මන්ත්‍රීවරුන් ඥාතීන්ට දුන් කඩ කාමර ගැන වාර්තාව කඩිනමින් ජනපතිට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 13, 2016

මන්ත්‍රීවරුන් ඥාතීන්ට දුන් කඩ කාමර ගැන වාර්තාව කඩිනමින් ජනපතිට

මන්ත්‍රීවරුන් ඥාතීන්ට දුන් කඩ කාමර ගැන වාර්තාව කඩිනමින් ජනපතිට
මහියංගණය ප්‍රාදේශීය සභාව විසින් බදු පදනම මත කඩ කාමර ලබාදීමේ දී සිදු ව ඇති අක්‍රමිකතාවය පිළිබඳ සිදුකළ විමර්ශනයේ වාර්තාව කඩිනමින් ජනාධිපතිවරයා වෙත භාරදෙන බව බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම පවසයි.

ඊට අදාළ වාර්තාව මේ වනවිට සකස් කර අවසන් බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.මහියංගණය නගරයේ ප්‍රාදේශීය සභාවෙන් ඉදිකිරීම් කළ, කඩ කාමර ප්‍රාදේශීය සභාවට හිතවත් හා මන්ත්‍රීවරුන්ගේ ඥාතීන්ට ලබා දී ඇති බවට කොමිසම වෙත පැමිණිලි ලැබී තිබේ.

ඒ අනුව විමර්ශන සිදුකළ ජනාධිපති කොමිසම ඊට අදාළ සාක්ෂි 65ක් පමණ සටහන් කරගෙන ඇති බව වාර්තා වේ. එම සාක්ෂි මත පදනම්ව සකස් කර ඇති විමර්ශන වාර්තාව කඩිනමින් ජනාධිපතිවරයා වෙත භාරදීමට කටයුතු කරන බව බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad