“කවුරු දඩයම් කලත් ගමන ඉදිරියටම… “රිවර්ස්” නෑ….” – මහින්ද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 13, 2016

“කවුරු දඩයම් කලත් ගමන ඉදිරියටම… “රිවර්ස්” නෑ….” – මහින්ද

පළාත් පාලන සභාපතිවරුන්ගේ සංසදය පිහිටුවීම නිමිත්තෙන් අද බත්තරමුල්ලේදී පැවැති මාධ්‍ය හමුවකදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ මෙය සැකකරුවන් විත්තිකරුවන් කරන යුගයක් බවත්, කවුරු දඩයම් කළත්, කවුරු අත්අඩංගුවට ගැනීමක් කළත්, ගමන අත්හරින්නේ නැති බවත්, ඉන් පන්නරයක් අරන් ඉස්සරහට මිස ආපස්සට ගමනක් නොයන බවයි.

ඔහු තවදුරටත් කියා සිටියේ ලබන 28 නුවර සිට ආරම්භ කරන පාගමන කොළඹට එන බවත්, මේ ආණ්ඩුව පෙරළන එක ලොකු දෙයක් නොවන බවත්ය.


ලොකු මෝරුන් අල්ලන බව යූඑන්පිය කියා ඇති බව මෙහිදී මාධ්‍යවේදීන් පෙන්වාදුන්‍ අවස්ථාවේ නාමල් කියන්නේ මෝරෙක්දැයි පෙරළා ප්‍රශ්න කළ හිටපු ජනපති නාමල් අල්ලන එක තීරණය කරන්නේ රටේ ඇමතිවරු බවත්, මෙය නීතියදැයි ප්‍රශ්න කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad