ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මව් රටෙදිම එංගලන්තය වයිට් වොෂ් කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 17, 2016

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මව් රටෙදිම එංගලන්තය වයිට් වොෂ් කරයි..

එංගලන්ත අවුරුදු 19 න් පහළ කණ්ඩායම හා ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම අතර පැවැති එක්දින තරග තුනකින් සමන්විත වූ එක්දින තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ඊයේ (16දා) සමත්වූහ. 

ඒ එංගලන්ත යොවුන් කණ්ඩායම හා පැවැති තෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 24ක පහසු ජයක් හිමිකර ගනිමිනි. තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ පන්දුවාර 49.1කදී සියලු දෙනා දැවී ලකුණු 300ක් රැස්කිරීමට සමත්වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත යොවුන් කණ්ඩායමට රැස්කළ හැකි වූයේ ලකුණු 276ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් අවිශ්ක ප්‍රනාන්දු හා දිලාන් ජයලත් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 149ක සබඳතාවක් ගොඩ නැගීමට සමත්වූහ. මෙහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 134කදී හතරේ පහර 15ක් හා හයේ පහර 4ක් සමගින් ලකුණු 138ක් රැස්කිරීමට සමත්විය.





No comments:

Post a Comment

Post Bottom Ad