2016 මුදල් වර්ෂය සඳහා අතිරේක මුදලක් ලබා ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව සම්බන්ධයෙන් අද (06) දිනයේ ද පාර්ලිමේන්තුව තුළ උණුසුම්කාරී වාතාවරණයක් ඇති විය.
පරිපූරක ඇස්තමේන්තුව සම්බන්ධයෙන් අද උදෑසන කරුණූ දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (05) දිනයේ පාර්ලිමේන්තුවේ සිදු වූ වැරදි 05ක් පිළිබඳ සඳහන් කළ අතර පරිපූරක ඇස්තමේන්තුව සභාව අනුමත නොකිරීම, පක්ෂය ඡන්දය දුන් මන්ත්‍රී සංඛ්‍යාව 33ක් බව ප්‍රකාශ කිරීම වැරදි බව ප්‍රකාශ කළේ ය.
තව ද ඡන්දය පැවැත් වූ ක්‍රියාදාමය සහ සභාව කල්තැබීමේ අවස්ථාවේ ප්‍රශ්න ඇසීමට තිබූ අවස්ථාව අහිමිවීම මෙන්ම අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වන බව කල්තැබීමේ අවස්ථාවේදී දැනුම් දී පෙරවරු 10.30ට පාර්ලිමේන්තුව රැස්විම ද වැරදි සහගත බව අනුර කුමාර දිසානායක මහතා පැවසූ අතර අනතුරුව නැගී සිටි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ ස්ථාවර නියෝග අනුව පනතක් සම්මත වූ බව මූලාසනය තීන්දුවක් ලබාදීමෙන් පසු නැවත ඡන්දය ගණන් කළ නොහැකි බවයි.
ඡන්දයක් නැවත ගණන් කිරීමට ස්ථාවර නියෝග යටතේ හැකියාව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ අතර ඊට ප්‍රතිචාර දැක්වූ දයාසිරි ජයසේකර අමාත්‍යවරයා සඳහන් කළේ ස්ථාවර නියෝග අනුව එවැනි ගණන් කිරීමක් සිදු කිරීමට නම් මූලාසනය විසින් ප්‍රතිඵලය ප්‍රකාශ කිරීමට පෙර ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු බවයි.
කතානායකවරයා විසින් මන්ත්‍රීවරුන්ගේ විරෝධය පාලනය කිරීමට දැඩි උත්සහයක් ගත් අතර සිද්ධිය පිළිබඳ නැවත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස විපක්ෂනායක ආර්.සම්බන්ධන්, චමල් රාජපක්ෂ, විජයදාස රාජපක්ෂ සහ රහුෆ් හකීම් යන මහත්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බව දැනුම් දී තිබේ.
යෝජනාවට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන් එම කමිටුවට පත් කිරීම සාධාරණ නොවන බව එහි දී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා අදහස් දැක්වූයේ පරිපූරක ඇස්තමේන්තුව මගින් සභාව නොමගයවා ඇති බවයි.
බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා රීති ප්‍රශ්නයක් මතු කිරීමට උත්සහ කළ ද කථානායකවරයා ඊට ඉඩ ලබා නොදුන් අතර මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය හමුවේ පක්ෂ නායක රැස්වීමක් සඳහා සභාව කල්තැබීමට කථානායකවරයාට සිදු වුණි.
වීඩියෝව පහතින්....

No comments:
Post a Comment