උසේන් බෝල්ට් 2008 වසරේ සිට සහභාගි වූ ධාවන ඉසව් 74කින් 69ක ජයග්‍රහණය අත්පත් කරගැනීමට සමත් වූ අසමසම ක්‍රීඩකයෙක් ලෙසයි සැලකෙන්නේ.
මෙවර රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ ලොව වේගවත්ම මිනිසා ලෙසින් යළි අභිෂේක ලබන්නට ජැමෙයිකානු සුපිරි කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් පසුගිය දා සමත් වුණේ අමෙරිකාවේ ජස්ටින් ගැට්ලින් පරාජය කරමිනුයි.
උසේන් බෝල්ට්, අමෙරිකාවේ ජස්ටින් ගැට්ලින් හමුවේ මෙවර පරාජය වන බව අනාවැකි පළ කර තිබියදී ඔහු ලබාගත් ජයග්‍රහණය පිළිබඳව ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.
පසුගියදා රියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 100 තරග බිමට පැමිණි පසු උසේන්ට, ජස්ටින් ගැට්ලින් ‘හූ’ කී නිසා ඇතිවූ අර්බුධයක් පිළිබඳව මේ වන විට වාර්තා පළවී තිබෙනවා. ‘හූ’ කී නිසා තමන්ගේ ආවේගය මතුපිටට පැමිණීම පාලනය කරන්නට වෙනම වෙහෙසක් දරන්නට සිදුවූ බවයි උසේන් මේ වන විට අනාවරණය කර ඇත්තේ.
කෙසේනමුත් ‘හූ’ කී විට ඇතිවූ තමන්ගේ ආවේගය සහ මස්පිඬුවල වේදනාව දරාගනිමින් අධිෂ්ඨානයේ ශක්තියෙන් ගැට්ලින් පසුකරන්නට හැකිවූ බවයි උසේන් සඳහන් කර ඇත්තේ.
Wednesday, August 17, 2016
මීටර් 100 තරගයේදී උසේන්ට ගැට්ලින් හූ කියලා – නොදත් රහස් රැසක් උසේන් බෝල්ට් හෙළිකරයි
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment