විදුහල්පතිවරු හා අධ්‍යාපන අධ්‍යක්ෂකවරු කරන ලිංගික අපයෝජන ගැන හෙළිවෙයි? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 17, 2016

විදුහල්පතිවරු හා අධ්‍යාපන අධ්‍යක්ෂකවරු කරන ලිංගික අපයෝජන ගැන හෙළිවෙයි?

පාසල්වල සිටින අනධ්‍යයන සේවිකාවන්ගෙන් සියයට 10ක් විදුහල්පතිවරුන් හා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් අතින් ලිංගික අඩන්තේට්ටම්වලට ලක්වන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා පවසයි.

දිවයින පුරා පිහිටි පාසල්වල අනධ්‍යයන සේවිකාවන් 15,000ක් පමණ සිටින බවද මේ පිළිබඳව පැමිණිලි කිරීමට යාමේදී වැටුප් වර්ධක කප්පාදු කිරීම, දුර පළාත්වලට මාරු කිරීම් සිදුකරන බවද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.

වයඹ පළාත් සහ වැලිඔය, මොණරාගල, බදුල්ල යන ප්‍රදේශවල මෙම තත්ත්වය වැඩි වශයෙන් දැකිය හැකි බවද ඒ මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසූයේ මරදාන සමාජ හා සාමාජික කේන්ද්‍රයේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදී ය.

No comments:

Post a Comment

Post Bottom Ad