'Free WiFi අසාර්ථකයි තමයි' - හරීන් දැන් කියන කතාව මෙන්න (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 12, 2016

'Free WiFi අසාර්ථකයි තමයි' - හරීන් දැන් කියන කතාව මෙන්න (VIDEO)

නොමිලේ WiFi පහසුකම් ලබා දීමේ ව්‍යාපෘතිය යම්තාක් දුරට අසාර්ථක වූ බව තමා පිළිගන්නා බවත් එයට අග්‍රාමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයාට චෝදනා කර පළක් නොමැති බවත් ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූයේ ඊයේ (11) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවක් අතරතුර දී මාධ්‍යවේදියෙකු යොමු කළ ගැටළුවකට පිළිතුරු ලබා දෙමිනි. නොමිලේ WiFi පහසුකම් ලබා දෙන බවටත් අන්තර්ජාල සේවා හා සම්බන්ධ ගාස්තු කැපී පෙනෙන ලෙස අඩු කරන බවටත් මැතිවරණ සමයේ දී වේදිකා මත ප්‍රකාශ කළ නමුත් ඒවා කිසිවක් ඉටු නොවීම පිළිබඳවයි එම මාධ්‍යවේදියා විමසා සිටියේ.

එම ව්‍යාපෘතිය භාරගත් ආයතනය මගින් එය අසාර්ථක වී ඇති බවත් එම ව්‍යාපෘතිය අළුත් ආකාරයකින් ඉදිරියට ගෙන යාම සඳහා තමා ක්‍රියා කරන බවත් ඒ සඳහා පසුගිය දා චීනයට ගොස් Huawei සමාගම සමග සාකච්ඡා සිදු කළ බවත් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසුවේ ය.

ගූගල් බැලූන් ව්‍යාපෘතියේ දී ද විදුලි සංදේශ නියාමන කොමිසම සම්බන්ධයෙන් "පොඩි හිරවීමක්" පවතින බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ඉල්ලා සිටියේ තමාට තවත් කෙටි කාලයක් ලබා දෙන ලෙස යි.

වීඩියෝව පහතින්....


 

No comments:

Post a Comment

Post Bottom Ad