සාලාව අවි ගබඩාව පිපිරීමේ රහස… ඇඟ කිලිපොලා යන විනාශයේ විශේෂ හෙළිදරව්ව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 13, 2016

සාලාව අවි ගබඩාව පිපිරීමේ රහස… ඇඟ කිලිපොලා යන විනාශයේ විශේෂ හෙළිදරව්ව

ලෝව බිහිසුනු ත්‍රස්තවාදීන් වසර දෙකකට අඩු කාලයකදි පරාජය කරමින් මවුබිමේ සදාකාලික විරයන් බවට පත්ව සිටින ත්‍රිවිධ හමුදාව මුදවා ගැනිමේ හමුදාවක් (Salvation Army)බවට පත්කිරිමේ මහා මෙහෙයුමේ දැවැන්තම අදියර පසුගිදා කොස්ගම ත්‍රිවිධ හමුදා ආයුධ ගබඩාව පුපුරුවා හැරිම හරහා සිදුකල යහපාලනය දැන් එම සත්‍ය රටේ ජනතාවට වසන් කිරිම සදහා සියලු පරික්ෂණ මෙහෙයවමින් සිටින බව අප අරක්ෂක තොරතුරු වාර්තාකරු අවස්ථා ගණනාවකදි අනාවරණය කළ අතර අවාසනාවකට රටේ සිදුවන නරිනාඩගම් හේතුවෙන් රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් අප කල අනාවරණයන් දින කිහිපයක කතාබහකින් පසුව කොස්ගම පස් යට යටකිරිම සදහා යහපාලනය ගත් උත්සහයන් අපි හොදින්ම දනී….

නමුත් …සත්‍ය කිසිදිනෙක සඟවා තැබිමට හැකියාවක් නැත එපමණක් නොව වගකිම් සහිතව වාර්තාකරණයේ යෙදේන lankanewsweb.today වෙබ් අඩවිය අද මේ කරණ අනාවරණය මේ රටේ භූමියට ආදරය කරන එදා නන්දිකඩාල් කලපුවෙන් 30වසරන බෙදුම්වාදී යුද්ධය අවසන් කල අපේ රණවිරුවන් වෙනුවෙන් සැබෑවටම පෙනී සිටින සැබෑ දේශප්‍රේමීහු රට හමුවේ තබනු ඇති බව අප උදක්ම විශ්වාසය කරමු.


මේ දිගු ලිපිය අවසානයේ අපි ඔබට ඉතා වැදගත් යමක් අනාවරණය කරමු. එනම් “X” අවි ගබඩාවට පිවිසීමට ප්‍රථම ඒ භාර ලුතිනන්වරයා විසින් ලබාදුන් අවි ගබඩාව සම්බන්ධ ඉන්වෙන්ට්‍රිය, තමන් වෙත ලබා දුන් ස්කෑනරයට නිෂ්පාදකයා විසින් යොදන ලද අංකය (Serial Number) සඳහන් ස්ටිකරය සහ තමන් විසින් තම “Pen Drive” වෙත ස්කෑනරය වෙතින් පිටපත් කරගන්නා ලද සියලු දත්ත පිපිරීමට පෙර සුරක්ෂිතව ඉවත් කරගැනීමටද රටින් බැහැර කර ගැනීමටද “X” සමත්වූ බවයි.

අනාගතයේදී නිසැකව බිහිවන, රටට සැබවින්ම ආදරය කරන රජයක් විසින් මේ ඛේදවාචකය පිලිබඳව පවත්වනු ලබන විධිමත් පරීක්ෂණයකදී සහ ඉන් පසුව සිදුකරනු ලබන නඩු විභාගයකදී රජයේ සාක්ෂිකරුවකු ලෙස “X”ද ඉහත කී ලේඛනයන්ද අතිශය වැදගත්ය.

සාලාව අවි ගබඩාව පිපිරීමේ කුමන්ත්‍රණයේ ඇතුල් කතාව lankanewsweb.today ආරක්ෂක තොරතුරු වාර්තාකරු:

CAMP01සාලාව පිපිරීම පිලිබඳව සහ ආරක්ෂක අමාත්‍යංශයේ නියෝගයෙන් එම පිපිරීම සිදුවූ දින දහවල එහි ඇතුලුවූ මේජර්වරයා පිළිබඳව අප අනාවරණය කරණ බවට අප ඔබට පොරොන්දුවී දැනට මාසයකට වැඩිය. නමුත් වගකිවයුතු වෙබ් අඩවියක් ලෙස ඔබ වෙත නර්මාලාප ඉදිරිපත් කිරීමේ හැකියාවක්ද අපට නොමැත. 


එබැවින් අපි මේ සම්බන්ධයෙන් ගවේෂණයක් කළෙමු. එහිදී අපට එක් වරක් විදේශ ගතවී දින දහයක කාලයක් ගතකිරීමට සිදුවූ අතර අප සොයාගත් කරුණු පිළිගත් ආරක්ෂක විශ්ලේෂකයන් වෙත ඉදිරිපත් කර සත්‍යබව තහවුරු කරගැනීමට සති දෙකකටත් වඩා ගතවිය. මේ දිගු ලිපියේදී බොහෝ චරිත සම්බන්ධයෙන් අප යොදනුයේ සංකේතයන්ය. ඒ අප ලද නීති උපදෙස් හේතුවෙනි. එසේම මේ සංකේත නාමයන් යොදාගැනීමේදී ඇතැම් පුද්ගලයන් හා සිද්ධීන් සම්බන්ධයෙන් අපි රළු හාස්‍ය මත පදනම්වූ ලේඛණ රීතියක් අනුගමනය කළෙමු. 

එය ඇතැම්විට ඔබ ගවේෂණයක් මත පදනම්වූ මැදිහත් වාර්තාකරණයකට බාධාවක් ලෙස දැකිය හැකිය. නමුත් මේ ඇතැම් සංකේතාත්මක යෙදුම් වලින් පිළිබිඹු වනුයේ මේ රටට සැබවින්ම ආදරය කරන අප ඒ යෙදුම් වලින් අදහස් කෙරෙන පුද්ගලයන් කෙරෙහි දක්වන හේතු සහගත විරෝධයයි. ප්‍රස්තුතගත කාරණය වෙත එළඹෙමින් පිපිරීම වූ දින දහවල කඳවුරට ඇතුලුවූ මේජර්වරයා පිළිබඳව හැඳින්වීමක යෙදීම වඩා යෝග්‍ය වේ. අපි දැනට ඔහු මේජර්“X”ලෙස හඳුන්වමු. 

ඔහුගේ නියම නම අප සතුව පවතිනමුත් එය අනාවරණය කිරීමට මේ අවස්ථාව නුසුදුසුය මක්නිසාද යත් අනාගතයේදී නිසැකව බිහිවන, රටට සැබවින්ම ආදරය කරන රජයක් විසින් මේ ඛේදවාචකය පිලිබඳව පවත්වනු ලබන විධිමත් පරීක්ෂණයකින් පසුව සිදුකරනු ලබන නඩු විභාගයකදී රජයේ සාක්ෂිකරුවකු ලෙස මේ පුද්ගලයා අත්‍යවශ්‍ය බැවිනි. මේජර් “X” 1990 දශකයේ මුල් භාගයේදී මහනුවර ඉහල මධ්‍යම පන්තික පවුලක උපත ලබනුයේ පවුලේ දෙවන දරුවා ලෙසය. 

ඔහුගේ පියා ප්‍රදේශයේ පිළිගත් වෘත්තිකයකු වූ අතර මව ගුරුවරියක් ලෙස සේවය කළ තැනැත්තියකි. ඔහුගේ වැඩිමල් සොහොයුරිය විවාහයෙන් පසු දැනට බටහිර යුරෝපා රටක වෛද්‍යවරියක් ලෙස සේවය කරයි. මේජර්“X”මහනුවර ඉහලම පාසැලකින් ගණිත අංශයෙන් උසස්පෙළ සමත්ව ශ්‍රී ලංකා යුධ හමුදාවට එක්වනුයේ 2000 දශකයේ මුල් භාගයේදීය. ඔහු තම බඳවාගැනීමේ කණ්ඩායමේ (Intake of Cadets) කැඩෙට් නිලධාරීන් අතරින් පළමුවැන්නා නොවුවත් මුල් පස්දෙනා අතරට එක්වීමට සමත් විය.

මෙම තත්වය ලබන කණිෂ්ඨ නිලධාරියකුට හිමිවන වරප්‍රසාදයක් වනුයේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ රෙජිමේන්තු අනුපිළිවලේ (Sri Lanka Army Order of Precedence) අංක එක සිට හතර දක්වා පිලිවෙලින් සඳහන් වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය (Sri Lanka Armoured Corps), ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව (Sri Lanka Artillery), ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව (Sri Lanka Engineers) සහ ශ්‍රී ලංකා සංඥා බලකාය (Sri Lanka Signal Corps) යන රෙජිමේන්තු වලින් එකකට බැඳීම සඳහා අයදුම් කිරීමේ වරප්‍රසාදයයි.


අප කථානායක “X” අයදුම් කරනුයේ ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව වෙත බැඳීම සඳහාය. මෙයට බලපෑ හේතු කිහිපයකි. x කුඩා කළ සිටම තාක්ෂණය කෙරෙහි දැඩි උනන්දුවකින් කටයුතු කළ අයෙකි. එසේම දැඩි උන්නතිකාමී (Ambisious) පුද්ගලයෙකි.ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව පාබල (Infantry) රෙජිමේන්තු නොවූවද වැඩිම යුද හමුදාපතිවරුන් පිරිසක් බිහිකර ඇත්තේ මෙම රෙජිමේන්තුය.


එවන් තත්වයක් යටතේ අප කථානායක “X” ශ්‍රී ලංකාවේ පරම වීර විභුෂණයට (PVW) සමාන වික්ටෝරියා කුරුසයෙන් (Victoria Cross) පිදුම් ලද ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකිකයා වන පළමු ලෝක සංග්‍රාමයේදී මියගිය ලුතිනන් බැසිල් ආතර් හොස්ෆොල් VC (Basil Arthur Horsfall VC †) බිහිකළ ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවට බැඳීම අරුමයක් නොවේ. තනි තරුවේ දෙවන ලුතිනන්වරයකු ලෙස අධිකාරිය ලබා ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවට එක්වන “X” එම රෙජිමේන්තුවේ නැගී එන දීප්තිමත් තරුවක් බවට පත්වීමට ගතවනුයේ සුළු කලකි. 


ගණිත, රසායන සහ භෞතික විද්‍යා විෂයයන් පිලිබඳ සහජ දක්ෂතාවය සහ සුපිරි ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට ඇති හැකියාව මේ සඳහා ඔහුට බෙහෙවින් ඉවහල්විය. මෙම “X” අපොස උසස් පෙළ අභියස බිඳවැටුණු තම ප්‍රථම ප්‍රේමය නොවන්නට අද අපට හමුවිය හැකිව තිබුනේ නිසැකව අවම වශයෙන් විශ්ව විද්‍යාලීය ආචාර්යවරයකු ලෙසය.CAMP0000 (6)
මේ “X” තම රෙජිමේන්තුව තුළදී දැඩි උනන්දුවකින් කටයුතුකළ විෂය ක්ෂේත්‍රය නම් පුපුරන ද්‍රව්‍යයයි. 


ඇතැම්විට එයට හේතුව විය හැක්කේ මේ විෂය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ එවකට විශේෂඥයන් වූ පොලිස් විශේෂ බලකායේ ජේෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා සහ ගුවන් කොමදෝරු ආනන්ද “X”ගේ පවුලේ මිත්‍රයන් වීමය. මේ උනන්දුවේ සහ කැපවීමේ ප්‍රතිපලය නම් පුපුරන ද්‍රව්‍ය විෂය සම්බන්ධයෙන් වැඩිදුර විදේශපුහුණුව ලබා දියයුතු හොඳම කනිෂ්ඨ නිලධාරියා ලෙස ඉහල නිලධාරීන් විසින් “X”තෝරාගනු ලැබීමයි. 

මේ විශේෂඥ පුහුණුව සඳහා “X” විදේශ රටවල් 05 ක් වෙත විටින් විට යැවුණු අතර ඒ කිසිදු විස්තරයක් අප ඔබ වෙත අනාවරණය නොකරනුයේ එමගින් “X” ගේ නම වැඩි අපහසුවකින් තොරව අවශ්‍යතාවය ඇත්තෙකුට අනාවරණය කරගතහැකි බැවිනි. දැන් අපි සාලාව කඳවුර වෙත අවධානය යොමු කරමු. ප්‍රදේශවාසීන්ගේ බලවත් විරෝධතා මත එහි ප්‍රථමයෙන්ම මහා පරිමාණයෙන් අවි ගබඩාකිරීම සිදුවූයේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිව සිටි සමයේදීය. 

මේ අවි ගබඩාව මෙම ස්ථානයේ පිහිටා තිබීමේ අනතුර පිළිබඳව ප්‍රථමයෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝ‌ඨභය රාජපක්ෂ මහතා දැනුවත් කළේ දැනට ටික කලකට පෙර යුධ හමුදාවෙන් විශ්‍රාමලත් මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා විසිනි. ඒ විජයග්‍රාහී මාවිල්ආරු මෙහෙයුමේදී සහ නැගෙනහිර මුදාගැනීමේ මෙහෙයුමේදී,ඒ මෙහෙයුම් වලටඑවකට කර්නල් වරයකුව සිටිමින් විශේෂ බලකා සේනාංකාධිපති ලෙස මහත්වූ දායකවූ ඔහු එවකට යුධ හමුදපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකාගේ පළිගැනීමකට ලක්ව සාලාව කඳවුරට අනුයුක්ත කරසිටි අවදියේදීය. 

ඒ අනුව වහා ක්‍රියාත්මකවූ ආරක්ෂක ලේකම්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි අවි ගබඩාව වෙත සියලු ආරක්ෂණ විදිවිධාන යොදන ලද අතර බර අවි උණ්ඩ සැලකිය යුතු ප්‍රමාණයක් වෙනත් කඳවුරු වෙත යවන ලදී. දෙවනුව ආරක්ෂක ලේකම්වරයාගේ සැලසුමවූයේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු අවි ගබඩා 09 ක් දිවයිනේ පළාත් 09 ආවරණය වන පරිදි අඩු ජන ඝනත්වයෙන් යුතු ආරක්‍ෂිත ප්‍රදේශවල පිහිටු වීමයි. 

ඒ සඳහා විධිමත් ලෙස මනා හැකියාවෙන් යුතු දේශීය ඉදිකිරීමේ සමාගමක් තෝරාගැනුණු අතර එහි සභාපතිවරයා වූයේද හිටපු හමුදා නිලධාරියෙකි. නමුත් මේ සැලසුමට යම් ඉහලම හමුදා ප්‍රධානියකු විසින් බාධා කළ අතර පැවති යුද වාතාවරණය හමුවේ ඒ ඉහලම හමුදා ප්‍රධානියාගේ සේවය අත්‍යවශ්‍ය වන තත්වයක් යටතේදී ආරක්ෂක ලේකම්වරයාටද කළහැකි වෙනත් යමක් නොවීය.

(මේ සිද්ධිය පිලිබඳ සවිස්තරාත්මක වාර්තාකරණයක් අපි වෙනත් ලිපියකින් ඔබ වෙත ගෙන එමු.) දැන් අපි නැවත අප කථානායක“X” වෙත නෙත් යොමුකරමු. මේජර් “X” ආරක්ෂක අමාත්‍යයංශයට යටතේ ක්‍රියාත්මක වන සහ එම අමාත්‍යයංශ පරිශ්‍රයෙන් බාහිරව පිහිටා ඇති යම් අංශයක් වෙත අනුයුක්ත කෙරෙනුයේ සාලාව පිපිරීමට සති දෙකකට ප්‍රථමයෙනි. 

(ඒ අංශය පිලිබඳ තොරතුරු හෙළිවීම ජාතික ආරක්ෂාව කෙරෙහි ඉතා අහිතකර ලෙස බලපෑ හැකි බැවින් අපි ඒ පිලිබඳ වැඩිමනත් තොරතුරු හෙළි කිරීමෙන් වළකිමු.මේ අංශයේ නිලධාරීන් තම රාජකාරි සිදුකරනුයේ සිවිල් ඇඳුමින් සැරසෙමිනි) එයට අනුයුක්ත මේජර් “X”ට පැවරුණු කාර්යය ලෙස නාමිකව සඳහන්වනුයේ යුධ හමුදා සම්බන්ධිකරණයයි.

නමුත් මේජර් “X” ට පිරිනැමුනු තනතුරක්ද නොමැත. සාමාන්‍ය යුධ හමුදා සම්ප්‍රදායනම් මේජර් තනතුර සහ ඉන් ඉහල නිල දරණ නිලධාරීන් යම් තනතුරක පිහිටවීමයි. උදාහරණ ලෙස දෙවන අණදෙන නිලධාරී ( 2IC ), බලසේනා ලේකම් වැනි තනතුරු දරණ මේජර්වරුන් දැක්විය හැකිය. එසේම යුද්ධයක් නොපවතින වටපිටාවක් තුළ පුපුරණ ද්‍රව්‍ය පිලිබඳ විශේෂඥ දැනුමකින් යුතු හමුදා නිලධාරියකු ආරක්ෂක අමාත්‍යයංශයට අනුයුක්ත කිරීමට විශේෂ හේතුවක්ද නොමැත.


තමන්ට හිමි තනතුර පිළිබඳව තම ඉහල නිලධාරීන්ගෙන් විමසූ “X” ට ලැබෙන පිලිතුරනම් ළඟදීම ශ්‍රී ලංකා යුධ හමුදාව වෙත ලැබෙන එක්සත් ජාතීන්ගේ දකුණු සුඩාන සාම සාධක හමුදා මෙහෙවරකට “X” ව අනුයුක්ත කරවීමට නියමිත බවත් දකුණු සුඩානයේ පිහිටුවනු ලබන නීති විරෝධී පුපුරණ ද්‍රව්‍ය දකුණු සුඩානය වෙත ගෙන ඒම සහ භාවිතය වැළක්වීමේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා කාර්ය සාධක බලකායක් වෙත ඔහු අනුයුක්ත කෙරෙනු ඇති බවත්ය.


ARMY_COMANNEWආරක්ෂක අමාත්‍යයංශය තුළදී “X”වෙත නිශ්චිත කාර්යභාරයක් නොපවැරෙන අතර සාමාන්‍යයෙන් මේජර්වරයකුට නොලැබෙන ස්වභාවයේ කාර්යාලයක් “X” ට ලැබුණු අතර ආරක්ෂක අමාත්‍යයංශයට අයත් මෝටර් රථයක්ද භාවිතය සඳහා ඔහු වෙත ලැබිණි. මෙසේ සාමාන්‍ය පරිදි කාලය ගෙවී යනුයේ කිසිදු විශේෂ සිදුවීමකට ඉඩ නොතබමිනි.


පසුගිය ජුනි මස පළමු සිකුරාදා දින එනම් 2016.06.04 වන දින මේජර් “X” සුපුරුදු පරිදි සේවයට වාර්තා කළ අතර පෙරවරු 10.30 ට ඔහු වෙත ලැබෙන පණිවුඩය නම් ආරක්ෂක අමාත්‍යයංශයේ යම් විශේෂ ස්ථානයකදී පෙරවරු 11.15 ට පවත්වනු ලබන හදිසි රැස්වීමක් සඳහා ඔහු සහභාගී වියයුතු බවයි. මේ විශේෂ ස්ථානය අප අනාවරණය නොකරන්නේ ඒ පිලිබඳ තොරතුරු හෙළිවීම ජාතික ආරක්ෂාව කෙරෙහි දැඩි ලෙස අහිතකර ලෙස බලපෑ හැකි බැවිනි.


සාමාන්‍යයෙන් මෙම ස්ථානයේ පවත්වනු ලබන රැස්වීම් සඳහා සහභාගිවනුයේ බ්‍රිගේඩියර් නිලයෙන් ඉහල හමුදා නිලධාරීන් පමණි. නමුත් ඊනියා සටන් විරාම සමයේ කොටි ත්‍රස්තවාදීන් අතින් ඝාතනයට ලක්වූ මේජර් මුතාලිෆ් සහ ලුතිනන් කර්නල් මීඩින් යන නිලධාරීන් මෙම ස්ථානයේ පැවති රැස්වීම් සඳහා සහභාගී වී ඇති නමුත් ඒ සහභාගීවී ඇත්තේ සන්නද්ධ බුද්ධි බලකා අණදෙන නිලධාරීන් ලෙසය. එම කරුණ සැලකිල්ලට ගැනීමේදී ඉහත ස්ථානයේ පැවති රැස්වීමකට සහභාගිවූ තනතුරින්

අණදෙන නිලධාරියකු නොවන සහ නිළයෙන් මේජර්වරයකු වන එකම නිලධාරියා ලෙස මේජර් “X” ඉතිහාසයට එක්වෙයි. ලද නියෝගය පරිදි ස්ථානයට වාර්තා කළ මේජර්“X”බලාපොරොත්තු වූයේ ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දකුණු සුඩාන සාම සාධක හමුදා මෙහෙයුම පිලිබඳ රැස්වීමකි.


නමුත් මේ රැස්වීම ආරම්භ වූයේ රටකසන්නද්ධ හමුදාසේවයේදී ජීවිතාන්තය දක්වා විශ්‍රාම නොගන්නා ලෙස සැලකෙන නිලයකට අයත් අයත් (මෙම ගෞරවාන්විතනිලය සම්ප්‍රදායිකව නමට මුලින් යෙදෙනුයේ එම නිලය තමන් වෙත තමන් විසින්ම පිළිගන්වාගත් “ෆීල්ඩ් මාර්ෂල් ඉඩි අමින්” හෝ එයට බොහෝ සෙයින් සමාන වෙමින් “ෆීල්ඩ් මාර්ෂල්” කම් පිනට හිඟාකාගත් අය සඳහා නොවන අතර රුසියානු ෆීල්ඩ් මාර්ෂල් ජෝර්ජි ෂුකොව්, බ්‍රිතාන්‍ය ෆීල්ඩ් මාර්ෂල් බර්නාඩ් මොන්ට්ගොමරි, ජර්මානු ෆීල්ඩ් මාර්ෂල් අර්වින් රොමෙල් සහ ඉන්දියානු ෆීල්ඩ් මාර්ෂල් සෑම් මනික්ෂෝව් වැනි ඉතිහාසගත සැබෑ යුධ විරුවන් සම්බන්ධයෙනි) පුද්ගලයකුගේ ප්‍රධානත්වයෙනි. 

මෙම නිලධාරියා අපි “K = ක.” ලෙස හඳුන්වමු (ඒ ඔහු විසින් අතිශයින් ප්‍රිය කරන නිශාචර සිවුපාවෙකු ගේ නාමයේ මුල් අකුරයි.).“K = ක.” ගේ දකුණු පසින් අසුන් ගෙන සිටියේ කුමන්ත්‍රණ සහ දූෂණ චෝදනාමත පසුගිය කාලයේ යුධ සේවයෙන් අනිවාර්යෙන් විශ්‍රාම ගන්වන ලද, “යහපාලන” රජය යටතේ නැවත යුද හමුදා සේවයට එක්වුණු දැනට හමුදාපති ධූරයට කෙළ හලමින් අතිශය සංවේදී කලාපයක් භාරව සිටින “තරු දෙකේ” තැනැත්තෙකි ඔහුගේ පෙළපත් නාමය “සේනාවකට නායකත්වය දෙන” යන්නට සමාන තේරුමක් දෙන නමුත් බොහෝ දෙනා නොදන්නා දෙයක් ඇත. 

එනම් පෙළපත් ඒ පෙළපත් නමේ මුල් කොටසයි. එය අතීතයේ දී දේශයට ද්‍රෝහී වූ ඔහුගේ මී මුත්තෙකුහට පෘතුගීසි යටත් විජිතවාදීන්ගෙන් ලද දායාදයකි. මෙහි අපූර්වත්වය නම් ඒ පෘතුගීසි නාමය සහ ඒ පරපුරේ නිජබිම වන නගරය අතීතයේ දී ප්‍රසිද්ධියට පත්කළ පළතුර “මැ” යන්නෙන් ආරම්භ වීමය. එබැවින් අපි ඔහු “M” ලෙස හඳුන්වමු.
සයකන් මන්ත්‍රණයක් වූ මේ රැස්වීම ඇරඹුණේ ඉතා සුහද සාමාන්‍ය කතාබහෙනි. කටගැස්ම ලෙස “කැවියාර්” (මාළු බිත්තර වලින් සකසන ඉතා මිල අධික ආහාරයකි) සහිතව “ද්විත්ව කළු ලේබල් විස්කි” දෙවන වටයෙන් පසු “K = ක.”ප්‍රධාන මාතෘකාවට පිවිසියේය.


එය “X” වෙත කෙරුණු නියෝගයක් වුවද ඉදිරිපත් කෙරුණේ අතිශය මිත්‍රශීලීවය. “K = ක.”විසින් ප්‍රථමයෙන් මේජර්“X”වෙත පවසා සිටියේ “සේනාධිනායකයා” විසින් තමන් වෙත අතිශයින් රහසිගත කාර්යයක් පවරා ඇති බවත් “X”පිලිබඳ සියලු අතීත වාර්තා තමන් කියවා බැලූවිට මේ කාර්යයේ දී තමන්ට සහය වියයුතු ප්‍රධාන පුද්ගලයකු ලෙස තමන් විසින්“X”තෝරාගෙන ඇති බවත්ය.


තුන්වන විස්කි වටයත් සමග “K = ක.”තමන්වෙත පැවරුණු කාර්යය සහ “X” විසින් සිදුකළ යුතු කාර්යය පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කළේය. ඒ අනුව “X” , 2016.06.05 වන දින එනම් ඉරිදා දින දහවල නිළ ඇඳුමින් සැරසී සාලාව කඳවුර වෙත වාර්තා කර එහි අවි ගබඩාවේ බර අවි උණ්ඩ ගබඩා කරඇති අංශපරීක්ෂාකර එහි ගබඩාකර ඇති උණ්ඩ නැවත චීනයේ නොරින්කෝ (Norinco) සමාගම වෙත නැවත නැව්ගත කිරීමකට සුදුසු තත්වයක් තිබේද යන්න පිළිබඳව රහසිගතව “K = ක.”වෙත වාර්තා කළ යුතුය.


එහිදී මේජර් “X”ගේ පිළිතුර වී ඇත්තේ තමන්ට එය කළ හැකි වුවත් සාමාන්‍ය යුධ හමුදා පිළිවෙල අනුව මේ වාර්තාව සැපයිය යුත්තේ යුද්ධෝපකරණ බලකායට (Ordnance Corps) අයත් උණ්ඩ පිලිබඳ තාක්ෂණ නිලධාරියකු (Ammunition Technical Officer) විසින් බවත් තමන් ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව අයත් නිලධාරියකු බවත්ය.
පිළිතුරු වශයෙන් “K = ක.”පවසා ඇත්තේ දැනටමත් තම එම බලකාය වෙතින් වාර්තාවක් ලබාගෙන ඇති බවත් ඒ වාර්තාවට අනුව බොහෝ උණ්ඩචීනයේ නොරින්කෝ සමාගම වෙත නැවත නැව්ගත කිරීමකට සුදුසු තත්වයක නොමැති බවට එහි දැක්වෙන බවත් තමන්ට ලැබුණු තොරතුරු අනුව මෙය යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුලු ඉහළ නිලධාරීන් පිරිසකගේ කුමන්ත්‍රණයක් බවත් එහි නින්දිත සැලැස්ම නම්භාවිතයට ගතහැකි තත්වයේ පවතින මේ උණ්ඩ විනාශකර ඒවා නැවත නොරින්කෝ සමාගම වෙත අලෙවි කිරීමෙන් රජයට ලැබියහැකි දැවැන්ත අදායම අහිමි කිරීමේ උත්සාහයක් සහ පසුව නව උණ්ඩ මිලදී ගැනීමේදී දැවැන්ත කොමිස් මුදලක් ලබාගැනීමේ උත්සාහයක් බවත්ය.


එසේම “K = ක.”අවධාරණය කර ඇත්තේ චීනයේ සහ ඊශ්‍රායලය ඇතුලු විදේශ රටවල් රැසක පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව විශේෂඥ පුහුණුව ලද “X”ගේ දැනුම යුද්ධෝපකරණ බලකායට අයත් උණ්ඩ පිලිබඳ තාක්ෂණ නිලධාරියකුගේ දැනුමට වඩා විශිෂ්ඨ බව තමා හොඳින් දන්නා බවත් යුධ හමුදාව තුළ සිටින පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයකු ලෙස “X”, යුධ සමයේදී ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය මන්නාරම සහ නොච්චියාගම කඳවුරු වලදීත්, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව වෙත පනාගොඩ සහ මින්නේරිය කඳවුරු වලදීත් ශ්‍රී ලංකා කොමාන්ඩෝ රෙජිමේන්තුවට කුඩාඔය සහ ගනේමුල්ල කඳවුරු වලදීත් ශ්‍රී ලංකා විශේෂ බලකා රෙජිමේන්තුවට නාඋල කඳවුරේ දීත් ලබාදුන් දැනුම සහ පුහුණුව තමා ඉතා අගය කළ බවත් යුද්ධය අවසාන වීමෙන් පසු “X”ව මේජර්වරයකු ලෙස උසස් කිරීමේදී තමන් ඒ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වූ බවත්ය. කොටි බුද්ධි අංශයේ නියෝජ්‍ය ප්‍රධානියා වූ එමෙන්ම කොටි සංවිධානයේ පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයකුවූ චාල්ස් ඝාතනයට අවශ්‍යවූඅධිබල ක්ලේමෝ බෝම්බ වැල දිගුදුර විහිදුම් බලකාය වෙත නිර්මාණය කර දුන්නේ එවකට කපිතාන්වරයකු වූ “X”ය.


ඉන් ඉක්බිතිව“K = ක.”පවසා ඇත්තේ මේ උණ්ඩ පරීක්ෂාව සඳහා ඇමරිකා එක්සත් ජනපදයෙන් විශේෂ ස්කෑනර් යන්ත්‍රයක් ගෙන්වා ඇති අතර ඉන් උණ්ඩ කොපුවේ ලෝහ විඩාව (Metal Fatigue), උණ්ඩ අභ්‍යන්තරයේ ඇති ෆියුස් (fuse), චාර්ජරයන් (chagers) සහ පුපුරණ ද්‍රව්‍යයන්ගේ ස්වභාවය ඇතුලු සියලු වැදගත් දේ පරීක්ෂාකළ හැකි බවත්ය. නමුත් “X”ගේ මතය වූයේ තමන්ට මේ ස්කෑනරය භාවිතයට හුරුවීම සඳහා යම් කාලයක් අවශ්‍ය බවත් තම රෙජිමේන්තුව සතු ස්කෑනර් යන්ත්‍රයක් මේ සඳහා ලබාගත හැකිනම් ඉරිදා දින ඉතා පහසුවෙන් මේ කාර්යය සිදුකළ හැකි බවත්ය.


එම අවස්තාවේදී “K = ක.”ප්‍රකාශ කර ඇත්තේ ඉංජිනේරු රෙජිමේන්තුවට අයත් ස්කෑනර් යන්ත්‍රයක් මේ අවස්ථාවේදී ලබාගතහොත් එය එම රෙජිමේන්තුවේ සිටි නිලධාරියකු වන යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වෙත සැලවිය හැකි බවත් එවිට පෙර සඳහන් කළ ජාවාරමේ ප්‍රධානියකු වන ඔහුට තම සැලැස්ම පිළිබඳව ඉව වැටී එය අසාර්ථක කිරීමට අවශ්‍ය සියලු දේ කරනු ඇති බවත්ය.


මෙහිදී සාකච්චාවට සහභාගිවූ “M” පවසා ඇත්තේ ඉංජිනේරු රෙජිමේන්තුව මෙවැනි කාර්යයන් සඳහා භාවිතා කරන චීනයෙන් ගෙන්වනලද ස්කෑනරය ඇමරිකා එක්සත් ජනපදයෙන් ගෙන්වා ඇති ස්කෑනරයේ කාබන් පිටපතක් බවත් විනාඩි කිහිපයක් තුළ “X”ට මෙය භාවිතය සඳහා හුරුවිය හැකි බවත් හෙට දින එනම් සෙනසුරාදා දින මේ පුහුණුව සඳහා අවශ්‍ය පහසුකම් ආරක්ෂක අමාත්‍යයංශය තුළදී තමන් විසින් සලසනු ඇති බවත්ය. එය මනා ප්‍රායෝගික විසඳුමක් බැවින් “X”එයට එකඟ විය.


මේ කතාබහ අතරතුර තුන්වන විස්කි වඩියත් අහවරවී සිව්වෙනි විස්කි වඩියද උගුරු තෙමමින් තිබුණු අතර ඒ දුටු “K = ක.”තම ආරක්ෂක නිලධාරියකු කැඳවා රාත්‍රී ආහාරය සුදානම් කරන ලෙස නියෝග කළේය. සිව්වෙනි විස්කි වඩියේ මැද භාගයේ සිට නැවත සුහද පිළිසඳර ආරම්භවිය.
සිව්වෙනි විස්කි වඩියේ අවසානයත් සමග රාත්‍රී භෝජනය සූදානම් බවට කෙරුණු දැනුම්දීමකින් පසු පිරිස පියනැගුවේ භෝජනාගාරය වෙතය. 


එහි මේසය තිදෙනෙකු වෙනුවෙන් සකස්වී තිබුණු අතර එය කින්ස්බරි හෝටලයෙන් ඇනවුම් කරනලද පලහන ලද බැටළු මසින්, ගව මසින් සහ අනෙකුත් සියල්ලෙන් සමන්විත නියම නැගෙනහිර යුරෝපියානු රාත්‍රී භෝජනයකි. මේසය මැද අනුපාන ලෙස ශීත කළ හංගේරියානු ටොකේ වයින් (Tokeji Wine) බෝතලයකි. අඩුවක් නැතුව සප්පායම් වූ පිරිස සතුටු සිතින් විසිර ගියහ.

ඉනික්බිතිව එළඹෙනුයේ සෙනසුරාදා දිනයයි. පෙරදින “M” වෙතින් ලද උපදෙස් අනුව “X”පිවිසෙනුයේ ආරක්ෂක අමාත්‍යයංශය තුළ පිහිටා ඇති සුවිශේෂ අංශයකටය. (පැවති යුධ සමයේදී මේ අංශය සුවිශේෂ කාර්යභාරයක් ඉටුකළ අතර ජාතික ආරක්ෂාවේ නාමයෙන් අපි ඒ පිළිබඳව වැඩිදුරටත් හෙළිදරව් නොකරමු.) 


“M” තම පොරොන්දුව අකුරටම ඉටුකර තිබූ අතර ඇමරිකා එක්සත් ජනපදයෙන් ගෙන්වූ විශේෂ ස්කෑනර් යන්ත්‍රය සහ පරීක්ෂාවට අවශ්‍ය විවිධ වයස් කාණ්ඩයන්ට අයත් බර අවි උණ්ඩ සාම්පල සපයා තිබිණි. දැන් අපි මේ ලිපියේ මතු සඳහන් කෙරෙන ඉතා වැදගත් කරුණු අවබෝධ කරගැනීම පිණිස මේ ස්කෑනරය පිලිබඳ යම් අධ්‍යයනයක යෙදෙමු. මේ ස්කෑනරය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විතය. 

ඒ නිරීක්ෂණයට ලක් කරන දේ වෙත යොමු කරන අඩි 10 ක් දක්වා දිගු කළහැකි (Telescopic) ස්වභාවයේ දණ්ඩ (Rod) සහ එය සම්බන්ධ කළහැකි, එමගින් ලබාගන්නා දත්ත නිරීක්ෂණය සහ ගබඩා කළහැකි ලැප්ටොප් පරිගණකයක් වැනි කොටසයි.මේ කොටසේ විශේෂත්වය නම් එහි ආරක්ෂාව සඳහා වන අවශ්‍ය අවස්ථාවකදී ඉවත් කළහැකි බ්‍රීෆ් කේසයක් බඳු කොටසය.

එසේම මේ ස්කෑනරය පහසුවෙන් ඒ මත භාවිතා කිරීමට හැකි ඇකිලිය හැකි ඇලුමිනියම් වලින් සකස්කළ රෝද සවිකළ මේසයක් බඳු කොටසක්ද ස්කෑනරයේ බැටරි නැවත ආරෝපණය කළහැකි චාජරයද ඇතුළුව මේ සියලු කොටස් ඒ තුළ ගබඩා කර පහසුවෙන් ප්‍රවාහනය කළහැකි ට්‍රොලි බෑගයක් වැනි බහාලුමක්ද මේ ස්කෑනරය සමග සැපයෙයි. 

දෙවනුව අප අවධානය යොමු කළ යුත්තේ මේ ස්කෑනරයේ බලශක්ති සැපයුම වෙතය. ඒ සඳහා වන බැටරි 02 කි. පළමු බැටරිය ආධාරයෙන් සාමාන්‍යයෙන් ස්කෑනරය පැය 05 ක් පමණ ක්‍රියාත්මක කළ හැකි අතර එහි ශක්තිය හීනවීමත් සමග ස්කෑනරය දෙවන බැටරියෙන් බලය ලබාගැනීමට ස්වයංක්‍රීයව යොමුවී මොනිටරයේ ඇති සංඥා ක්‍රමයක් මගින් පළමු බැටරිය යලි පිටතට ගෙන ආරෝපණය කළ යුතු බව දක්වයි.

ඉහත සඳහන් කළ අංශය තුළ ස්කෑනරය ක්‍රියාත්මක කළ “X”ට පෙරදින “M” ස්කෑනරය සම්බන්ධයෙන් පැවසූ සියල්ල සත්‍ය බවට වැටහීමට ගතවූයේ විනාඩි කිහිපයකි. සැබවින්ම “X”ට හුරුපුරුදු චීන ස්කෑනරය මෙම ඇමරිකා එක්සත් ජනපද ස්කෑනරයේ කාබන් පිටපතකි. යම් වෙනසකට වූයේ මේ ස්කෑනරයේ මොනිටරය සහ යතුරු පුවරුව සහිත කොටස අඩංගු බ්‍රීෆ් කේසයක් බඳු පෙට්ටියේ යට කොටස තරමක් ගැඹුරින් වැඩිවීම පමණි. 


ස්කෑනරය මගින් පැය භාගයක් පමණ තුළ උණ්ඩ පරීක්ෂාවේ යෙදුනු “X”, ස්කෑනරය සහ එය උපයෝගීත්වයෙන් ලද ප්‍රතිපල පිළිබඳව සෑහීමකට පත්වූ අතර ලද සාර්ථක ප්‍රතිපල පිළිබඳව ජංගම දුරකථනය මගින් “M” දැනුවත් කළේය. ප්‍රතිචාර ලෙස “M”, “X”ට පවසා සිටියේ පසුදින එනම් ඉරිදා උදෑසන “X”මේ විශේෂ අංශයට පැමිණීම අනවශ්‍ය බවත් තමන් විසින් ස්කෑනරය “x” ගේ කාර්යාලය වෙත ලැබීමට සලස්වන බවත්ය.

“X”එම අවස්ථාවේදී තම ගමන් නියෝගය (Marching Order) පිළිබඳව “M” වෙතින් විමසා ඇත. ගමන් නියෝගය යනු යම් සන්නද්ධහමුදා සාමාජිකයකු හෝ සන්නද්ධහමුදා පුද්ගල කණ්ඩායමක් තමන් සාමාන්‍යයෙන් රාජකාරියේ යෙදෙන කඳවුරකින් බැහැරව වෙනත් ස්ථානයකට ගොස් සිදුකළයුතු කාර්යයක් සම්බන්ධයෙන් එම කාර්යය ඉටුකිරීම පිළිබඳව නියෝග කළ නිලධාරියා විසින් ඔවුන් වෙත නිකුත් කරන ලිඛිත නියෝගයයි.


මෙය අතිශය වැදගත් සහ සිදුකළයුතු කාර්යයන් පිලිබඳ සවිස්තරාත්මක නියෝගයක් වන අතර ඉහතකී ස්ථානය හමුදා කඳවුරක් වන අවස්ථාවකදී ඉහත සඳහන්කළ සන්නද්ධහමුදා සාමාජිකයා හෝ සන්නද්ධහමුදා පුද්ගල කණ්ඩායමේ ප්‍රධානියා එම කඳවුරේ ප්‍රධානියා වෙත එම නියෝගය ඉදිරිපත් කළ යුතුය. 


එවැනි අවස්ථාවකදී එම ප්‍රධානියාද ගමන් නියෝගයේ සඳහන් දේ සඳහා තම උපරිම සහයෝගය ලදාදිය යුතුය.
නමුත් දිගුදුර විහිදුම් බලකා මෙහයුමක් වැනි මෙහෙයුමකදී ගමන් නියෝගය එම මෙහෙයුමේ සාමාජිකයන් අතට පත් නොකරණ අතර කියවා අවබෝධ කරවීමක් පමණක් සිදුකරයි. මේ නියෝගය කොතරම් වැදගත්දැයි ඔබට පහත උදාහරණයෙන් පැහැදිලි වනු ඇත.



වසර 2000 දී කොටි ත්‍රස්තවාදීන් විසින් අලිමංකඩ යුද හමුදා කඳවුර වටලමින් පවතිද්දී එවතට යාපනය භාරව සිටි මේජර් ජෙනරාල් ජානක පෙරේරා සහ මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියට යෝජනා කර සිටියේ අලිමංකඩ අතහැර පසුබැසීමයි. එයට ඇගේ අනුමැතිය පළවුණු අතර පසුබැසීමේ නියෝගය ලිඛිතව අලිමංකඩ කඳවුර භාරව සිටි බ්‍රිගේඩියර් එගොඩවෙල වෙත යැවීමේ වගකීම පැවරුණේ එවකට යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී (පසුව යුධ හමුදාපති) මේජර් ජෙනරාල් ලයනල් බලගල්ල වෙතය.

නමුත් අලිමංකඩ යුද හමුදා කඳවුර වටලමින් පැවති තත්වයක් තුළ අවම තරමින් කොමාන්ඩෝ සෙබලුන්වත් යොදා ගනිමින් මේ කාර්යය ඉටු කිරීමට බලගල්ල කොතෙක් උත්සාහ දැරුවද අපොහොසත් විය. ඉන් පසු මෙම නියෝගය එගොඩවෙල වෙත ෆැක්ස් මගින් යැවුණු අතර එය ලද ඔහු බලගල්ල හා දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ෆැක්ස් පණිවිඩයේ අඩංගු සියලු සියලු නියෝග පිළිබඳව පැහැදිලිකරගන්නා ලදී. 


එම අවස්ථාවේදී එගොඩවෙල ලද ප්‍රථම උපදෙස වූයේ ප්‍රථමයෙන්ම ෆැක්ස් පණිවිඩය විනාශ කළයුතුය යන්නයි. එසේම මුල් පිටපත බලගල්ල විසින් අධි ආරක්‍ෂිතව තබාගන්නා ලද අතර අදට ද එය යුධ හමුදා මූලස්ථානය සතුව පවතී. දිගුදුර විහිදුම් බලකා මෙහෙයුමකදී හෝ වෙනත් අතිශය රහසිගත මෙහෙයුමකදී ද නියෝගය ලිඛිත විය යුතු අතර එය අධි ආරක්‍ෂිතව තබා ගතයුතුය.

නැවත අපි “X”සහ “M” අතරවූ සංවාදයට කෙරෙහි අවධානය යොමුකරමු. “M” පවසා සිටියේ ඔහු සතුව “X”ගේ ගමන් නියෝගය ඇති බවත් අප විසින් ඉහත සඳහන් කළ පරිදි රහසිගත මෙහෙයුම් සම්බන්ධයෙන් වන යුධ හමුදා සම්ප්‍රදාය මෙහිදීද අනුගමනය කෙරෙන නිසා තමන් විසින් නියෝගය “X”වෙත කියවා අවබෝධ කරදීම දීම ප්‍රමාණවත් බවත් කඳවුරට ඇතුල්වීමේදී ප්‍රථමයෙන් හමුවන ප්‍රධාන ගේට්ටුවේ සිට (Main Entry Point – MEP) සිට අවි ගබඩාවේ අවසන් දොරටුව වන එය භාර ලත් ජේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියාගේ (Senior Warrant Officer) පාලනයට යටත් දොරටුවද පසුකර අවි ගබඩාවට ඇතුලුවීමේ අවසරය “X”ට ලැබෙන බවත්ය. 


එසේම “M” විසින් ගමන් නියෝගය “X”වෙත කියවාදෙන අතර ලද “K” පෙර දින සඳහන් කළ පරිදිම “X”ගේ කාර්යය එහි නිශ්චිතව සඳහන් කර තිබිණි.යම් විශේෂත්වයක් වූයේ ඉරිදා දිනය පුරාවටම “X” තම ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර තබාගත යුතුය යන නියෝගයද එහි අඩංගු වීමයි.

ඉනික්බිතිව උදාවනුයේ දෛවෝපගත ජූනි මස පස්වරු ඉරුදිනය. තමන් ලද නියෝගය ප්‍රකාරව “X”පෙරවරු 9.00 ට පමණ නිල ඇඳුමින් සැරසී තම කාර්යාලය වෙත වාර්තා කළ අතර “X”ගේ කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ පහත මහලේ ලොබියේ රාජකාරියේ නියුතු මාණ්ඩලික සැරයන්වරයා පවසා සිටියේ “X”වෙත ඉංජිනේරු රෙජිමෙන්තුවෙන් උදෑසන ලැබුණු ට්‍රොලි බෑගයක් තමන් විසින් “X”ගේ කාර්යාලය පිහිටි මහල භාර කෝප්‍රල්වරයාවෙත භාරදී එය “X”ගේ කාර්යාලයේ තබන ලෙස තමන් පවසා සිටි බවයි.


තම කාර්යාලයට පිවිසි “X”දුටුවේ, “M” පොරොන්දු ප්‍රකාරව ස්කෑනරය “X”ගේ කාර්යාලය වෙත එවා ඇති බවයි. ගමන් නියෝගය ප්‍රකාරව “X”සාලාව කඳවුර වෙත වාර්තා කළයුතුව තිබුනේ පස්වරු 1.00 ටය. ඒ සඳහා අවශ්‍ය තරමටත් වඩා ප්‍රමාණවත් කාලයක් තිබූ බැවින් “X”කළේ කාර්යාලයේ ඇති ඩයලොග් චන්ද්‍රිකා රූපවාහිණිය ක්‍රියාත්මක කර තම ප්‍රියතම චැනලයක් වන National Geographic වෙත නෙත් යොමුකිරීමයි.
කාලය මෙසේ ගෙවෙද්දී පෙරවරු 11.00 එළඹිණි. ස්කෑනරය රැගත් “X”තම මෝටර් රථය වෙත පියනැගුවේ දිවා ආහාරය මගදී ගෙන නියමිත වේලාවට සාලාව කඳවුර වෙත වාර්තා කිරීමේ අරමුණෙනි. 


මධ්‍යාහන 12.00 ආසන්න වෙද්දී හෝමාගම නගරය පසුකළ “X”පනාගොඩ හමුදා කඳවුර පසු කරමින් ගොඩගම හන්දිය වෙත ලඟාවුනි. දැනුනු තරමක කුසගින්නක් නිසා “X”මග දෙපස වෙත නෙත් යොමු කළේ යම් කෙටි අහරකින් සැනසී දිවා ආහාරය තරමක් පසුව ලබාගන්නා අරමුණෙනි. තම තත්වයට ගැලපෙන අවන්හලක නතරවූ “X”මාළු සැන්විච් සහ කළු කෝපි වලින් සමන්විත ආහාරපානයෙන් සැනහී සාලාව කඳවුරේ ප්‍රධාන දොරටුව වෙත පස්වරු 1.00 විනාඩි 5ක් තිබියදී ලඟාවිය.

ප්‍රධාන ගේට්ටුව භාරව සිටි කෝප්‍රල්වරයා “X”ගේ මෝටර් රථය අසලට විත් අචාරකර පවසා සිටියේ “ගුඩ් ආෆ්ටර්නූන් සර්. එම්ඕඩී (Minstry of Defense යන්නට හමුදා සාමාජිකයන් යොදන කෙටි යෙදුමයි.) ඕඩර්ස් ආවා. සර්ට ආර්ඉසෙඩ් (Restricted Zone / ආරක්‍ෂිත කලාපය යන්නට හමුදා සාමාජිකයන් යොදන කෙටි යෙදුමයි.) එකේ ගේට් එක ළඟටම කාර් එකේ යන්න පුළුවන්. එතන කාර් එක පාක් කරන්න. 


මම සර්ට පාර පෙන්නල ඇසිස්ට් කරන්න ප්‍රයිවට් (Private = සාමාන්‍ය සෙබළ) කෙනෙක් දෙන්නද?” යන්නයි. නමුත් ආචාරශීලීව එය ප්‍රතික්ෂේප කළ “X”කෝප්‍රල්වරයා වෙත පවසා සිටියේ සාලාව කඳවුරේ සියලු ස්ථානයන් තමාට හුරු පුරුදු බවයි. ඒ සැබෑවකි විවිධ කාර්යයන් සඳහා “X” මේ කඳවුරට පැමිණ ඇති අතර දැනට වසරකට පෙර “X” කඳවුරේ පැවති කනිෂ්ඨ නිලධාරීන් සඳහා වූ වැඩමුළුවකදී සම්පත් දායකයෙකු වෙමින් දින 8ක් මේ කඳවුරේ ගත කළේය.

ආරක්‍ෂිත කලාපයට එනම් අවි ගබඩාව පිහිටි ප්‍රදේශයේ පිවිසුම අසල තම වාහනය ගාල් කළ “X”රියේ ඩිකිය විවර කර ස්කෑනරය අඩංගු ට්‍රොලි බෑගය ගෙන පිවිසුම වෙත පියනගද්දී ඔහුට හමුවූයේ ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින දවසේ කාර්යභාර ජේෂ්ඨබලලත් නිලධාරියාය(Senior WarrantOfficer on Duty). “X” දුටු සැනින් ආචාර කළ ඔහු පවසා සිටියේ “ගුඩ් ආෆ්ටර්නූන් සර්, සීඕසර් (Commanding Officer = අණදෙන නිලධාරි) කිව්ව සර්ට ලන්ච් ලැස්ති කරන්න කියල. 


සීඕ සර් ටිකකට එලියට ගියා. ටූඅයිසී සර්රුයි (2nd – in –Command =දෙවන අණදෙන නිලධාරි ) යි, ඩීඕ සර්රුයි (Duty Officer = දවසේ කාර්යභාර නිලධාරි අධිකාරී ලත් නිලධාරී) මෙස් (Officers Mess = නිලධාරීන්ගේ භෝජනාගාරය) එකේ බලන් ඉන්නව” යනුවෙනි. ආචාරශීලීව එම ඇරයුම ප්‍රතික්ෂේප කළ “X” පවසා සිටියේ තමන් දැනටමත් දිවා ආහාරය ගෙන ඇති බැවින් දිවා ආහාරය අනවශ්‍ය බවත් හැකි ඉක්මනින් තම කාර්යය ඉටුකර ආපසු යාම තම අරමුණ බවත්ය.

එය පිළිගත් ජේෂ්ඨබලලත් නිලධාරියා ට්‍රොලි බෑගය “X” වෙතින් ගෙන අවි ගබඩාව වෙත රැගෙන යාමට උත්සහ කළද එයද වැලක්වූ “X” ජේෂ්ඨබලලත් නිලධාරියාද සමග අධි ආරක්‍ෂිත කලාපය වෙත ඇතුලුවිය. අවි ගබඩාවේ ප්‍රධාන පිවිසුමේදී ජේෂ්ඨබලලත් නිලධාරියා විසින් අවි ගබඩාව භාරව සිටි ලුතිනන්වරයාට සහ ජේෂ්ඨබලලත් නිලධාරියාට (W –I නිලය දරන්නෙකි)“X” හඳුන්වාදෙනු ලැබුවේ “ මේ අර එම්ඕඩී ඕඩර් එකට ආපු සර්” යනුවෙනි. 

එහිදී එම නිලධාරීන් විසින් “X” පිළිගනු ලදුව ලුතිනන්වරයා බර අවි උණ්ඩ පිලිබඳ ඉන්වෙන්ට්‍රිය “X” අතට පත්කර ඔහුව බර අවි උණ්ඩ ගබඩා අංශයයේ කල් ඉකුත්වූ උණ්ඩ ගබඩා කර ඇති “E” අංශය වෙත කැඳවාගෙන ගියේ දොරටු 03ක් පසු කරමිනි.“M” තම වගකීම අකුරටම ඉටුකර තිබුණු අතර ප්‍රධාන ගේට්ටුවේ සිටම “X” ගේ අනන්‍යතාවය ප්‍රශ්ණ නොකෙරිණි. “X” අදාළ අංශය වෙත රැගෙන ගිය ලුතිනන්වරයා “X” ට සමුදුන්නේ “Sir, call me for any clarification” (සර්, ඕනෑම පැහැදිලිකරගැනීමක් සඳහා මා කැඳවන්න) යනුවෙන් පවසමිනි.

“X” බර අවි උණ්ඩ ගබඩා අංශය වෙත පිවිසීමෙන් පසු පළමුව සිදුකළේ තමන් අතට පත් ඉන්වෙන්ට්‍රිය පරීක්ෂා කරමින් රාක්ක වල අසුරා ඇති උණ්ඩ ගබඩා කර ඇති පිළිවෙල ඒ හා සමාන වනවාදැයි පරීක්ෂා කිරීමයි. මක්නිසාදයත් මෙවැනි පරීක්ෂාවකදී උණ්ඩයෙන් උණ්ඩය වෙන වෙනම පරීක්ෂා කිරීම ප්‍රයෝගික නොවනනිසා සිදුකරනුයේ රේඛීය සාම්පල පරීක්ෂාවක් ( Line SamplingTest) පමණි. එහිදී තෝරාගත් රාක්ක කිහිපයක විවිධ තට්ටු වලින් අහඹු ලෙස තෝරාගත් සාම්පල නිශ්චිත ප්‍රමාණයක් පමණක් පරීක්ෂා කරයි.


“E” අංශයයේ රාක්ක වල අසුරා ඇති උණ්ඩ ගබඩා කර ඇති පිළිවෙල ඉන්වෙන්ට්‍රිය හා සැසඳෙන බව වටහාගත් “X” තම සාක්කුවෙන් ගත් සටහන් පොතේ සාම්පල ලබාගන්නා ආකාරය පිලිබඳ දල සැකැස්මක් සටහන් කළේය. මෙහිදී “X” අවබෝධවූ දෙයක් නම් උණ්ඩවල නිෂ්පාදිත දිනයන් ලෙස ඉන්වෙන්ට්‍රියේ සඳහන් වූ දිනයන් අනුවනම් මේ උණ්ඩ කල් ඉකුත්වූ ඒවා බවයි. කෙසේ නමුත් තම රාජකාරිය “K” විසින් පවරන ලද කාර්යය ඉටුකිරීම පමණක් බව සැලකූ “X” ස්කෑනරය බහාලුමෙන් පිටතට ගෙන සකසා තම කටයුතු ආරම්භ කළේය. මේ වනවිට වේලාව පස්වරු 2.00 පමණ විය.


උණ්ඩ සාම්පල පරීක්ෂා කරමින් සහ එම දත්තයන් ගබඩා කරමින් පැයකටත් වඩා “X” උණ්ඩ ගබඩාව තුළ ගත කරද්දී ඉහත සඳහන් කළ බලලත් නිලධාරියා “X” වෙත පැමිණ ඇරයුම් කළේ තේ පානයටය. මේ වනවිට පස්වරු 3.15 පමණ විය. අවි ගබඩාවේ ප්‍රධාන පිවිසුමේදී “X” තේ පානය කළ අතර මේ වනවිට ලුතිනන්වරයා එම ස්ථානයේ නොවීය. තේ පානයෙන් පසු පස්වරු 3.30 ට පමණ නැවත උණ්ඩ ගබඩාව වෙත පැමිණි “X” පරීක්ෂාව ආරම්භ කළ අතර ටික වෙලාවකින් ඔහුට වැටහුනේ ස්කෑනරයේ බැටරි බලය අඩපණ වන බවයි. 


පිටතින් මේ පිළිබඳව නිරීක්ෂණය කළද හේතුවක් සොයාගත් නොහැකි වූ
“X” තීරණය කළේ ස්කෑනරයේ පාලන පුවරුව සහිත බ්‍රීෆ් කේසයක පහල කොටස වැනි කොටසේ පිටත ආවරණය ගලවා පරීක්ෂා කිරීමයි. නමුත් ඒ සඳහා අවශ්‍ය කරණ උපකරණ “X” වෙත නොවූ නිසා ඔහු කළේ නැවත අවි ගබඩාවේ ප්‍රධාන පිවිසුම වෙත එළඹ බලලත් නිලධාරියා වෙතින් කුඩා ප්‍රමාණයේ ෆ්ලැට් සහ මල් ස්වභාවයේ ඉස්කුරුප්පු නියන් කිහිපයක් ද කුඩා අඬුවක්ද ලබාගෙන උණ්ඩ ගබඩාව වෙත යාමයි.
බ්‍රීෆ් කේසයක පහල කොටස වැනි කොටසේ පිටත ආවරණය ප්‍රවේසමින් ගලවා ඉවත්කළ “X” දුටු දෙයින් විශ්මයෙන් ගල් ගැසිනි. 


ආවරණයේ ඇතුලත පහත කොටසේ ඔහු දුටුවේ ක්‍රියාත්මකව පවතින ට්‍රාන්ස්පොන්ඩරයක් (Transponder = මේ මගින් සංඥා නිකුත් කරන අතර එමගින් මෙය ඇති ස්ථානය එම සංඥා ලබාගන්නා අයකුට පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිය.) සහ ට්‍රාන්සීවරයකි (Transceiver = මේ මගින්ද සංඥා නිකුත් කළ හැකි අතර දුර බැහැරක සිටින පුද්ගලයකු විසින් ලබාදෙන සංඥා මෙයට ග්‍රහණය කරගත හැකිය.) මොහොතකින් පියවි සිහියට පැමිණි “X” මේ උපකරණ සම්බන්ධව ඇති දේ දැකගැනීම සඳහා ඒ වසා තිබූ ප්ලාස්ටික් කොළය අලවා තිබූ ගම් ටේප් ප්‍රවේසමින් ඉවත්කර කොළය ඉවත් කළේය.

දුටු දෙයින් “X” තුළ නැගුනේ මරාගෙන මැරෙන්නට හැකි තරම් කෝපයකි. ට්‍රාන්ස්පොන්ඩරයසහ ට්‍රාන්සීවරය සම්බන්ධකර තිබුනේ C – 4 අධිබල පුපුරණ ද්‍රව්‍ය කිලෝ 2කින් පමණ සමන්විත බෝම්බයකටය. එය ඩේටනේටර (Detonator = බෝම්බයක් පුපුරුවා හැරීමට භාවිතා කරන උපාංගයකි) තුනක් සම්බන්ධ කරමින් තැනුණු අතිශය සංකීර්ණ ත්‍රිත්ව පරිපථ (Triple Circuit)පිපුරුම් යාන්ත්‍රණයකටසම්බන්ධ කර ඇති බවත් එයට ස්කෑනරයේ පළමු බැටරිය මෙන්ම බෝම්බය සමග වන තවත් කුඩා ප්‍රමාණයේ අධිබල ලිතියම් බැටරි දෙකක්ද සම්බන්ධ කර ඇති බවට වටහා ගැනීමට “X” ගතවූයේ නිමේෂයකි. “K = ක.”ගේ සැලසුම “X” ට සක්සුදක් සේ පැහැදිලිවිය. ඒ අනුව අවි ගබඩාව “X” සමගින් පුපුරවා හැරීමට“K = ක.”විසින් සැලසුම් කර තිබිණි. තම සුපිරි තාක්ෂණ දැනුම යොදා ගනිමින් මේ බෝම්බය නිෂ්ක්‍රිය කර මේ ඛේදවාචකය වලක්වාගන්නට “X” ට අවකාශය නොතිබුණේද යන්න සාමාන්‍ය පාඨක ඔබට මතුවන ප්‍රශ්ණයකි. එය සාධාරණය. 


නමුත් දුරස්ථ පාලකයක් හරහා ට්‍රාන්සීවරය වෙත එවන සංඥාවක් මගින් ඕනෑම මොහොතක පුපුරවා හැරියහැකි බෝම්බයක් සම්බන්ධයෙන් ඒ එසේ නොවේ. එසේම ඩේටනේටර තුනක් සම්බන්ධ කරමින් තැනුණු අතිශය සංකීර්ණ ත්‍රිත්ව පරිපථ පිපුරුම් යාන්ත්‍රණයකට සම්බන්ධ කර ඇති සහ ස්කෑනරයේ බැටරියෙන් මෙන්ම බෝම්බය සමග වන තවත් වෝල්ට් 9යේ කුඩා ප්‍රමාණයේ බැටරි දෙකක්ද සම්බන්ධ කර තැනුණු බෝම්බයක් සරල ආයුධ කිහිපයක් යොදා හුදු වයර් කැපීමක් මගින් නිෂ්ක්‍රිය කිරීමකට උත්සාහ කිරීම අනිවාර්යයෙන්ම සියදිවි නසා ගැනීමකි. සරලවම පවසතොත් මෙවැනි බෝම්බයක් සකසනුයේ එක විදුලි සැපයුම් පරිපථයක් අක්‍රිය කළහොත් තවත් පරිපථයක් ස්වයංක්‍රීයව සක්‍රිය වී පුපුරා යන ආකාරයට. එසේම මේ බෝම්බය සහිත ස්කෑනරයට සවිකර ඇති ට්‍රාන්ස්පොන්ඩරයේ විදුලි සැපයුම අක්‍රිය කිරීමටද නොහැකිය. 

මක්නිසාද යත් එයින් නිකුත්කරන සංඥා ග්‍රහණය කරන දුරස්ථ ස්ථානයක වන ට්‍රාන්සීවරය නිරීක්ෂණය කරණ පුද්ගලයා සංඥා නොලැබීම බෝම්බය නිෂ්ක්‍රිය කිරීමට දරණ උත්සාහයක් ලෙස සළකා ඔහු සතු සංඥා ලබා ගන්නා ට්‍රාන්සීවරය මගින් හෝ ඔහු සතුව ඇති වෙනත් ට්‍රාන්සීවරයක් මගින් බෝම්බයේ ඇති ට්‍රාන්සීවරය වෙත එවන සහ එය විසින් ග්‍රහණය කරණ ස්වභාවයේ සංඥාවක් මගින් බෝම්බය පුපුරවා හැරිය හැකි නිසාය. එමෙන්ම මේ බෝම්බය සහිත ස්කෑනරය අඩු අන්තරාකාරී ස්ථානයක් වෙත ගෙනයාමද නොහැකිය. 

මක්නිසාද යත් මෙයට සවිකර ඇති ට්‍රාන්ස්පොන්ඩරය මගින් මේ බෝම්බය ඇති ස්ථානය සහ එය යම් ස්ථානයක සිට තවත් ස්ථානයක් වෙත ප්‍රවාහණය කරනවාද යන්න දැනගත හැකිය. එවිටද ඉහත සඳහන් කළ පුද්ගලයා විසින් එයද බෝම්බය නිෂ්ක්‍රිය කිරීමට දරණ උත්සාහයක් ලෙස සළකා බෝම්බය පුපුරවා හැරිය හැකි බැවිනි.

ඔබ පැනනැගිය හැකි තවත් ප්‍රශ්ණයක් වනුයේ ස්කෑනරය සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත කළහොත් ඇති වන තත්වයයි. අප ඉහත සඳහන් කළ යාන්ත්‍රණය අනුව “X” අවි ගබඩාවේ “E” අංශය වෙත පැමිණියාද නැද්ද යන්න ට්‍රාන්ස්පොන්ඩරය හරහා නිරීක්ෂණය කළ හැකිය මක්නිසාද යත් “X” තම කාර්යය ආරම්භයට පෙර ස්කෑනරය ක්‍රියාත්මක කළයුතු බැවිනි. 


එවිට එහි බැටරි බලයෙන් ඉහත යාන්ත්‍රණය ක්‍රියාත්මක වී ස්කෑනරය කුමන ස්ථානයක් ඇත්දැයි ඉහතකී පුද්ගලයාට නිරීක්ෂණය කළ හැකිය . ඒ අනුව ස්කෑනරය සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත කිරීම යනු “X” තම කාර්යය අවසන් කළ බවයි. එයින් අදහස් වනුයේ “X” අවි ගබඩාවෙන් පිටවී යාමට ඉතා ආසන්න බවයි. එවිට ද ඉහත කී පුද්ගලයා කරනුයේ බෝම්බය පුපුරවා හැරීමයි. 

එසේම ඉහත කී යාන්ත්‍රණයේ, විශේෂයෙන්ම ට්‍රාන්ස්පොන්ඩරය සහ ට්‍රාන්සීවරය ස්කෑනරයයේ බැටරි බලයෙන් පමණක් ක්‍රියකරනවාද, ස්කෑනරයයේ බැටරි බලයෙන් බල සැපයුම නොලැබෙන විට ඉහත සඳහන් කළ ත්‍රිත්ව පරිපථ යාන්ත්‍රණයට සම්බන්ධ බැටරි වලින් ක්‍රියාත්මක වනවාද යන්න පරීක්ෂා කිරීමට ඉහත සඳහන් කළ පරිසරයකදී කිසිසේත්ම පහසු නොවේ.

මෙවැනි බෝම්බයක් සාර්ථකව නිෂ්ක්‍රිය කිරීමටනම් අධි සංඛ්‍යාත ජෑමරයක් (High Freequency Jammer) මගින් ට්‍රාන්ස්පොන්ඩරයෙන් නිකුත්වන සංඥා වලට සහ ට්‍රාන්සීවරය වෙත ලැබියහැකි සංඥා වලට බාධා කළයුතුය. සියලු නිෂ්ක්‍රියකිරීමේ කටයුතු සිදුකළහැක්කේ ඉන්පසුව පමණි. මේ පහසුකම මේ අවස්ථාවේදී “X” ට නොවීය. 


එසේම එම පහසුකම ලබාගැනීමටනම් “X” සාලාව කඳවුරේ අණදෙන නිලධාරියා දැනුවත් කර තම රෙජිමේන්තු මූලස්ථානය ඇමතිය යුතුව තිබිණි. නමුත් “K = ක.”ඉතා බලවත් තත්වයක් තුළ“K = ක”සම්බන්ධ කුමන්ත්‍රණයක් එසේ හෙළිදරව් කිරීම නිසැකවම මරණය වැළඳ ගැනීමක් බව වටහා නොගැනීමට තරම් “X” බොළඳ නොවීය. 

නමුත් මේ සියලු තත්වයන් යටතේ වුවද නියමිතව ඇති පිපිරීමෙන් විශාල ජීවිත විනාශයක් වලකා ගැනීමේ උවමනාවක් “X” ට විය. එබැවින් තවත් කාලය අපතේ නොහරිමින් “X” කළේ අවි ගබඩාවේ ප්‍රධාන පිවිසුම වෙත දිවගොස් එහි රාජකාරියේ නියුතු බළලත් නිලධාරියාව ඉතා ආසන්න කාලයකදී සිදුවීමට නියමිත පිපිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමයි.

සැබවින්ම “X”, බළලත්නිලධාරියා බෝම්බයක් ගැන දැනුවත් නොකර ඔහුට තදබල ලෙස අනතුරු අඟවා සිටියේ අවි ගබඩාවේ “E” කොටසේ ගබඩා කර ඇති මල්ටි බැරල් රොකට් උණ්ඩ කිහිපයක ද්‍රව කාන්දුවක් සමග ඉන් නගින දුමක් (මේ සිදුකළ හැකිව තිබූ හොඳම නමුත් ව්‍යාජ අනතුරු හැඟවීමේ අවදානමයි. ඒ කුමක් නිසාද යන්න දැනගැනීම සාමාන්‍ය පාඨක ඔබට අවශ්‍ය නොවේ. 


කොටින්ගේ නොනවතින රැල්ල නතරකළ මේ විශ්මිත අවියේ ශක්‍යතාවයන් කෙසේ වෙතත් දුර්වලතාවයන් වගකිවයුතු වෙබ් අඩවියක් ලෙස අපි අනාවරණය නොකරමු.) තමන් විසින් නිරීක්ෂණය කළ බවත් ඒ අනුව ඕනෑම මොහොතක එම උණ්ඩ පුපුරා ගොස් මුලු අවි ගබඩාවම විනාශවීමේ අනතුරක් අත ළඟ පවතින බවත් වහාම දවසේ කාර්යභාර අධිකාරිලත් නිලධාරියා මගින් අණදෙන නිලධාරියා දැනුවත් කර ඉහලම අනතුරු සංඥාව නිකුත් කරන ලෙසය.

වැඩිදුරටත් “X”, බළලත් නිලධාරියා වෙත දන්වා සිටියේ තමන්ට කඳවුරේ සංඥා මැදිරියට ඇතුලුවී තම මව් රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියා හෝ දෙවන අණදෙන නිලධාරියා අමතා තත්වය පැහැදිලි කර සිදුවීමට ඉඩ ඇති සඳහා විනාශය අවම කරගැනීම සඳහා විශේෂ පුහුණුව ලද ඒකකයන් ගෙන්වා ගැනීමට අවශ්‍ය බවත් ඒ පිළිබඳව අණදෙන නිලධාරියා හෝ දෙවන අණදෙන නිලධාරියා දැනුවත් කරණ ලෙසත් තමා හැකි ඉක්මනින් සංඥා මැදිරිය වෙත යන බවත්ය.


එසේම “X” දැඩි නියෝගාත්මක ස්වරයෙන් බළලත් නිලධාරි වෙත පවසා සිටියේ වහාම අවි ගබඩාවේ සහ එය පිහිටි අධි ආරක්‍ෂිත කලාපයේ සියලු විදුලිබල සැපයුම් සහ රැහැන්ගත සන්නිවේදන පද්ධතීන් අක්‍රිය කර සියලු සෙබලුන් සමග අධි ආරක්‍ෂිත කලාපයෙන් ඉවත් වන ලෙසය. එසේ පැවසූ “X”අධි ආරක්‍ෂිත කලාපයේ ගේට්ටුව දෙසට දිව යන්නට විය. මේ සියල්ලටම ගත වුයේ විනාඩියකට අඩු කාලයකි. බළලත් නිලධාරියා මොහොතකට වික්ෂිප්ත විය. 


පියවි සිහි එළඹි ඔහු කළේ වහා අවි ගබඩාවේ ප්‍රධාන පිවිසුමට යාබදව පිහිටි කුටියට ගොස් අවි ගබඩාව සහ එය පිහිටි අධි ආරක්‍ෂිත කලාපයේ සියලු විදුලිබල සැපයුම් සහ රැහැන්ගත සන්නිවේදන පද්ධතීන් අක්‍රිය කර සාමාන්‍ය විදුලි සැපයුමෙන් ක්‍රියාත්මක නොවන වෙනත් ආකාරයකින් ක්‍රියාත්මක වනඅනතුරු ඇඟවීමේ සංඥාව ක්‍රියාත්මක කර එහි සිටි කෝප්‍රල් වරයා සහ සෙබලුන් දෙදෙනා සමග අධි ආරක්‍ෂිත කලාපයේ ගේට්ටුව දෙසට දිව යාමය. 

දිව යන අතරතුර ඔහු අවට සිටින සෙබලුන් හට “යකෝ දැන් පුපුරනව, අම්මට ……………(Digital?) නැතුව මෙතනින් දුවපියව්” යනුවෙන් අනතුරු අඟවා සිටියේය. (මේ හදිසි අවස්ථාවකදී සෙබලුන් උදෙසා භාවිතා වන බළලත් නිලධාරින්ගේ භාෂා ව්‍යවහාරයයි. ලෝක හමුදා සම්ප්‍රදාය අනුව එහි වරදක් නැත.)

මෙහිදී ඔබට ඇතැම් විට පැන නගින පැනය වනුයේ බළලත් නිලධාරියා, “X” ගේ උපදෙස් ක්‍රියාත්මක නොකර සංඥා මැදිරිය අමතන්නේ නැතිව දිවගියේ ඇයිද යන්නය. පිලිතුර නම් පස්වරු 3.30 සිට අවි ගබඩාවේ සන්නිවේදන පද්ධතිය අක්‍රියව තිබීමයි.


දැන් ඔබ අවධානය යොමුකරනුයේ සංඥා මැදිරිය වෙත දිවගිය “X” ට කුමක් වීද යන්න පිලිබඳවය. අප විසින් ඉහත විස්තර කරන ලද කුමන්ත්‍රණකාරී තත්වය තුළ “X” සංඥා මැදිරිය වෙත දිව ගියානම් ඔහු හැඳින්විය යුත්තේ උමතු වූ පුද්ගලයකු ලෙසය. “X” තම කතාවට අනුව ක්‍රියා නොකර පැහැදිලිවම සංඥා මැදිරිය නොගියේය. 


ඔහු ප්‍රථමයෙන්ම අනතුරු සංඥාව මැදදිව ගියේ තමා පැමිණි මෝටර් රථය වෙතටය. එහි දොරගුලු විවර කළ ඔහු තම ජංගම දුරකථනය මෝටර් රථය තුළ තිබියදී පෞද්ගලික බඩු බාහිරාදිය අඩංගු බෑගය අතට ගෙන නැවත මෝටර් රථය දොරගුලු ලා මෝටර් රථය පණගන්වන යතුර දකුණු පස ඉදිරි දොරේ යතුරු කටට ඔබා එය එහි තිබෙන්නට හැර අඩි කිහිපයක් කඳවුරේ ප්‍රධාන දොරටුව දෙසට දිවගියා පමණි. කන් බිහිරිකරවමින් පළමු පිපිරීම සිදුවිය.

ඒ හරියටම ඔබ නොයෙකුත් පුවත්පත් වලින් කියවූ වේලාවට තත්පර 45 කට කලිනි. ලද පුහුණුව අනුව . “X” බිම පෙරලිනි. තත්පර 30 කට පසු නැගිටි ඔහු දුටුවේ එම පිපිරීමෙන් පසු උණු අළු දැමූ කඩි ගුලක්සේ ඇවිස්සුනු කඳවුරකි. කඳවුරේ ප්‍රධාන පිවිසුම වෙත දිවෙන හමුදා සාමාජිකයන් අතරට එක්වූ “X” ද කළේ ප්‍රධාන දොරටුව වෙත දිවයාමයි.


ඉන්පසු “X” ට සිදුවූයේ වුයේ කුමක්ද? එය අප විසින් අනාවරණය නොකරනුයේ මේ සිදුවීමෙන් පසු “X” ට රැකවරණය සැලසූ යම් බුද්ධි අංශයක නිලධාරීන් පිරිසක් සහ රටට සැබවින්ම ආදරය කරණ, එබැවින්ම පවත්නා රජයේ දැඩි වෛරයට පාත්‍ර වූ විපක්ෂයේ තරුණ දේශපාලනඥයකු වෙත ඉන් දැඩි අගතියක් සිදුවිය හැකි බැවිනි.. දැනටද රජය මේ තරුණ දේශපාලනඥයා සහ බිරිඳ අභූත චෝදනා මත සිරගත කිරීමට තැත්කරයි.


යම් බුද්ධි අංශයක සහ ඉහත කී තරුණ දේශපාලඥයාගේ සාමූහික උත්සාහයක ප්‍රතිපලයක් ලෙස පසු දින එනම් සඳුදා පාන්දර වනවිට “X” සිටියේ ශ්‍රී ලංකාවේ සිට යම් රටක් බලා පියාසර කරන ගුවන්යානයක් තුළය. මෙහිදී විශේෂයෙන්ම ජුනි 05 වැනි ඉරිදා දිනයකදී අවශ්‍ය පහසුකම් සැලසූ අප මිත්‍ර රටක තානාපති කාර්යාලයක සහය නොලැබුනානම් මේ උත්සාහය බොහෝ විට අසාර්ථක වීමට ඉඩතිබිනි. 


දේශපාලනඥයකු බුද්ධි අංශ සමග සම්බන්ධතා පැවැත්වීම සහ පුද්ගලයකු රටින් පිටකර හැරීම සඳහා ඔවුන් හා එක්ව විදේශ තානාපති කාර්යාලයක සහය ලබා ගැනීම අප සාමාන්‍යයෙන් අනුමත නොකරණ නමුදු ජාතික ආරක්ෂාවේ නාමයෙන් සිදුකළ එම ක්‍රියාවේ කිසිදු දොසක් අපි නොදකිමු.

පැය 04 කට ආසන්න කාලයක් පියාසර කළ “X” ගුවන්යානය තම ගමනාන්තය වෙත ළඟාවූ අතර ගුවන්තොටුපලේදී “X”පිළිගනු ලැබුවේ එම ගමනාන්තය පිහිටි රටේ පිහිටි ඉහත සඳහන් කළ මිත්‍ර රටේ තානාපති නිලධාරීන් දෙදෙනෙකු විසිනි. ඔවුන් සමග තානාපති කාර්යාලයට ගිය “X” එහි දින 3ක් ගතකළ අතර ඉන්පසු එම තානාපති කාර්යාලය විසින් වෙනත් නමක් යටතේ සකස්කරදුන් විදේශ ගමන් බලපත්‍රයක් සහිතව එම තානාපති කාර්යාලය විසින් එම තානාපති කාර්යාලයේ මව් රට වෙත ගුවන් මගින් පිටත්කර හරිනු ලැබීය. දැන් දැඩි ආරක්ෂාව සහිතව “X” එම රටෙහි වාසය කරයි.


දැන් අපි නැවත සාලාව කඳවුර වෙත නෙත් යොමුකරමු. පිපුරුම වූ දින සෙබලුන්ගේ රාත්‍රී ආහාරය පස්වරු 5.00 පෙර සපයන ලෙස සැපයුම්කරුට නියෝග කර තිබීම. සැලකියයුතු තරම් සෙබළ පිරිසක් පනාගොඩ හමුදා කඳවුර වෙත යවා තිබීම, පිපුරුම සිදුවූයේ ගිනි නිවීමේ අභ්‍යාසයක් අතරතුරදී යයි ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කිරීම (මේ ආරක්ෂක ලේකම්වරයා හැඳින්වීම සඳහා ආණ්ඩුවට පක්ෂපාත වෙබ් අඩවියක් යොදාගන්නේ යම් කාර්මිකයකු හඳුන්වන ග්‍රාම්‍ය වචනයකි. 


අතීතයේදී යම් වෙළඳ දැන්වීමක මේ ඒ කාර්මිකයාගේ චරිතය නිරූපණය කළේ ප්‍රකට නළු ක්වින්ටස් වීරකෝන්ය. අවසානයේ ක්වින්ටස් වීරකෝන්ය සුප්‍රකට වුයේ ඉහත විස්තර කළ ග්‍රාම්‍ය වචනයෙනි. අපි එබැවින් මෙතැන් සිට ආරක්ෂක ලේකම්වරයා “PB = ප.බා.” ලෙස හඳුන්වමු.) යන සියලු කාරනා පිළිබඳව ඔබ දැනුවත්ය.

දැන් අපගේ සූදානම මතුපිටින් පෙනෙන කාරණා නොව සාලාව පිපිරීම පිලිබඳ සත්‍ය කතාවට පාදකවූ හේතු පිළිබඳව විග්‍රහයක යෙදීමයි. මෙහිදී මූලික වන චරිත 5කි. පළමුවැන්නා “දූපත්පති PG = ප.ග.” ය. ඔහුගේ පෙළපත් නමේ පළමු නාමය පහළ පිහිටි වත්තක් හැඳින්වීම සඳහා භාවිතා වන අතර දෙවැනි නාමයෙන් හැඳින්වෙනුයේ ගම් ප්‍රධානියෙකි. මෙයද ප්‍රථමයෙන්ම භාවිත කළේ ඉහත කී වෙබ් අඩවියයි. දෙවැන්නා “දූපත්පති PG = ප.ග.” ට පමණක් නිල වශයෙන් දෙවැනි “WBT = වැ.බැ.ටා.”ය . 


T අකුරෙන් ආරම්භ වනුයේ අප්‍රිකානු වනාන්තර ආශ්‍රිතව වීර ක්‍රියාවල යෙදෙමින් ජීවත්වූ මනකල්පිත චරිතයක් වන අතර W අකුරින් ක්‍රියාවන් සඳහා යෙදෙන අකුරු දෙකකින් යුතු සිංහල වචනයක් අදහස් කෙරේ. B අකුරින් අදහස් කරණුයේ ක්‍රියාවන් කිරීමට හැකි නොහැකියාව හඳුන්වන අකුරු දෙකකින් යුතු සිංහල වචනයකි. කාටූනයක මේ පුද්ගලයා චිත්‍රණය කර ඔහු සඳහා වැබැ.ටා හි දිගු යෙදුම වන සිංහල වචන 3 මුලින්ම යෙදුවේ සුප්‍රකට කාටූන් ශිල්පී කැමිලස් පෙරේරාය. තුන්වැන්නා “MP = ම.පො.” ය. එය පද පෙරළියකින් තේරුම් ගත යුතුය. 

M අකුරින් අදහස් කරනුයේ මුළුතැන්ගෙයි සහ ගෙවතු වැඩ වලදී භාවිතාවන තියුණු මුවහතක් ඇති ආයුධයක් වන අතර P අකුරින් අකුරු 3කින් යුතු සිංහල අව්‍යක්ත පදයක මුල් අක්ෂරය අදහස් කෙරෙන අතර එම පදයේම දෙවන සහ තුන්වන අකුරු වෙනම ගෙන කියවූ කළ පාෂාණය යන තේරුම ලැබේ. මේ හැඳින්වීමද ප්‍රථමයෙන් යෙදුවේ අප නොව රාජිත සේනාරත්නය. සිව්වැන්නා සහ පස්වැන්නා පිලිවෙලින් අප දැනටමත් දන්නා “PB = ප.බා.” සහ “K = ක.”ය.

රජයේ වියදමින්,යටත් විජිත සමයේ සිට පැවතෙන රජයට අයත් පැල්පත් තුනක් එක්කොට අඩුපාඩු වූ වරිච්චි නැවත ගසා ඉන් පසු අලුතින්ම වහලට ඉලුක් සෙවිලි කර, අලුතින්ම බිත්ති වලට මකුල් මැටි ආලේප කර,අලුතින්ම ගෙබිමට ගොමමැටි ගා, යාබද (attached) වල වැසිකිලි වල උක්කුටියෙන් හිඳ ශරීර කෘත්‍ය කිරීමේ පහසුව සඳහා වල හරහට අලුතින්ම එකිනෙක හා අඩියක පරතරයෙන් යුතුව පොල්කොට දෙක බැගින් දැමූ “දූපත්පති PG = ප.ග.” ගේ කොළඹ හතේ පිහිටි “සරල ගොවි ගෙදර” (මෙය දෙමහල් අධි සුඛෝපභෝගී ගොඩනැගිල්ලක් බවත් එහි පළමු මහලේ සිට දෙවන මහලට යාම සඳහා විදුලි සෝපානයක්ද ඇති බවත් කියන්නේ අනාගතයේ දී හෙන හතක් වැදීමට නියමිත අමනයන් පමණි. සත්‍යවශයෙන්ම පවසතොත් මේ සරල ගොවිගෙදරට විදුලිබලය පවා නොමැත. 


මෙහි නඩත්තුව වෙනුවෙන් රජය දරණ වියදම අඩුකිරීම සඳහා සැබවින්ම මෙහි රාත්‍රියට දල්වනුයේ පොළොන්නරුවෙන් ගෙනෙන මී තෙලින් පොඟවා ගත් පන්දම්ය. මී ගස රජරට ප්‍රදේශයේ හොඳින් වැවෙන සුලභ ගසකි.)සාලාව පිපිරීමට දෙපෝයකට පමණ පෙර රාත්‍රියක මී තෙල් පන්දම් ආලෝකය යට ඉහත කී පුද්ගලයන් අතර දසකන් මන්ත්‍රණයක් පැවැත්විණි. විටින් විට උක් හකුරු සහ බෙලිමල් පානය කරමින් පැවති මේ මන්ත්‍රණයේ ප්‍රස්තුතය වෙත අපි අවධානය යොමුකරමු.

“දූපත්පති PG = ප.ග.”, ““WBT = වැ.බැ.ටා.”සහ “MP = ම.පො.” තම ස්වාමීන් වූ ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය සහ ඉන්දියාව සමග ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් සම්බන්ධයෙන් ඒවායේ ප්‍රමාණය සහ ශක්තිය අඩු කිරීම සඳහා මූලික එකඟතාවයකට එළඹ තිබිණි. නමුත් මේ තිදෙනාටම ගැටලුව වූයේ ශ්‍රී ලංකාව තුළ මහත් වූ ජන කැළඹීමකට හේතු නොවන පරිද්දෙන් රහසිගතව මෙය සිදුකරන්නේ කෙසේද කියාය. 


මේ තිදෙනා සහ “PB = ප.බා.” සන්නද්ධ හමුදා විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් නොවන අතර දිනෙන් දින කොටි හිතවාදීන්ගේ මෙහෙයවීමෙන් ජාත්‍යන්තරව ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ට එරෙහිව ප්‍රබලව නැගෙන ඊනියා යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් තමන්ද හුදු බලය පවත්වාගැනීමේ අරමුණින් ඊට රහසිගත අනුකූලත්වයක් දක්වන තත්වයක් යටතේ සහ ඒ පිළිබඳව දැඩි කලකිරීමකින් යුතුව සිටින සේවයේ නියුතු සහ විශ්‍රාමික සන්නද්ධ හමුදා සාමාජිකයන් 99. 97 % සිටින බවට ස්ලිම් නිල්සන් සමීක්ෂණ ආයතනය විසින් වාර්තාවක් සපයා තිබියදී මේ කාර්යය සඳහා සේවයේ නියුතු සහ / හෝ විශ්‍රාමික සන්නද්ධ හමුදා නිලධාරීන් යොදා ගැනීමේ හැකියාවක්ද ඔවුන්ට නොවීය.

එනිසා ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ගේ ප්‍රමාණය සහ ශක්තිය අඩුකිරීම සඳහා උපයෝගී කරගතයුතු හොඳම සහ එකම පුද්ගලයා ලෙස “දූපත්පති PG = ප.ග.”, ““WBT = වැ.බැ.ටා.”, “MP = ම.පො.” සහ “PB = ප.බා.” ගේ ඒකමතික තීරණය වූයේ “K= ක” ය. අප බොහෝ සාධාරණ කාරණා මත “K= ක” ට විරුද්ධ වුවද විවේචනය කළද සන්නද්ධ හමුදාවන් සම්බන්ධයෙන් වන ඔහුගේ පළපුරුද්ද සහ නිවැරදි දේශපාලන නායකත්වයක් යටතේ “K= ක” ලබාගත් යුද අස්වැන්න පිළබඳ ප්‍රශ්ණ නොකරමු. “K= ක” මේ දසකන් මන්ත්‍රණයට නවවැනි සහ දසවැනි දෙකන ලෙස ඇරයුම් ලබනුයේ ඉහත කී සන්ධර්භය තුළය.


“K= ක” ගේ පළමු යෝජනාව වූයේ කිසි ලෙසක සන්නද්ධ හමුදා සතු යුධ ටැංකි (BattleTanks), සන්නද්ධ රථ (Armoud Cars) , කාළ තුවක්කු (Artillery), මල්ටි බැරල් රොකට් ලෝන්චර් (Multi Barrel Rocket Launchers) , ගොඩබිම් ප්‍රහාරක ගුවන්යානා (Ground Attack Crafts),ගොඩබිම් ප්‍රහාරක හෙලිකොප්ටර් (Helikopter Gunships) ප්‍රහාරක යාත්‍රා (Fast Attack Craft), අක් වෙරළ මුර සංචාරක යාත්‍රා (Offshore Patrol Vessels)වැනි සන්නද්ධ හමුදාමය දෘඩකාංග (Military Hardware) අලෙවි කිරීම හෝ විනාශ කිරීම නොකළයුතු බවයි. මක් නිසාද යත් එවන් විනාශ කිරීමක් හෝ අලෙවි කිරීමක් සන්නද්ධ හමුදා සාමාජිකයන්ට රහසේ සිදුකළ නොහැකි අතර දෙවනුව එය මහත් වූ ජන කැළඹීමකට හේතුවිය හැකි බැවිනි.


එබැවින් “K= ක” ගේ දෙවන යෝජනාව වූයේ මේ සන්නද්ධ හමුදාමය දෘඩකාංග නඩත්තුව සඳහා අවශ්‍ය කරන මුදල් කපා හැර මේ දෘඩකාංග ස්වාභාවික අස්වාභාවික මරණයකට පත් කිරීමයි. නමුත් “MP” විසින් “K= ක” ට හරස්කපන ලදුව “MP = ම.පො.” විසින් දස කන් මන්ත්‍රණය වෙත අවධාරණය කර සිටියේ තමා විසින් තම විදෙස් ස්වාමීන්ට වූ පොරොන්දුව පරිදි සන්නද්ධ හමුදා ශක්තිය සියයයට හැත්තෑවකින් අඩුකරලීම 2016 වසර තුළදී සිදුකළ යුතුම බවයි.


ඉනික්බිති “දූපත්පති PG = ප.ග.” සහ “WBT = වැ.බැ.ටා.” “K= ක” වෙත නෙත් යොමුකළේ පිළිතුරක් අපේක්ෂාවෙනි. තවත් කිතුල් හකුරු කැබැල්ලක් සහ බෙලිමල් වීදුරුවක් අතට ගත් “K= ක” කටහඬ අවදි කළේය. ඒ අව්‍යක්ත ඉංග්‍රීසි භාෂාවෙනි. “Then let me cut balls instead of cock”මේ ඉංග්‍රීසිභාෂාවෙන් වන ඉතා අසභ්‍ය යෙදුමක් වන අතර සභ්‍ය සම්මානයෙන් යුතුව පවසතොත් ඉන් අදහස් වනුයේ ලිඟුව තිබියදී වෘෂණ කෝෂ ඉවත්කිරීමයි.


මින් සෙසු පිරිස වික්ෂිප්ත වූහ. මොහොතක් නිහඬ වූ “K= ක” නැවත කටහඬ අවදි කළේය. “K= ක” ගේ සැලසුම අනුව යුධ හමුදාව සහ අනෙකුත් සන්නන්ධ හමුදා සතු බර අවි උණ්ඩ වලින් සැලකිය යුතු කොටසක් යුද්ධයක් නොමැති තත්වය නිදහසට කරුණක් ලෙස දක්වමින් ආපසු නිෂ්පාදකයන් වෙත අලෙවි කිරීමෙන් සන්නද්ධ හමුදා ශක්තිය සියයයට හැත්තෑවකින් අඩුකරලීම 2016 වසර තුළදීම කළහැකි අතර දැඩි මුල්‍ය අර්බූදයකට ලක්වී සිටින ආණ්ඩුවට සැලකිය යුතු ආදායමක්ද ලබා දියහැක. මේ යෝජනාවෙන් සෙසු පිරිස අමදානන්දයට පත්වූ අතර නමුත් සුළු මොහොතකින් “MP = ම.පො.” විමසා සිටියේ මේ තරම් දැවැන්ත බර අවි උණ්ඩ තොගයක් නැවත මිළදී ගැනීමට නිෂ්පාදකයන් කැමති වේද යනුවෙනි.


එහිදී “K= ක” පවසා සිටියේ යුධ හමුදාව සතු බර අවි උණ්ඩවලින් 80% ක් පමණ චීනයේ නොරින්කෝ (Norinco)සමාගමේ නිෂ්පාදනයන් බවත් තමන්ට ඒ සමාගම සමග අතීතයේ සිටම ඉතා යහපත් සබඳතා පවතින බවත් එබැවින් ඒ සමාගම කැමති කරවා ගැනීමේ වගකීම සහ මේ සියලු කාර්යයන් නිවැරදිව ඉටු කිරීමේ වගකීම තමන් දරණ බවත්ය.““K= ක” පවසා සිටියේ අසත්‍යයක් නොවේ. එකළ “MP = ම.පො.” විසින් ““K= ක” හඳුන්වාදෙන ලද්දේ ගැලවීමේ හමුදාවටවත් (Salvation Army) නායකත්වය දීමට නොසුදුසු පුද්ගලයකු ලෙස බව ඔබට මතක ඇත. 


කෙසේ නමුත් ඒ නායකත්වය අත්‍යවශ්‍යවූ යුද්ධයේ අවසන් සති දෙක තුළ “K= ක” සිය පවුලේ සාමාජිකයන් සමග යම් රටක පෞද්ගලික සංචාරයක යෙදුනේ නොරින්කෝ සමාගමේ වියදමිනි. ඉන් පසු සිදුවූ අපූර්වතම සිදුවීම වනුයේ යුද්ධ අවසානයෙන් සති කිහිපයකට පසු කිසිසේත් අවශ්‍ය නොවූ උණ්ඩ සහ අවි පිරවූ නැවක් යම් රටක සිට කොළඹ වරාය වෙත පැමිණීමයි. මින් එවකට සිටි ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා පමණක් නොව යම් අසල්වැසි කලාපීය බලවතෙකුද තිගැස්මකට ලක්විය. එහි ප්‍රතිපලයක් ලෙස මේ නැව ආපසු හරවා හැරිණි. 

මෙවැනි අවි ඇණවුමක් පිළිබඳව ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා නොදැනුවත්ව සිටි අතර වහාම එම අවි නිෂ්පාදිත රට වෙතින් ඉතා රහසිගතව කැරුණු විමසිණි. මක්නිසාද යත් අවි නිෂ්පාදනය කරන රටක සමාගමකින් යම් රටක් අවි මිලදී ගැනීමකදී එම රටේ ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත්කරණ “අවසන් පාරිභෝගිකයා පිලිබඳ සහතිකය” (End User Certificate) අවි නිෂ්පාදනය කරන රට වෙත ලැබීම අනිවාර්ය බැවිනි.

අවි නිෂ්පාදනය කරන රටක් විසින් මේ සහතිකය අවි ඇනවුම් කරන රටින් ලබාගනුයේ සතුරු රටක්, තම මිතුරු රටක සතුරු රටක් හෝ ත්‍රස්තවාදී සංවිධානයන් වෙතඑම අවි ලැබීම වැලැක්වීම සඳහාය. ඉහත විමසුමට ලද පිලිතුරෙන් ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා විශ්මයට පත්විය. නමුත් පැවති යුධ ජයග්‍රහණ උණුසුම මැද “K= ක” ද විරුවකු සැලකෙන තත්වයක් යටතේ යුධ අධිකරණයක් නොකැඳවා රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදුවීමට තිබූ හානිය අවම කරගනිමින් “K= ක” ඊ ළඟ තනතුර පැය කිහිපයක් තුළ වෙත උසස් කරන ලදී.

නැවත අප අර “සරල ගොවි ගෙදර” පැවති සංවාදය වෙත එළඹෙමු. “K= ක” ගේ සැලසුමට සමාන ප්‍රයෝගික සහ ජන කැළඹීමකට හේතු නොවන ආකාරයේ සැලසුමක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් මේ සංවාදයට එක්වූ අනෙක් කිසිදු පුද්ගලයකු හට නොවීය. එබැවින් “K= ක” ගේ සැලසුම ඒකමතිකව පිළිගැනිණි. නිතැතින්ම “K= ක” සැලසුමේ නිර්මාපකයාද ක්‍රියාත්මක කරන්නාද බවට පත්විණි. 


නමුත් ඉන් අමන්දානන්දයට පත් නොවී වඩාත් විචක්ෂණ වූ “K= ක” සෙසු පිරිසට අවධාරණය කළේ මේ මෙහෙයුමේ සියලු බලතල තමන් වෙත ලැබිය යුතු බවත් මේ සඳහා තමන් කැමති ඕනෑම සන්නද්ධ හමුදා හෝ රාජ්‍ය සේවා සාමාජිකයකු යොදා ගැනීමේ බලතලද මේ සඳහා යටිතල පහසුකම් සැලසිය යුතු අනෙකුත් ආයතන ලෙස තමන් අදහස් කරන ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව , ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රීලන්කන් ගුවන් සේවය ඇතුලු වෙනත් ඕනෑම ආයතනයක ප්‍රධානීන් වෙත වාචික නියෝග නිකුත්කිරීමේ බලය සහ එම නිලධාරීන් එම නියෝගයන්ට අනුගතවීමේ අවනතභාවයත් තමන්ට “PG = “දූපත්පති PG = ප.ග.”, සහ “WBT = වැ.බැ.ටා.” විසින් සහතික කළ යුතු බවත්ය. මෙයට විරෝධයක් දක්වමින් “PB = ප.බා.” ප්‍රකාශ කරසිටියේ එය පැහැදිලිව රජයේ ආයතන සංග්‍රහය සහ මුල්‍ය රෙගුලාසි උල්ලංඝනය කිරීමක් බවත් අදාළ විෂය භාර ලේකම්වරයා වන තමන් හරහා එය සිදුකළ යුතු බවත්ය.

මේ වනවිට තම පස්වන බෙලිමල් වඩියද හමාරකර පිළිවෙලින් මල් පදමද, කුමාර පදමද පසුකර බඹර පදමේ මුල් භාගය වෙත එළඹ තිබූ “K= ක” ඉතා රළු හාස්‍යයකින් යුතුව හුදෙක් “හුදු හෙළුවෙන්ම වනමින් = ශුද්ධ සිංහලයෙන්ම වර්ණනාකරමින්” ,“PB = ප.බා.” වෙත පවසා සිටියේ රජයේ ආයතන සංග්‍රහය සහ මුල්‍ය රෙගුලාසි ලොකු පොත් දෙකක මුද්‍රණය කර ඇති බවද ඒ පොත් රෝල් කර විට ලොකු විශ්කම්භයකින් යුතු බවද ඒ රෝල් කළ පොත් පයිප්පයක හැඩය ගන්නා බවද තමා දන්නා බවද නමුත් ඒ බව නොදන්නා ඉංජිනේරුවකුයයි කියන “PB = ප.බා.” ඒවා අසවල් ස්ථානයේ ගසා ගනිමින් ඒ ගැන අවබෝධ කරගතයුතු බවත්ය.


“K= ක” අනුක්‍රමයෙන් කුමාර පදම පසුකර බලු පදමටද ඉන් ඉක්බිති නිසැකව කබර පදමටද එළඹෙන බැව් වටහාගත් “දූපත්පති PG = ප.ග.” සහ “WBT = වැ.බැ.ටා.” විසින් ඉහත කී කාර්යය “K= ක” වෙතම නිල කරනලද්දේ ඔහු විසින් තමන් වෙත ඉදිරිපත් කරනලද සියලු කොන්දේසි වලට එකඟ වෙමිනි.


දෙවනුව මේ සභාතොමෝට කිමක් විනිදැයි සොයාබැලීමට ඇතැම් විට ඔබ උත්සුක වනු නිසැකය. ප්‍රිය සගය, රජයේ වියදම් අවම කිරීමෙහිලා මේ “සරල ගොවි ගෙදරහි” බොහෝ තැත් වෙයි. මේ කල්තබාදුටු මෙහි දූපත්පති ගහපති (ගෘහපති) තෙම නොවූ අනෙකුක් අයවල්හු කදිලි (කෙසල්) පතෙක (කොලයක) ඔතන ලද නිශා බොජුන (රාත්‍රී ආහාරය) සමගම මෙහි සපැමිණි බව නොකිව මනාය.


සබය අවසන මදක් ගෙදරට වන් ගහපති තෙම පුවක් කොලපතට බෙදන ලද නිවුඩු සුන්සහලින් (ඇගිටි හාල්) සහ නාරිකේල සම්බෝලයෙන් (පොල් සම්බෝල) පමණක් සජ්ජිත සරල නිශා බොජුන සහ පූකුරුවක් (මැටි කොතලයක්) සමග පැමිණ ගෙඋයනේ වූ පළොල්රුකක් (මේ ගස සම්භාව්‍ය සාහිත්‍යයේදී හඬින් වෙනුයේ පාඨලී යන නමිනි. ඈත අතීතය කෙසේ වෙත මෑත අතීතය නම් ගෙනහැර දක්වන්නේ පාඨලී ගස යටින් නිකමටවත් ගියහොත් පාරාජිකා වන බවයි.) යට පළඟ බැඳ අහර කිස වෙත සබය කැඳවූ කළ පිරිස පැමිණියේ දිගු පියවරිනි. 


අහර කිස අහවර පැන් පූ (බිව්) සභාතෙම අත තෙමා නික්ම ගියේ “සරල ගොවි පියස” කදළි වගාව දෙසටය. මක් නිසාද වත් ගහපති දූපත් පති විසින් ආවඩන ලද කදලි පතේ එතුණු බෝජුනේ රසය පිණිස කදලි වගාව තම සුළු දියේ රසයෙන් දිගු කාලීනව තවත් ඔපවත් කරනු පිණිසය. දැන් ඔබ කිවයූ මේ සියලු උපහාසයන් සමග වන සත්‍ය සමගින් එළඹෙනුයේ මේ දීර්ඝ විස්තරයේ අවසානාත්මක කොටසේ මුලටය. “K=ක” තම කාර්යයේ මුල් කොටස ඉටුකිරීමට පියවර ගත්තේය.

ඒ අනුව“K=ක” ගේ ආරාධනයෙන් මේ පිපිරීමට සති 4කට පෙර නොරින්කෝ සමාගමේ නියෝජිතයන් පිරිසක් පැමිණ සාලාව කඳවුරේ අවි ගබඩාවේ වූ අවි තොගය පරීක්ෂාකර ඉන් වසර 10 කට වඩා පැරණි නොවන බර අවි උණ්ඩ පමණක් නැවත මිලදී ගැනීමට එකඟතාවය පළ කළේය. මිල ගණන් පිලිබඳ නියෝජිත පිරිස කතාබහ කළේ “K=ක” සමග පමණි. “K=ක” ඉහත සඳහන් කළ සංවාදයේදී බමන මතින් “PB = ප.බා.” සමග යම් ආරවුලක් ඇති කරගත්තද පසුව ආපසු අලෙවියෙන් ලැබෙන කොමිස් මුදල “PB = ප.බා.” සමග බෙදාගැනීමේ එකඟතාවයක් ඇතිකරගෙන තිබිණි.

නොරින්කෝ නියෝජිත පිරිස උණ්ඩ නැවත මිලදී ගැනීම සඳහා සාධාරණ මිලගණන් ඉදිරිපත් කළද “K=ක.” ඉල්ලා සිටි දැවැන්ත කොමිස් මුදල ලබා දීමට එකඟවීමේ හැකියාවක් එම නියෝජිත පිරිසට නොවීය. උදාහරණයක් ලෙස පවසතොත් “K=ක.” පවසා සිටියේ කාලතුවක්කු උණ්ඩයක් සැබවින්ම ඇමෙරිකානු ඩොලර් 400 ක් වටින්නේනම් ඩොලර් 200 කට ඉල්ලා තමන් විසින් ඒ මිල පිළිගෙන නොරින්කෝ සමාගම වෙත නැවත අලෙවිය සිදුකිරීමෙන් පසු සැබෑ වටිනාකමින් අවතක්සේරු කරන ලද ඩොලර් 200 තමන් විසින් යම් විදේශ රටක රහසිගතව පවත්වාගෙන යන අංකයකින් පමණක් හඳුන්වන බැංකු ගිණුමට (Numbered Account) බැරකරන ලෙසය. 


මෙම බැංකු ගිණුම් වල ගිණුම් හිමියකුගේ නම සඳහන් නොවන අතර අයථා ක්‍රමවලින් උපයන මුදල් තැන්පත් කිරීම සඳහා යොදාගනු ලබන ඉතා ආරක්‍ෂිත ක්‍රමයකි. නොරින්කෝ නියෝජිත පිරිස “K=ක.” වෙත පවසා සිටියේ තමන් මේ පිළිබඳව තම මව් රට වෙත ගොස් සමාගමේ බලධාරීන් සමග සාකච්චා කළ යුතු බවයි. ඒ අනුව ඔවුහු නැවත චීනය වෙත ගියහ. මේ අතර “K=ක.” හමුවීමට පැමිණියේ මැද පෙරදිග ත්‍රස්තවාදී කණ්ඩායම් වෙත අවි සපයන ජාත්‍යන්තර අවි ජාවාරම්කරුවෙකි. අපි ඔහුගේ නමේ මුල් අකුරු දෙක වන “නස්. = Nas” ලෙස හඳුන්වමු (මෙ නමින්ම හැඳින්වෙන පුරාවෘත්ත ගත සුප්‍රකට චරිතයක්ද ඇත.)

ශ්‍රී ලංකා රජය විසින් නොරින්කෝ සමාගම වෙත බර අවි උණ්ඩ ආපසු අලෙවි කිරීමක් පිලිබඳ “නස්. = Nas” ට සැලවී තිබිණි.“නස්. = Nas”
“K=ක.” ගේ දිගුකාලීන මිතුරෙකි. ඒ මිත්‍රත්වයේ ආරම්භය සහ ඒ පිලිබඳ වෙනත් විස්තර අප දැනට ඔබවෙත ගෙන නොඑනුයේ දනටමත් මේ ලිපිය දැනටමත් ඉතා දිගුවී ඇති බැවිනි. “නස්. = Nas”, “K=ක.” වෙත යෝජනා කළේ නොරින්කෝ සමාගම වෙත නැවත අලෙවි කිරීමට නියමිත බර අවි උණ්ඩ තමන් වෙත ලබා දෙන්නේ නම් “K=ක.” විසින් යෝජනා කරන ඕනෑම මිලක් ගෙවීමට තමන් සූදානම් බවයි. “K=ක.” එයට එකඟ වුනේ දෙවරක් නොසිතාය. 


ඒ ලැබෙන්නට යන ධන සම්භාරයෙන් දෑස නිලංකාරවය. නමුත් පියවි සිහියට එළඹී “K=ක.” , “නස්. = Nas” වෙතින් විමසා සිටියේ ගැටලුවකින් තොරව මෙය සිදුකරන ආකාරයයි. මෙවැනි කටයුතු වල කෙළ පැමිණි “නස්. = Nas” ඉතා සුක්ෂම සහ ප්‍රායෝගික වන තම සැලැස්ම විස්තර කළේය. පැහැදිලි කිරීම් සඳහා යම් ප්‍රශ්ණ කිහිපයක් නැගූ “K=ක.” එම සැලැස්මෙහි නොවරදිනසුලු ප්‍රයෝගිකත්වය දැක ඒ සඳහා එකඟවිය. ඒ පිලිබඳ සියලු විස්තර අප සතු නමුත් අප ඒ කිසිවක් ඔබ වෙත අනාවරණය නොකරන්නේ අවි නොව වෙනත් ඕනෑම බුද්ධිමත් ජාවාරම්කරුවකු තම ඊළඟ ජාවාරම් සඳහා මේ ලිපිය අත්පොතක් ලෙස භාවිතා කළහැකි බැවිනි.

අප බැවින් ඒ සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී සිදුවූ සිදුවීම් කිහිපයක් පමණක් ඔබ වෙත අනාවරණය කරමු. පිපිරීමට සති 3 කට පමණ කලින් පෙර පැමිණි නියෝජිත කණ්ඩායම නොව වෙනත් නියෝජිත පිරිසක් නොරින්කෝ සමාගම නියෝජනය කරමින් පැමිණ අවි ආපසු මිලදී ගැනීම සඳහා කැමැත්ත පලකරන ලේඛණ සහ ගිවිසුම් සමග ඉතා රහසිගතව මෙහි පැමිණියහ. “K=ක.” සහ “PB = ප.බා.” හමුවූ ඔවුහු ලේඛණ සහ ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳව සාකච්චා කළහ. මෙහිදී මදක් විමසිලිමත් වූ “PB = ප.බා.” නියෝජිත පිරිස වෙතින් විමසා සිටියේ මේ පිලිබඳව චීන තානාපති කාර්යාලය දැනුවත්ද යන්නය. මක්නිසාද යත් නොරින්කෝ යනු චීන රජයට අයත් සමාගමක් බැවිනි. 


මෙහිදී නියෝජිත පිරිසේ ප්‍රධානියා පවසා සිටියේ මේ ගණුදෙනුව සඳහා චීන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයෙන් (Ministry of State Security = MSS) වෙතින් විශේෂ අවසරයක් ලැබී ඇති බවත් මෙය රහසිගත කාර්යයක් බැවින් මේ සඳහා තානාපති කාර්යාලය සම්බන්ධ නොකරගතයුතු බවට තමන් වෙත උපදෙස් ලැබී ඇති බවත් ඒ පිළිබඳව “PB = ප.බා.” වෙත තමන් ලබාදුන් A –3 ලේඛණය නිශ්චිතවම සඳහන් වන බවත්ය. “PB = ප.බා.” විසින් ඒ ලේඛණය පරීක්ෂා කරන ලදුව ඒ සත්‍යයක් බවට පැහැදිලි විය.

මෙහිදී “K=ක.”, “PB = ප.බා.” අමතමින් ප්‍රකාශ කර සිටියේ චීන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යනු චීන රහස් ඔත්තු සේවයම හඳුන්වන පිරිපහදු කළ නමක් බවත්ය. බොහෝ විට එකම රටේ බුද්ධි අංශ සහ තානාපති සේවා නිලධාරීන් අතර ඇත්තේ ගැටුම්කාරී සම්බන්ධතාවයක් බවත්, ඉන්දියානු සාම සාධක හමුදාව මෙරටක්‍රියාත්මක වූ අවධියේ තමන් කර්නල්වරයකුව සිටියදී අත්දකින ලද එවකට ඉන්දියානු මහ කොමසාරිස් වූ ජේ. එන්. ඩික්සිත් සහ රෝ (RAW)සංවිධානය අතරද එමෙන්ම ඩික්සිත් සහ එවකට ඉන්දියානු යුධ හමුදාපති ජෙනරාල් ක්‍රිෂ්ණස්වාමි සුන්ජර්ජි ද අතරද පැවති ගැටුම්කාරී සම්බන්ධතාවයන් පිළබඳව “K=ක.” විසින් “PB = ප.බා.” වෙත විස්තර කරන ලද අතර ආරක්ෂක විෂය ක්ෂේත්‍රය පිලිබඳ ආධුනිකයකු වූ “PB = ප.බා.” ට ඒ පිළිගැනීම හැර වෙනත් විකල්පයක් නොවීය.


නොරින්කෝ දූත පිරිස සමග නිළඑකඟතාවයන්ට පැමිණි අතර ඒ පිලිබඳ “K=ක.” සහ “PB = ප.බා.” විසින් “දූපත්පති PG = ප.ග.”, දැනුවත් කළ අතර මේ ගණුදෙනුව පිළිබඳව “MP = ම. පො.” දැනුවත් නොකළයුතු බව “K=ක.” විසින් “PG = ප. ග.” වෙත අවධාරණය කෙරුනු අතර “PG = ප. ග.” විසින්ද ඒ අනුමත කෙරුනේ “MP = ම. පො.” යනු ඇතැම් විට විදේශ කටයුතු වලදී තමන්ගේ උපදෙස් ද නොසලකා ක්‍රියාකරන අති පණ්ඩිතයකු ලෙස සඳහන් කරමිනි. එසේම යම් ආකාරයකින් “MP = ම. පො.”ට මේ කාර්යය පිලිබඳ දැනගැනීමට ඇති හැකියාව නිසා මේ පිළිබඳව “WBT = වැ.බැ.ටා.” ද දැනුවත් නොකරණ බවද “PG = ප. ග.” විසින් තවදුරටත් සඳහන් කෙරිණි.


නොරින්කෝ දූත පිරිසේ අධීක්ෂණය යටතේ සාලාව කඳවුරේ අවි ගබඩාවෙන් බර අවි උණ්ඩ ඉවත් කිරීම පසුදිනම ආරම්භ විය. අඩි 40 ප්‍රමාණයේ කන්ටේනර මේ සඳහා යොදාගන්නා ලද අතර විටින් විට එම ප්‍රමාණයේ බහාලුම් 67 ක් වෙත අවි පැටවිණි. රාත්‍රී කාලයන්හිදී දැඩි ආරක්ෂාව යටතේ මේ අවි කොළඹ වරාය වෙත ප්‍රවාහනය කෙරුණු අතර එහිදී මේ අවි පැටවුනේ කන්ටේනර් ප්‍රවාහනය කරන ෆීඩර් (Feeder)වර්ගයේ නෞකාවක් වෙතය. මේ නෞකා භාවිත වනුයේ කන්ටේනර් ප්‍රවාහනය කරන විශාල ප්‍රමාණයේ නෞකා වෙත මුහුද මැදදී කන්ටේනර් ලබාදීම සඳහාය.


මේ සඳහා කාර්යයේදී තමන් කැමති ඕනෑම සන්නද්ධ හමුදා හෝ රාජ්‍ය සේවා සාමාජිකයකු යොදා ගැනීමේ බලතලද මේ සඳහා යටිතල පහසුකම් සැලසිය යුතු අනෙකුත් ආයතන ලෙස තමන් අදහස් කරන ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව , ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රීලන්කන් ගුවන් සේවය ඇතුලු වෙනත් ඕනෑම ආයතනයක ප්‍රධානීන් වෙත වාචික නියෝග නිකුත්කිරීමේ බලය සහ එම නිලධාරීන් එම නියෝගයන්ට අනුගතවීමේ අවනතභාවයත් “K=ක.” වෙත “දූපත්පති PG = ප.ග.”, සහ “WBT = වැ.බැ.ටා.” විසින් කල් තබාම ලබා දී තිබූ නිසා සමස්ත කාර්යේදී කිසිදු බාධාවක් සිදු නොවීය.


කන්ටේනර් පටවන ලද නෞකාව කොළඹ වරායෙන් පිටත්වූ අතර නාවික සැතපුම් 600 ක පමණ දුරක් යාත්‍රා කිරීමෙන් පසු මේ නෞකාවට තමන් බලාපොරොත්තුවෙන් සිටි කන්ටේනර් ප්‍රවාහනය කරන විශාල ප්‍රමාණයේ නෞකාව හමුවිය. ඉහත සඳහන් කළ කන්ටේනර් ඒ නෞකාව වෙත පැටවුණු අතර ඒ නෞකාව යාත්‍රා කළේ යම් අප්‍රිකානු රටක් වෙතය. මේ නෞකාවන්හි නාමයන් සහ ගමන් විස්තරයන් අප සතුව පවතින අතර ඒ විස්තරයන් අප වෙත ලබාදුන් මිත්‍ර රාජ්‍යයක් සමග වූ පොරන්දුවක් හේතුවෙන් වැඩි විස්තර දැනට ඔබ වෙත අනාවරණය කිරීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.


දැන් ඔබ මදක් විශ්මයට පත්වනු නොඅනුමානය. ඔබ දැන් සැකකරනුයේ “K=ක.” , “නස්. = Nas” සහ නොරින්කෝ සමාගම සම්බන්ධ කුමන්ත්‍රණයක් පිලිබඳවය. නමුත් සත්‍යය නම් ඒ අවස්ථාව වනවිට නොරින්කෝ සමාගම මෙවැනි මිලදී ගැනීමක් සහ ප්‍රවාහනයක් පිළිබඳව කිසිවක් නොදැන සිටීමය. 


දෙවන වර පැමිණි නියෝජිත පිරිස “නස්. = Nas” විසින් එවන ලද විශිෂ්ඨ පුහුණුවක් ලද හොංකොං වෙතින් පැමිණි පිරිසකි. දෙවනුව “K=ක.” ට සහ “නස්. = Nas”ට විසඳාගැනීමට තිබූ ප්‍රශ්නය නම් යම් විගණනයකදී සාලාව අවි ගබඩාවේ බර අවි උණ්ඩ අඩුවී ඇති බවත් “නැවත අලෙවියෙන්” ලද මුදල් රජයේ ඒකාබද්ධ අරමුදලට බැර නොවී තිබීමත් අනාවරණය වීම වැලැක්වීමය.

ඒ සඳහා ඔවුන් ක්‍රියාත්මක කළ සැලසුම නම් “X” ද සමගින් කල් ඉකුත් වූ බර අවි උණ්ඩ විශාල ප්‍රමාණයක්ද, භාවිතා කළහැකි බර අවි උණ්ඩ සුළු ප්‍රමාණයක්ද සහ යම් සුළු අවි සහ උණ්ඩ ප්‍රමාණයක්ද තිබූ සාලාව අවි ගබඩාව පුපුරවා හැරීමයි. එම පිපිරීම සමග සියලු උණ්ඩ සහ අදාල ලේඛණද විනාශ වන බැවින් කිසිදු විගණන කටයුත්තකට ඉඩක් නොමැත. සැලසුමේ මේ කොටස අර්ධ වශයෙන් සාර්ථක වුනත්“X” දිවි ගලවාගැනීමට සමත් විය. ඒ ස්කෑනරය තුළ බෝම්බය ඇටවූ පුද්ගලයා විසින් සිදුකළ වැරදි දෙකක් හේතුවෙනි. 

ඔහු විසින්ස්කෑනරයට බලය සපයන බැටරි වලින් ට්‍රාන්ස්පොන්ඩරයට, ට්‍රාන්සීවරයට සහ පිපුරුම් යාන්ත්‍රණයට බලය ලබා නොදිය යුතුව තිබිණි. ඇතැම් විට ස්කෑනරයේ යට කොටසේ ඇති අඩු ඉඩකඩ නිසා අමතර බැටරියක් සවිකිරීමට අපහසු වූවා විය හැකිය. එසේ නම් ඔහු විසින් සිදුකළ යුතුව තිබුණේ ස්කෑනරයේ පළමු බැටරියෙන් නොව දෙවන බැටරියෙන් ඉහත උපාංගයන්ට බලය ලබා දීමය. 

එසේ කළා නම් ඒ තරම් ඉක්මනින් පළමු බැටරියේ බලය අඩුවන්නේද නැත. නමුත් බෝම්බය සහිත ස්කෑනරය දැන් විනාශවී ඇති නිසා කිසිදා අපට පැහැදිලි කර ගත නොහැකි කාරණයක් ඇත. ඒ පළමු බැටරියේ බලය අඩපණ වෙද්දී ස්වයංක්‍රීයව දෙවන බැටරිය මගින් ස්කෑනරය වෙත බලය ලබා දිය යුතුව තිබුණත් එසේ සිදු නොවුනේ මන්ද යන්නය.අපි එය “X” ගේ වාසනාව ලෙස හඳුන්වමු.

දැන් අපි මේ සිදුවීම සම්බන්ධ ජාත්‍යන්තර හා දේශීය දේශපාලනයපිලිබඳ සිදුවීම් වෙත අවධානය යොමු කරමු.“X” ට රැකවරණය සලසන මිත්‍ර රාජ්‍යය තම ඔත්තු සේවය විසින් ලබාදෙන ලද කොළඹ වරාය ආශ්‍රිතව සිදුවූ අප සඳහන් කළ නැව්ගත කිරීම පිලිබඳව තොරතුරු ලබාගෙන තිබිණි. නමුත් ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු වාර්තා කිරීමට එම ඔත්තු සේවය අපොහොසත්ව තිබිණි. 


පසුව “X” විසින් සපයන ලද තොරතුරු විශ්ලේෂණය කළ ඔවුහු සිදුවීමේ අග මුල අනාවරණය කරගත්තේ කෙටි කලෙකිනි. මේඔත්තු සේවය විසින් තමන් විසින් අනාවරණය කරගන්නා ලද තොරතුරු සාමාන්‍යයෙන් තම ප්‍රතිවාදියකු ලෙස සැලකෙන රටක ඔත්තු සේවයක් වෙත දන්වන ලදී. 

ප්‍රතිවාදියකු වෙත කෙරුණු මේ අනාවරණය ඔබ විශ්මයට පත් කරනු නිසැකය. නමුත් මිත්‍ර රාජ්‍යයේ ඔත්තු සේවය ක්‍රියාකළේ ඉතා බුද්ධිමත්වය. තම රටේ නිෂ්පාදිත අවි හෝ උණ්ඩ යම් ත්‍රස්තවාදී සංවිධානයක් වෙත තිබී වෙනත් රටක් විසින් සොයාගනු ලැබීමෙන් ජාත්‍යන්තරව තම රට පත්වන අපහසුතාවය සැලකිල්ලට ගනිමින් ඔවුහු මෙහිදී ක්‍රියා කළහ. 

එයට ප්‍රතිචාරව ප්‍රතිවාදී රටේ ඔත්තු සේවයද වහාම පරීක්ෂණයක් ආරම්භ කළ අතර ඒ තොරතුරු අප මිත්‍ර රාජ්‍යයේ ඔත්තු සේවය වෙත අනාවරණය කෙරිණි. මේ ඔත්තු සේවා දෙකෙහිම මතය වුයේ සියලු තොරතුරු “දූපත්පති PG = ප.ග.”, සහ “WBT = වැ.බැ.ටා.” වෙත ලබා දිය යුතු බවයි. වහාම එසේ කරන ලද අතර ලද තොරතුරු වලින් ඔවුහු විශ්මයට පත්ව වහාම “K=ක” ගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කෙරිණි. 

ඉන් කිසිදු තැතිගැන්මකට පත් නොවූ “K=ක” ප්‍රකාශ කළේ “දූපත්පති PG = ප.ග.”, සහ “WBT = වැ.බැ.ටා.” අසල්වැසි රටක් හා පැමිණි සියලු එකඟතාවයන් පිලිබඳ සියලු ලේඛණ වල පිටපත් සහ සිදුකෙරුණු මුල්‍ය ගණුදෙනු පිලිබඳ විස්තර තමන් සතුව පවතින බව ඔවුනට ඉඟි කිරීම පමණි. එනයින්ම “දූපත්පති PG = ප.ග.”, සහ “WBT = වැ.බැ.ටා.” නිහඬ වූහ.

මේ අතර “K=ක.” ඉහත සඳහන් කළ ඔත්තු සේවා දෙකින් එකක ස්වාමීත්වය දරණ රටක සංචාරය කිරීම සඳහා වීසා අයදුම් කරනලද අතර මේ සිද්ධිය පිලිබඳ සියලු තතු දත් එම රට වෙතින් ඒ අයදුම ප්‍රතික්ෂේප විය. 


තමන් වටා ජාත්‍යන්තර දැලක් එලෙමින් පවතින බව වටහාගත් “K=ක” කළේ “WBT = වැ.බැ.ටා.” හමුවී මීට වසර අටකට පමණ පෙර සිදුවූ “දූපත්පති PG = ප.ග.”, පිලිබඳ අතිශය පෞද්ගලික සිදුවීමක් සම්බන්ධ වීඩියෝ දර්ශණ සහ හඬ පට ඇතුලත් තොරතුරු රැසක් “WBT = වැ.බැ.ටා.” වෙත ඉදිරිපත් කර “WBT = වැ.බැ.ටා.” නායකත්වය දරණ පක්ෂයේ සාමාජිකත්වය අයදුම් කිරීමයි. 

“දූපත්පති PG = ප.ග.”, පාලනය කිරීමට සුදුසු අවියක් තමන් වෙත ලැබුණු බැව් වටහා ගත් “WBT = වැ.බැ.ටා.” කළේ තම පක්ෂ ජෙෂ්ඨයන් රැසකගේ අවවාදය සහ විරෝධය නොසලකා “K=ක.” වෙත පක්ෂ සාමාජිකත්වය පිරිනැමීමයි.

නමුත් ප්‍රශ්නය ඉන් සම්පූර්ණයෙන්ම යටපත් නොවීය. ඉහත කී ඔත්තු සේවා දෙක අයත් රටවල් දෙකින් එක් රටක විදේශ අමාත්‍යවරයාද අනෙක් රටේ අප භූගෝලීය කලාපය භාර සහකාර රාජ්‍ය ලේකම්වරියද විසින් කෙරෙන ශ්‍රී ලංකා සංචාරයන් හිදී මේ පිළිබඳව “දූපත්පති PG = ප.ග.”, “WBT = වැ.බැ.ටා.” සහ “MP = ම. පො.” සමග ගැඹුරින් සාකච්ඡා කිරීමට නියමිතය.


මේ දිගු ලිපිය අවසානයේ අපි ඔබට ඉතා වැදගත් යමක් අනාවරණය කරමු. එනම් “X” අවි ගබඩාවට පිවිසීමට ප්‍රථම ඒ භාර ලුතිනන්වරයා විසින් ලබාදුන් අවි ගබඩාව සම්බන්ධ ඉන්වෙන්ට්‍රිය, තමන් වෙත ලබා දුන් ස්කෑනරයට නිෂ්පාදකයා විසින් යොදන ලද අංකය (Serial Number) සඳහන් ස්ටිකරය සහ තමන් විසින් තම “Pen Drive” වෙත ස්කෑනරය වෙතින් පිටපත් කරගන්නා ලද සියලු දත්ත පිපිරීමට පෙර සුරක්ෂිතව ඉවත් කරගැනීමටද රටින් බැහැර කර ගැනීමටද “X” සමත්වූ බවයි.


අනාගතයේදී නිසැකව බිහිවන, රටට සැබවින්ම ආදරය කරන රජයක් විසින් මේ ඛේදවාචකය පිලිබඳව පවත්වනු ලබන විධිමත් පරීක්ෂණයකදී සහ ඉන් පසුව සිදුකරනු ලබන නඩු විභාගයකදී රජයේ සාක්ෂිකරුවකු ලෙස “X”ද ඉහත කී ලේඛනයන්ද අතිශය වැදගත්ය.

ඒකාබද්ධ විපක්ෂයද කළයුත්තේ “ඡායා කැබිනට්ටුව” වැනි සිල්ලර කාරණා තොරොම්බල් කිරීම නොව දැන්වත් මේ ඛේදවාචකයේ සත්‍යය මහජනතාව වෙත හෙළිදරව් කිරීමයි. අප ඉහත සඳහන් කළ තරුණ දේශපාලනඥයා හමුදා බුද්ධි අංශය සාලාව පිපිරීම සම්බන්ධ පරීක්ෂණ වලට සම්බන්ධ කර නොගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්ණ කළමුත් ඒකාබද්ධ විපක්ෂයෙන් ලද ප්‍රමාණවත් සහයක් නොමැති නිසා මේ වනවිට නිහඬය.


(උපුටා ගැනීම : ලංකා නිවුස් වෙබ් ටුඩේ)

5 comments:

  1. Lassanata gothala thiyanawa.... 1990 ආම් එකට ආපු නිලදාරියෙක් මෙච්චර ඉක්මනට මේජර් වෙන්නෙ කොහොමද....? ඕක කියපන් කොන්ඩෙ බැදපු චිනෙකුට.... ම්නිස්සු ඔච්චරම ගොන්නු කියලද උබලා හිතන්නේ.... යකෝ 18 yers වලින් Army එකට ආවත් 30 yers වයස වෙනවා Major වෙන්න... උබලා කියන X 1990 ඉපදිලා 2008 Army එකට ආවත් ඒකා Major වෙන්න 2020 වෙනවා.... බොරු කියල Sri Lanka Army එක කන්න එපා....

    ReplyDelete
    Replies
    1. 1990 ඉපදුන කියලා හදාගන්න... Typing Mistake

      Delete
    2. 1990 ඉපදුන කියලා හදාගන්න... Typing Mistake

      Delete
  2. Lassanata gothala thiyanawa.... 1990 ආම් එකට ආපු නිලදාරියෙක් මෙච්චර ඉක්මනට මේජර් වෙන්නෙ කොහොමද....? ඕක කියපන් කොන්ඩෙ බැදපු චිනෙකුට.... ම්නිස්සු ඔච්චරම ගොන්නු කියලද උබලා හිතන්නේ.... යකෝ 18 yers වලින් Army එකට ආවත් 30 yers වයස වෙනවා Major වෙන්න... උබලා කියන X 1990 ඉපදිලා 2008 Army එකට ආවත් ඒකා Major වෙන්න 2020 වෙනවා.... බොරු කියල Sri Lanka Army එක කන්න එපා....

    ReplyDelete
  3. මේජර් X ගැන බොහෝ දේ ගවේෂණය කර තිබෙන බව ඇගෙවුවත් ඔහු උපන් කාලයයි හමුදාවට බැඳුණු කාලයයි අතර වෙනස අවුරුදු 10 ක් 12ක් වීම තමයි අවුල. ඒ කියන්නේ 90 දශකයේ මුල ඉපදී 2000 දශකයේ මුල හමුදාවට බැඳිල යුද්ධය ඉවර වෙනකොට මේජර් වෙනකොටත් අවුරුදු 20 ක් ලබල නැති එක අවුල් වගේ නේද? නිකං පට්ට කෙබර ඇඳ නොබා වැඩකට ඇති වැඩක් කොලානම් කොයි තරම් හොඳද? ඈ........

    ReplyDelete

Post Bottom Ad