සංචාරය කිරීමට නියමිත බැවිනි.
අද රාත්‍රි 8.00 සිට පසුදා අළුයම 3.00 දක්වා පෙරහැර වීදි සංචාරය කෙරෙන අතර හෙට (21) පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා ද දිය කපන පෙරහැර වීදි සංචාරය කිරීමට ද නියමිතව තිබේ.
ඒ අනුව පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අදාළ කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි. විකල්ප මාර්ග ලෙස කඩුවෙල සිට අතුරුගිරිය, වෙලේ හන්දිය ඔස්සේ අතුරුගිරිය මාර්ගය දෙසටත්, වදුරම්මුල්ල හන්දියෙන් සුමනතිස්ස මාවත ඔස්සේ කොළඹ - අවිස්සාවෙල්ල මාර්ගය දෙසටත් ගමන් කළ හැකිය.
හංවැල්ල සිට කොළඹ දක්වා ගමන් කරන වාහන රණාල, සියඹලාගහ හන්දියෙන්, 698 මාර්ගය ඔස්සේ කඩුවෙල දෙසට පිවිසිය හැකි බව පොලීසිය පෙන්වා දෙයි.
No comments:
Post a Comment