බස් කොන්දොස්තරගෙ දුවගෙන් ඉන්දියාවට මෙඩල් එකක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 19, 2016

බස් කොන්දොස්තරගෙ දුවගෙන් ඉන්දියාවට මෙඩල් එකක්

මෙවර ඔලිම්පික් තරගවලියේ ඉන්දියාවට ලැබුණ එකම පදක්කම කාන්තා රෙස්ලිං කිලෝ 58 බර පන්තියෙන් ලෝකඩ පදක්කමක් ලෙස දිනා දෙන්නට 23 හැවිරිදි සක්ෂි මලික් සමත්ව තිබෙනවා.

ඔලිම්පික් ඉතිහාසයේ ඉන්දියාව ලබාගත් 4 වන පදක්කම මෙය බව පැවසේ. 

පියා බස් කොන්දොස්තරයෙකුවූ දුගී පවුලක ඉපිද ඔලිම්පික් පදක්කමක් ලබාගැනීම දක්වා ඇය ආ ගමන ගැන ඉන්දීය මාධ්‍ය ඉහළින් වාර්තා කර තිබේ. මේ වනවිට ඇය උපන් හර්යාන ප‍්‍රාන්ත බලධාරීන් ඇයට ඉන්දීය රුපියල් කෝටි දෙකහමාරක ත්‍යාගයක් පිරිනැමීමටද සූදානම් කර ඇත.





No comments:

Post a Comment

Post Bottom Ad