උතුරුමැද නියෝජ්‍ය පොලිස්පති පද්මලාල් සඳුන්ගහවත්ත මහතා පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාව සිටි සමයේදී සිදුකළ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඔහුට හා තවත් 03 දෙනෙකුට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒකකය පැමිණිල්ලක් ගොනු කර තිබේ.
ඒ, 2014 වසරේ දී පුත්තලම පොලිස් අධිකාරී කාර්යාලයේ නවීකරණ කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 21.5ක මුදලක් වංචා කළ බවටයි. මේ සම්බන්ධව සැකපිට පුත්තලම පොලිස් අධිකාරී කාර්යාලයේ ගණකාධිකාරී තිලක් වසන්ත කුමාර මහතා, සැරයන් ක්‍රිස්ටෝපර් සීමන් තමෙල් මහතා සහ පොලිස් කොස්තාපල් රාජපක්ෂ මහතා ලබන 25 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබා ඇති අතර පොලිස් විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට දන්වා ඇත්තේ හිටපු පොලිස් අධිකාරී සඳුන්ගහවත්ත මහතා ව්‍යාජ ලේඛනවලට අත්සන් තැබීමෙන් එම වංචාවට ආධාර හා අනුබල දී ඇති බවයි.
ඒ අනුව කොළඹ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් ඊයේ (18) සඳුන්ගහවත්ත මහතාගෙන් පැය 08ක පමණ කාලයක් ප්‍රශ්න කළ අතර අද (19) දිනයේදී ද ප්‍රශ්න කිරීමට නියමිතය.

No comments:
Post a Comment