රේල් පාරේ නිදා සිටි තරුණයින් දුම්රියට බිලි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 7, 2016

රේල් පාරේ නිදා සිටි තරුණයින් දුම්රියට බිලි (PHOTOS)

රේල් පාරේ නිදා සිටි තරුණයින් දුම්රියට බිලි (PHOTOS)
කොලඹ සිට යාපනය දක්වා ධාවනය වෙමින් තිබූ තැපැල් දුම්රියේ ගැටී තරුණයින් දෙදෙනෙකු මරණයට පත් වී තිබේ.

කෝපායි පොලීසිය සඳහන් කරන පරිදි මොවුන් දෙදෙනා යාපනය කොන්ඩාවිල් ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ නිදාගෙන සිටිය දී මෙම අනතුරට මුහුණ දී ඇත.

අනතුර හේතුවෙන් මිය ගොස් ඇත්තේ යාපනය ඉරුපලෙයි ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි මෝහනරාසා නිශාන්තන් හා 18 හැවිරිදි පරමනාදන් ජෙයරාම් යන තරුණයින්ය.

කෙසේ වෙතත් අදාල තරුණයින් දෙදෙනා හිතා මතා සිය දිවි හානි කරගත්තේ ද දුම්රිය එන බව නොදැන නින්දයාමෙන් දුම්රියේ ගැටී ඇත්ද යන්න පිළබඳව කෝපායි පොලීසිය වැඩිදුරටත් පරික්ෂණ සිදු කරයි.

ඡායාරූප පහතින්....

වන්නි - රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad