නව පක්ෂයකට සූදානම්: මහින්ද - බැසිල් සමග මන්ත්‍රීවරු හදිසි සාකච්ඡාවක  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 13, 2016

නව පක්ෂයකට සූදානම්: මහින්ද - බැසිල් සමග මන්ත්‍රීවරු හදිසි සාකච්ඡාවක 

නව පක්ෂයකට සූදානම්: මහින්ද - බැසිල් සමග මන්ත්‍රීවරු හදිසි සාකච්ඡාවක 
හිටපු ජනපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මන්ත්‍රී සංසඳය අතර විශේෂ සාකච්ජාවක් අද (13) බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි  කාර්යාලයේදී පැවති බව වාර්තා වේ.

මෙම සාකච්ඡාවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද සහභාගිවී තිබේ.  මේ අතර ඒ සදහා පැමිණ සිටින සියලුම මන්ත්‍රීවරුන් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු වෙනම දේශපාලන මතවාදයක් සමග නැවුම් ගමනක් වෙනුවෙන් නව පක්ෂයක් ආරම්භ කිරීමටත්, එයින් මැතිවරණයට ඉදිරිපත් වීමටත් සුදානම් බවද හිටපු ජනපතිවරයාට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

එළබෙන 28වැනිදා සිට 01 වැනිදා දක්වා ක්‍රියාත්මක වන පාද යාත්‍රාව සදහා එක් වීමටත් මෙහිදී තීරණය වී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad