කෙසෙල්ගමු ඔයට පැන සියදිවි නසාගැනීමට තැත් කළ තරුණියක් බේරාගැනීමට හැටන් නෝර්වුඩ් වතුයායේ වතුකම්කරුවන් පිරිසක් සමත් වී තිබේ.
23 හැවිරිදි මෙම තරුණිය අද (12) අලුයම 01.00ට පමණ කෙසෙල්ගමු ඔයට පැන ඇති අතර සැඩ පහරට ගසාගෙන ගොස් ඔය මැද පිහිටි ගල් පර්වතයක් මැදට වී කෑ ගසමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් ඇයව ගොඩගෙන ඇත.
අනතුරුව ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් ඇයව නොර්වුඩ් පොලීසියට භාර දී තිබේ. නෝර්වුඩ් මංසන්ධිය අසලින් ගඟට පැන ඇති මෙම තරුණිය නෝර්වුඩ් නිවිටන් වත්තේ පදිංචිකාරිනියක් බවත් ඇය මන්දමානසික රෝගයකින් පෙළෙන තැනැත්තියක් බවත් නෝර්වුඩ් පොලීසිය සඳහන් කරයි.
අදාළ තරුණිය දික්ඔය මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර සිද්ධිය පිළිබඳව නෝර්වුඩ් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
ඡායාරූප පහතින්....
Thursday, May 12, 2016
තරුණිය මරණයෙන් බේරාගත් රෑ 12 මෙහෙයුම (PHOTOS)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)






No comments:
Post a Comment