ඒකාබද්ධ විපක්ෂයෙන් කතානායකට එරෙහි නඩුවක්? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 6, 2016

ඒකාබද්ධ විපක්ෂයෙන් කතානායකට එරෙහි නඩුවක්?

පරිපූරක ඇස්තමේන්තුව වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ විශේෂ විවාදයක් පැවැත්විය යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

අද (06) පාර්ලිමේන්තු සංකීරණ්ය තුළ පැවැත්වූ මාධ්‍ය හමුවක දී ඔවුන් මේ බව පැවසී ය. මෙම පරිපූරක ඇස්තමේන්තුව අත්සන් කළ හොත් කතානායකවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙහි නඩුවක් ගොණු කරන බව ද ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ ය.

විමල් වීරවංශ මහතා පැවසූවේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට කණ කොකා හඬා ඇති බවත් පාර්ලිමේන්තු ලේකම්වරයා විසින් වැරදි සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් කළේ හිතාමතාම වන බවත් ය. එම නිසා පාර්ලිමේන්තු ලේකම්වරයා අස් විය යුතු බවත් එසේ අස් නොවන්නේ නම් කතානායකවරයා විසින් ඔහුව අස් කළ යුතු බවත් වීරවංශ මහතා පැවසුවේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad