ඇමති චම්පිකට අත දිගුවෙන්න කලින් කළ යුතු දේ ගැන සදාහරිත සංගමය කියයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 9, 2016

ඇමති චම්පිකට අත දිගුවෙන්න කලින් කළ යුතු දේ ගැන සදාහරිත සංගමය කියයි (VIDEO)

පොදු දේපලක් කඩා දමමින් රාජ්‍යට මුදල් පාඩු කළ පුද්ගලයින් බේරා ගැනීමට රජයේ ඇතැමුන් උත්සාහ දරණ බව වත්තල ව්‍යායාම කිරීමේ මන්තීරුව කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන සදාහරිත පරිසර හා සුබසාධක සංගමය පවසයි.

ඉකුත් 02 වැනි දා වත්තල පොලීසිය විසින් ඒ සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කළ බවත් මෝසමක් මගින් ඔවුන් නිදහස් කර ගැනීමට පිරිසක් උත්සාහ කර ඇති බවත් එහි සභාපති බී.අයි. ආබිඩීන් මහතා සඳහන් කරයි. 

තමාගේ වගකීම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගය කවරක් ද යන්න විමසමින් ඉකුත් මාර්තු මස 06 වැනි දා පාඨලි චම්පික රණවක අමාත්‍යවරයාට ලිපියක් යොමු කළ බව ද ඔහු පෙන්වා දුන්නේ ය.ඒ සම්බන්ධයෙන් පාඨලි චම්පික අමාත්‍යවරයාට අත දිගුවීමට පෙර අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් විනාශ කළේ පොදු දේපලක් යන කාරණය අධිකරණයට කරුණු දැක්විය යුතු බව ඔහු පවසයි. 

ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට කිසිම නෛතික අයිතියක් හෝ බලපෑමක් ඇති කළ නොහැකි පෞද්ගලික ඉඩමක එය පවතින බව එහි සභාපති අසේල ඉද්දවල මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ය.

ඉකුත් මාර්තු මස 26 වැනි දා බැකෝ යන්ත්‍ර උපයෝගී කර ගනිමින් වත්තල ප්‍රදේශයේ ව්‍යායාම කිරීමේ මන්තීරුව කඩා ඉවත් කර තිබූ අතර ඊට ප්‍රදේශවාසීන් ද දැඩි විරෝධතා දක්වනු ලැබී ය. එම ප්‍රදේශයේ දේශපාලඥයෙකුවන ජෝන් අමරතුංග මහතාට ද ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත. එසේ ම එම මංතීරුවේ ප්‍රතිසංස්කරණ කටයුතු ඉකුත් අප්‍රේල් මස 05 වැනි දා ආරම්භ කරනු ලැබී ය.

ඊට අදාල වීඩියෝව පහතින්, 


No comments:

Post a Comment

Post Bottom Ad