රටපුරා ගොවි උද්ඝෝෂණ කරන බවට අනතුරු ඇඟවීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 6, 2016

රටපුරා ගොවි උද්ඝෝෂණ කරන බවට අනතුරු ඇඟවීමක්

රටපුරා ගොවි උද්ඝෝෂණ කරන බවට අනතුරු ඇඟවීමක්
මේ වනවිට රටපුරා බොහෝ ප්‍රදේශවල වී වගාව ආරම්භ කර මාසයක කාලයක් ගත වුව ද මෙතෙක් රජය ගොවීන්ට ලබාදෙන බව කියූ පොහොර මුදල් බැංකුවලට එවා නොමැති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (05) දඹුල්ලේ දී මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. මුදල් ගෙවීමට රජයට සතියක කාලයක් ලබාදෙන බවත් 12 වැනිදායින් අනතුරු ව රටපුරා ගොවි උද්ඝෝෂණ පවත්වන බවත් එදිනට, පාර්ලිමේන්තුවවට මන්ත්‍රීවරුන්ට බිමින් ගමන් තහනම් කරන බව ද ඔහු සඳහන් කළේ ය.

ගොයම් පැළ ද රැගෙන නාමල් මහතා එදින මාධ්‍ය හමුවට පැමිණ සිටි බව අප වාර්තාකරු සඳහන් කරයි.

කාංචන කුමාර ආරියදාස

No comments:

Post a Comment

Post Bottom Ad