අර්ජුන රණතුංග වරාය සහ නාවික කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉවත්කර තමන්ට එම අමාත්‍යාංශය ලබාදෙන ලෙස හදිසියේම ඊයේ සිංගප්පූරුවට ගිය මඩ ව්‍යාපාරයේ පියා මෙන්ම ගොබේල්ස් න්‍යායචාර්‍ය අමාත්‍ය මංගල සමරවිර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලිමක් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කලා.
ජනාධිපතිවරායාද තමන්ට එම අමාත්‍ය ධුරය ලබාදිමට කැමත්තෙන් සිටින නමුත් අර්ජුන සමග ගැටුමක් ඇති වේ යයි බියෙන් එයට මැදිහත් නොවන බවයි මංගල එහිදි පෙන්වා දි ඇත්තේ.
මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රට වටේ රවුම් ගසා පැමිණිමෙන් පසුව අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරිමට නියමිත අතර එම සංශෝධනයේදි වරාය සහ නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එම අමාත්‍යංශයෙන් ඉවත්කිරීමට දෙදෙනාම එකඟත්වය පලකර ඇති අතර ඊට ප්‍රධානම හේතුව වි ඇත්තේ අරජුනගේ අදක්ෂ පරිපාලනය බවද අනාවරණය වි තිබේ.
මේ අතර විදේශ අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදි ගැටලු ඇති වු අතර ඊට ප්‍රධානතම් හේතුව වුයේ අමාත්‍යංශයේ කටයුතු මංගලට පාලනය කිරිමට ඉඩ නොදි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඊට මැදිහත් විම නිසා වන අතර ඒ නිසාම අග්‍රාමාත්‍යවරයාගේ විදේශ ගමන් සියල්ලම රනිල්ගේ සමිපතමයා වන මලික් සමරවික්‍රම හරහා සිදු කිරිමටද පසුගිය කාලයේ කටයුතු කර තිබුනා.
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා එම ඇමතිධුරයෙන් ඉවත් කිරිමට කාලයක් තිස්සේ එක්සත් ජාතික පක්ෂයේ මලික් -ජනපති මෛත්‍රී ගෙන ගිය මෙහෙයුම මේ වනවිට වෙගවත් කර තිබේන බව විදේශ අමාත්‍යංශයේ අප විශේෂ වාර්තාකරු පසුගිය පෙබරවාරි 2 වැනිදා අනාවරණය කර තිබුනා.
Friday, May 13, 2016
අර්ජුන වරයෙන් දොට්ට,මංගලට විදේශ ඇමතිකම එපා වෙයි
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment