ලංකාවේ සිතියම වෙනස් වෙලාද බලන්න ගූගල් සිතියමෙන් ඡායාරූප ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 16, 2017

ලංකාවේ සිතියම වෙනස් වෙලාද බලන්න ගූගල් සිතියමෙන් ඡායාරූප ගනී

වඩාත් නිවැරදි ශ්‍රී ලංකා පරිපාලන සිතියමක් සකස් කිරීම සඳහා ගූගල් සිතියම ඇසුරින් සියලු ගම් සිතියම් යාවත් කිරීමට පියවර ගැනේ. ස්වාභාවික හේතු සහ වෙනත් හේතු පදනම් කරගෙන මේ වන විට ඇතැම් ග්‍රාම නිලධාරී වසම්වල සීමා මායිම් වෙනස් වී ඇති අතර ඒ හේතුවෙන් පැන නඟින පරිපාලන ගැටලු අවම කර වඩාත් නිවැරදි පරිපාලන සිතියමක් සකස් කර ගැනීම සඳහා මේ දිනවල ලංකාව පුරා සියලුම ග්‍රාම නිලධාරී වසම් ගම මට්ටමින් සිතියම් ගත කිරීම ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මැනුම්පති පී.එම්.පී උදයකාන්ත මහතා කියා සිටියේ දැනට පවතින ගම සිතියම් ගූගල් සිතියම සමඟ ක්‍ෂේත්‍ර පරීක්ෂණ ඇසුරින් සංසන්දනය කර මෙම නව සිතියම සකස් කරන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad