පොලිස්‌පතිගේ ප්‍රකාශය නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 17, 2016

පොලිස්‌පතිගේ ප්‍රකාශය නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි..

පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා පොලිස්‌පති ධුරයේ වැඩ භාරගැනීමෙන් පසුව සිය ප්‍රථම නිල රාජකාරිය ලෙස කිලිනොච්චිය ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයා මාරුකර හරින බවට කර ඇති ප්‍රකාශය නීතියට පටහැනි හා බලරහිත ප්‍රකාශයක්‌ බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කොට ඇත.

පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා පොලිස්‌පති ධුරයට පත්වීමෙන් පසුව කිලිනොච්චිය දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේ පැවැති රැස්‌වීමකදී කිලිනොච්චිය ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි පාලිත සිරිවර්ධන මහතාට පවසා ඇත්තේ ඔහුව කිලිනොච්චියෙන් මාරුකර යෑවීමට සිදුවන බවයි.


පොලිස්‌පතිවරයාගේ එම ප්‍රකාශය නීතියට පටහැනි හා සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්‌ වන බැවින් ඔහු කළ ප්‍රකාශය අනුව කටයුතු කිරීම වළක්‌වන්නැයි ඉල්ලා ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි පාලිත සිරිවර්ධන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ ගොනුකොට තිබිණි.


එම මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු කේ. ශ්‍රී පවන් හා විනිසුරු අනිල් ගුණරත්න යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවූ අවස්‌ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිsටි නීතිඥවරුන් හා රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ එස්‌. බාරි මහත්මිය කරුණු දක්‌වා තිබිණි. එහිදී අගවිනිසුරුවරයා පෙන්වා දී ඇත්තේ සහකාර පොලිස්‌ අධිකාරි ධුරයට ඉහළ නිල දරන නිලධාරීන්aට ස්‌ථාන මාරුවීම් ලබාදිය හැක්‌කේ පොලිස්‌පතිවරයාට නොව ජාතික පොලිස්‌ කොමිසමට බවයි.


එකී මූලික සිද්ධාන්තය නොසළකා හැර වගඋත්තරකාර පොලිස්‌පතිවරයා කටයුතු කරන්නේ නම් එය නීතියට පටහැනි හා බලරහිත නියෝගයක්‌ බවයි. ඒ බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය කළ කරුණු දැක්‌වීම අනුව ද පැහැදිලි වන බව එහිදී පෙන්වා දී ඇති අගවිනිසුරුවරයා වගඋත්තරකාර පොලිස්‌පතිවරයා වාචිකව කළ ප්‍රකාශය අනුව කටයුතු කළහොත් පෙත්සම්කරුට අධිකරණය හමුවට පැමිණීමේ හිමිකම පවතින බව ද පෙන්වා දී තිබේ.


පොලිස්‌පති පූජිත් ජයසුන්දර, ජාතික පොලිස්‌ කොමිෂන් සභාවේ සභාපතිවරයා හා ලේකම්වරයා ඇතුළු සාමාජිකයන්, අමාත්‍ය සාගල රත්නායක මහතා හා නීතිපතිවරයා ඇතුළු 11 දෙනකු එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad