ෆෙඩරල් දෙන නිසා යුධ අධිකරණ හෝ විදේශ විනිසුරන් එපා TNA - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 13, 2016

ෆෙඩරල් දෙන නිසා යුධ අධිකරණ හෝ විදේශ විනිසුරන් එපා TNA

ශ්‍රි ලංකා රජය දෙමළ ජාතික සන්ධානය සහ ඇමරිකානු රජය ඇතුලු වගකිවයුතු පාර්ශවයන් අමග් ඇතිකරගත් එකඟතාව මත ෆෙඩරල් පාලනයක් ස්ථාපනය කිරිමට කටයුතු කරන්නේ නම් යුධ අධිකරණ හෝ විදේශ විනිසුරන් අවශ්‍ය නොවන බව දෙමළ් ජාතික සන්ධාන නායකයන් අමරිකානු තානාපති කාර්යාලයේදි සහකාර ලේකම්වරුන් වන නීෂා බිස්වාල් සහ ටොම් මලිනොස්කි හමුවු අවස්ථාවේ අවධාරණය කල බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කළා.

එම ප්‍රකාශයට පිළිතුරු දෙමින් අමෙරිකා එක්සත් ජනපද සහකාර ලේකම්වරු ලංකාවේ ජාතික ගැටළුවට සාධාරණ විසඳුමක් ලබා දීමට ඇප කැප වී ක්‍රියාකරන බවට දෙමළ ජාතික සන්ධානයට සහතිකයක් ලබාදුන් බවත් නව ව්‍යවස්ථා සම්පාදනයක් වෙනුවෙන් හා සංහිදියාව ගොඩ නැගීම වෙනුවෙන් වත්මන් රජය ගෙන ඇති පියවරවල් පිළිබඳව මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර යම් කාල නිර්ණායක් තුල බලය බෙදාහැරීමේ කටයුතු සිදුකල යුතු බවට දෙමළ සන්ධාන නායකයන් ලේකම්වරුන්ගෙන් ඉල්ලිමක් කර තිබේ.

මේ අතර දෙමළ සන්ධාන මන්ත්‍රි එම් සුමන්තිරන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බලය බෙදාහැරීම සදහා සිදුවෙන මැදිහත් විම සහ ඔහුට ඇති දේශපාලන් පිධනය සම්බන්ධයෙන් ලේකම්වරුන්ගෙන් ප්‍රශ්ණ කර ඇති අතර එහිදි නීෂා බිස්වාල් සදහන් කර ඇත්තේ තමන් ඇතුලු ඇමරිකානු රජය විශ්වාසය තබා ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි වන බවත් ඔහු බලය බෙදීම සදහා නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad