පොලිස් විශේෂ කාර්ය බලකායේ නව ප්‍රධානියා ලෙස පොලිස් කොමිසම විසින් පත් කරන ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ට මේ දක්වා එම තනතුර බාර නොදී නොමැති බව වාර්තා වනවා.
පොලිස් කොමිසම අදාළ පත්කිරීම සඳහා නිර්දේශ කරන ලද්දේ අගෝස්තු 9 වෙනිදා සිටයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් දැනට බඳවා ගැනීම්,පුහුණු හා ජාත්‍යන්තර සම්බන්ධතා බාරව සේවය කරන අතර එමගින් ඔහුව මුදා නොහැරීම නිසා නව තනතුරේ වැඩ ආරම්භ කිරීමට නොහැකිවී ඇති බවයි වාර්තා වන්නේ.
පාප් වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ මෙන්ම එවැනි ප්‍රධාන අවස්ථා කිහිපයක් සඳහාම ආරක්ෂාව සැලසීම සඳහා ඔහුව ශ්‍රී ලංකාවෙන් තෝරා ගෙන තිබූ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් තෝරාගෙන සිටින පුද්ගලයා වන්නේ ද ඔහුයි.
දේශපාලන අවශ්‍යතා සඳහා පෙනී සිටින කණ්ඩායමක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් පොලිස් විශේෂ කාර්ය බලකායේ නව ප්‍රධානියා ලෙස වැඩ බාරගැනීමට විරුද්ධව කටයුතු කරන බවයි පැවසෙන්නේ.
Wednesday, August 17, 2016
එස්.ටී.එෆ්. මුල් පුටුවට දේශපාලන අතපෙවීමක්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment