පරිපූරක ඇස්තමේන්තු සිද්ධිය සෙවීමට කමිටුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 6, 2016

පරිපූරක ඇස්තමේන්තු සිද්ධිය සෙවීමට කමිටුවක්

පරිපූරක ඇස්තමේන්තු සිද්ධිය සෙවීමට කමිටුවක්
පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කරගැනීම සඳහා ඊයේ (05) පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේ දී ඇතිවූ ගැටළුකාරී තත්ත්වය නිරාකරණය කිරීම සඳහා කතානායකවරයා විසින් සිව් පුද්ගල කමිටුවක් පත්කර ඇති බව වාර්තා වේ.

විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා, හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා, අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සහ රවූෆ් හකීම් මහතා යන මහත්වරුන් ඊට ඇතුළත්ය. එම පත්කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව කල් තැබූ අතර පක්ෂ නායක රැස්වීම ආරම්භ කොට තිබේ.

අද පස්වරුවේ පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිත අතර එහිදී කමිටුවේ නිර්දේශය ලබාදෙනු ඇත. පරිපූරක ඇස්තමේන්තුවක් සම්මතකරගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ ප්‍රතිපල ව්‍යාජ එකක් බව පවසමින් ඊයේ (05) පාර්ලිමේන්තුවේදී උණුසුම්කාරී තත්වයක් හටගත් අතර අද පාර්ලිමේන්තුව කල් තැබීමට හේතුව වී ඇත්තේ ද ඒ සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වයකි.

No comments:

Post a Comment

Post Bottom Ad