ICC උගුලෙන් කුසල්ව බේරාගත්තේ මෙහෙමයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 13, 2016

ICC උගුලෙන් කුසල්ව බේරාගත්තේ මෙහෙමයි (VIDEO)

ක්‍රීඩකයෙකුට මෙවන් ඉරණමක් අත්වූ විට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙස එහි නීති රීතිවලට හිස නමන අතරතුර ක්‍රීඩකයා පිළිබඳ වගකීම ද නිසි පරිදි කළමනාකරණය කර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.

එමෙන්ම කුසල් ජනිත් පෙරේරා මහතා පිළිබඳ සිදුවීමේ දී ලොව උසස්ම තත්ත්වයේ ජාත්‍යන්තර නීති උපදෙස් ද ගත් බව සුමතිපාල මහතා පැහැදිලි කළේ ය.


තහනම් උත්තේජක ගත් බවට චෝදනා කරමින් තරග තහනමකට ලක්ව සිටි ශ්‍රී ලාංකීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා මහතා එම චෝදනාවලින් නිදහස් බවට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ (11) ප්‍රකාශයට පත් කළ අතර ඒ සම්බන්ධයෙන් අද (12) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවක් අතරතුර දී සුමතිපාල මහතා මේ බව පැවසීය.

තව ද කුසල් ජනිත් පෙරේරා මහතාගේ නිර්දෝශීභාවය ඔප්පු කරගැනීම සඳහා ලොව පවතින උසස්ම සහ මිලෙන් අධිකම පරීක්ෂණ සිදු කළ බවත් එම පරීක්ෂණ වාර්තාවලින් පෙරේරා මහතා නිදොස් බව ඔප්පු වූ බවත් සුමතිපාල මහතා හෙළි කළේ ය.

ලොව උසස්ම තාක්ෂණයෙන් කරන ලද පරීක්ෂණ වාර්තා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට ඉදිරිපත් කිරීමෙන් පසුව කුසල් ජනිත් පෙරේරා මහතාගේ තරග තහනම ඉවත් කිරීමට එම ආයතනයට සිදු වූ බව යි තිලංග සුමතිපාල මහතා වැඩිදුරටත් කියා සිටියේ.

වීඩියෝව පහතින්....

No comments:

Post a Comment

Post Bottom Ad