දන්සැල් ලියාපදිංචි කරන ලෙස ඉල්ලීමක්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 13, 2016

දන්සැල් ලියාපදිංචි කරන ලෙස ඉල්ලීමක් 

දන්සැල් ලියාපදිංචි කරන ලෙස ඉල්ලීමක් 
වෙසක් සමයේ දිවයින පුරා පවත්වන සියලු දන්සැල් ලියාපදිංචි කිරීම සිදු කරන ලෙස ඉල්ලීමක් කරන්නේ යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කරයි.

ලියාපදිංචි කරන සියලු දන්සැල් පවත්වා ගෙන යන සංවිධායකයින්ට අවශ්‍ය උපදෙස් ලබා දීමට බලාපොරොත්තුවන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

දන්සැල පවත්වා ගෙන යන ප්‍රදේශයේ පළාත් පාලන ආයතයන්හි එම ලියාපදිංචිය සිදු කළ හැකි ය. දන්සැල් පවත්වන බවට මේ වනවිටත් පූර්ව ප්‍රචාරක කටයුතු සිදු කර ඇති සංවිධායකයින් වෙත අවශ්‍ය අයැදුම්පත්‍ර නිකුත් කිරීම සහ උපදෙස් ලබාදීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් මේ වනවිටත් ආරම්භ කර ඇත.

වන්දනාවේ යන බැතිමතුන්ට සුරක්ෂිත ආහාර වේලක් දන්සැල් තුළින් ලබා ගැනීමට අවස්ථාව උදා කිරීම එම ලියාපදිංචි කිරීම සහ උපදෙස් ලබා දීමෙන් බලාපොරොත්තුවන බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කරති. 

No comments:

Post a Comment

Post Bottom Ad