කොහෙවත් යන ශ්‍රිලනීප කාරයන්ට අත උස්ස ගන්න බැරිනම් උන් මොකටද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 6, 2016

කොහෙවත් යන ශ්‍රිලනීප කාරයන්ට අත උස්ස ගන්න බැරිනම් උන් මොකටද?

කොහෙවත් යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එවුන් ටික පාර්ලිමේන්තුවේ ඡන්දයක් සම්මත කර ගැනිමටවත් අත උස්සන්නට පාර්ලිමේන්තුවේ ඉන්නට බැරිනම් උන්ගෙන් ඇති වැඩේ මොකක්ද යන්න අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තුව කණ්ඩායම සමග පැවති සාකච්ඡාවකදි පැවසු බව එජාප ප විශේෂ වාර්තාකරු සදහන් කළා.

අගමැතිවරයාගේ සුඛ විහරණයට සහ යහපාලනයට අලුතින් එකතු ඇමතිවරුන්ට ආතල් ගැනිම ඇතුලු රටේ ජනතාව පීධාවට පත්කරන රුපියල් මිලියන 55ක පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කර ගැනීම සඳහා අද පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීම සම විමත් සමග ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් යලිත් පනත් කැබිනෙට්ටුවට ඉදිරිපත් කර ඡන්ද විමසිමට ලක්කලයුතු බව පෙන්වා දුන්නා.

පනත සදහා පක්‍ෂව ඡන්ද 31ක් හා විපක්‍ෂව ඡන්ද 31ක් ලැබී ඇති නමුත් කතානායකවරයා වංචනික අකාරයට එය වෙනස් කරමින් පක්‍ෂව ඡන්ද 33ක් හා විපක්‍ෂය ඡන්ද 31ක් ලැබුණු බවට නිවේදනය කර තිබේ.පසුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අදාළ ඡන්ද විමසිම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ලේකම්වරයාගේ නිල කාමරයේදී අදාල වීඩියෝ පට පරීක්‍ෂා කරන ලද අතර එහිදී පක්‍ෂව ඡන්ද 30ක් හා විපක්‍ෂව ඡන්ද 31ක් ලැබී ඇතැයි තහවුරු වි ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

අදාල ඇස්තමේන්තු පාර්ලිමේන්තුව තුල සම්මත කර ගැනිමට නොහැකි කණ්ඩායමක් සමග තමන් තවදුරටත් රටක් කරගෙන යන්නේ කෙසේද යන්න ප්‍රශ්ණ කරමින් අගමැතිවරයා බැන වැදි ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රිවරයෙකු එම අවස්ථාවේ පවසා ඇත්තේ එජාපය සමග එක්ව ඇමතිකමක් දරණ ශ්‍රිලනිප මන්ත්‍රිවරයෙකු සිය දුරකථනයෙන් එලියේ සිටි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ඇමතුමක් දී වරෙන් ..ඉක්මනට වරෙන් මෙක පරද්දන්න පුලුවන් යනුවෙන් පැවසු බව පවසා තිබේ.

ආණ්ඩුවේම කිසියම් ප්‍රභලයෙකු මෙම හදිසි ඡන්ද විමසිම හා ප්‍රථිපලය යලි ගණන් කිරිමට අවස්ථාව ලබාදිම පසුපස සිටින බවත් ඔහුන් කවුරුන්ද යන්න ඉක්මනින්ම සොයා ගැනිම අනිවාර්‍යයෙන්ම සිදුවිය යුතු බවද මන්ත්‍රී කණ්ඩායම අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දි තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad