පැනමා හෙළිදරව්වේ ඉන්න ලාංකිකයින්ට වෙන දේ මෙන්න (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 11, 2016

පැනමා හෙළිදරව්වේ ඉන්න ලාංකිකයින්ට වෙන දේ මෙන්න (VIDEO)

පැනමා රහස් ලේඛනවල අන්තර්ගත ශ්‍රී ලාංකිකයින්ගේ නම් 65ක් මේ වන විට හෙළිදරව් වී තිබේ.

එමෙන්ම විදෙස් රටවල්වල ස්ථාපිතව ඇති ශ්‍රී ලාංකීය සමාගම් 3ක් ද අතරමැදියන් බව පැවසෙන්නන් 7 දෙනෙක් සහ ශ්‍රී ලාංකීය පුද්ගල ලිපින 53ක් ද පැනමා ලේඛන තුළ අන්තර්ගතව තිබේ.

කෙසේ වෙතත් මෙම පැනමා ලේඛන තුළ නම අන්තර්ගත වූ පමණින් එම පුද්ගලයා හෝ සමාගම වත්කම් සඟවා බදු වංචා සිදුකරන බවට සනාථ නොවන බව ද පැනමා ලේඛන පිළිබඳ හෙළිදරව් කළ සංවිධානය පවසයි.

මෙහි ඇතුළත් ශ්‍රී ලාංකිකයින්ගේ වංචනික භාවය ඔප්පු වුවහොත් ඒ කිසිවෙකුට රැකවරණය නොදෙන බවත් එවන් වංචාවක් සිදු කර ඇත්නම් කුමන තරාතිරමක කෙනෙකු වුවත් දඬුවම් විඳිය යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසා තිබේ.එමෙන්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඒ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන බවට 100%ක් විශ්වාස යැයි ද ඒ මහතා පවසා ඇත.

පැනමා ලේඛන පිළිබඳව දේශපාලන නියෝජිතයින් දැක්වූ අදහස් ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න...


No comments:

Post a Comment

Post Bottom Ad