ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාට සාකච්ඡාවක් සඳහා කැඳවීමක් කර ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරයා මෙම කැඳවීම කර ඇත්තේ ශ‍්‍රී ලංකා තේ මණ්ඩලය සතු අමෙරිකානු ඩොලර් මිලියන 60ක පමණ මුදලක් මහා භාණ්ඩාගාරයට පවරා ගැනීමට සූදානමක් ඇතැයි ද එසේ කළහොත් තමන් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බවට ද නවීන් දිසානායක අමාත්‍යවරයා විසින් ඊයේ (19) සිදුකළ ප්‍රකාශයක් හේතුවෙනි.
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සහ සිලෝන් ටී නාමය යටතේ අලෙවිකරණයට එක්රැස් කළ මුදල්, මුදල් අමාත්‍යාංශ යටතට පවරා ගන්නා බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත් එවැනි පවරා ගැනීමක් මීට පෙර කිසි දිනෙක සිදු නොවූ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඊයේ ඇල්පිටිය, පොරවගම - මිහිදුම්වැලි තේ කර්මාන්තශාලාව විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

No comments:
Post a Comment