ආණ්ඩුවේ සාමුහිකතාව රකින්නට ශ‍්‍රිලනිපයට යුතුකමක් ඇතත් අසාධාරණ ලෙස බදු අය කිරීම වැරදි බව බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.වැට් බදු ඉහල නැංවීම බදු මූලධර්මවලට පටහැනි බවත් ජනතාවට කරන ඉතා ආසාධාරණයක් බවත් ඒ මහතා කියා සිටියේ දෙරණ රූපවාහිනියේ වාදපිටිය වැඩසටහනේදීය.
ආණ්ඩුව වෙනුවෙන් පැමිණ සිටි මුජිබර් රහුමන් මහතා පමණක් ඉතා අපහසුවෙන් ආණ්ඩුව රැකීම වෙනුවෙන් පෙනී සිටි අතර ඉසුර දේවප‍්‍රිය මහතා මෛත‍්‍රි පාර්ශ්වය රකින්න එවන්ම වෙහෙසක් ගත්තේය.
No comments:
Post a Comment