ශිෂ්‍යත්ව විභාගය 21දා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 19, 2016

ශිෂ්‍යත්ව විභාගය 21දා

ශිෂ්‍යත්ව විභාගය 21දා
මෙවර ශිෂ්‍යත්ව විභාගය ලබන 21 වන දින පැවැත්වෙන අතර එයට අදාළව අපේක්ෂකයින් සහ මව්පියන් සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

ඒ අනුව අගෝස්තු මස 21 වනදා පෙරවරු 09.00 වන විට සියළුම විභාග අපේක්ෂකයින් විභාග ශාලාවේ අසුන්ගත යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එමෙන්ම අපේක්ෂකයින් තමන්ට අදාළ විභාග අංකය ඇදුමේ වම් පස පැළද සිටිය යුතු වේ.

මව්පියන් කල්වේලා ඇතිව දරුවන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන ආ යුතු අතර විභාග මධ්‍යස්ථාන භූමියට ඇතුළුවීමට මව්පියන්ට අවසර නොලැබේ. විභාග මධ්‍යස්ථානතුලට අවසර නොමැති කිසිඳු පුද්ගලයෙකුට ඇතුළුවීම තහනම් වන අතර විභාග කටයුතුවලට බාධා වන අයුරින් කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස විභාග දෙපාර්තමේන්තුව විසින් පොලිස් මූලස්ථානයට දැනුම් දීමක් ද සිදුකර තිබේ.

මෙවර ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2959කදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා අයදුම්කරුවන් තුන් ලක්ෂ 50,701 දෙනෙකු පෙනී සිටින අතර ඉන් 421දෙනෙකු විශේෂ අවශ්‍යතා සහිත දරුවන් බව විභාග දෙපාර්තමේන්තුව එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad