ඔෆ්ෂොර් ලීක්ස් වල ජගත්ප‍්‍රිය සුමතිපාල සහ විද්‍යා අමරපාලත්
පසුගියදා හෙළිදරව්වූ පැනමා පේපර්ස් සම්බන්ධ කථාබහ ඇතැම් මාධ්‍ය වාර්තා කළ වැරදි දේවල් කිහිපයක් නිසා වෙනස් මුහුණුවරකට හැරී තිබෙනවා.
අයි.සී.අයි.ජේ වෙබ් අඩවියේ පැනමා පේපර්ස් මුදල් ආයෝජනය කළ අයගේ නම් සොයාදෙන සෙවුම් පිටුවේ නමක් සෙවූ විට එම තැනැත්තා 2016 පැනමා පේපර්ස් වලින් හෝ 2013 ඔෆ්ෂොර් ලීක්ස් දත්ත ගොනු දෙකින්ම පිරික්සා සොයාදෙන අතර එම නම අයත්වන්නේ කවර දත්ත ගොනුවෙන්ද යන්න දකුණු පසින් සඳහන් වෙනවා.
ඔෆ්ෂොර් ලීක්ස් යනු සිංගප්පූරුව හා ආශ‍්‍රිතව මුදල් ආයෝජනයන් හෙළිදරව්වූ පැරණි ගොනුවකි. එම ගොනුවේ නම් ලැයිස්තුව පසුගිය වසර 3 පුරාම අයි.සී.අයි.ජේ වෙබ් අඩවියේද සඳහන්ව තිබුණි.
ඔවුන් සම්බන්ධව ඒ කාලයේ ලෝකයේ කථාබහක් ඇතිවුණත් ලංකාවේ එවැන්නක් ඇති වී නැත. 2013 ඔෆ්ෂොර් ලීක්ස්හි නම් සඳහන් අය අතර ලංකාවේ ප‍්‍රකට නම් කිහිපයක්ම තිබේ. ඒ අය අතර විදුලි බල මණ්ඩලයේ ඇමති චම්පික සමයේ සභාපති විද්‍යා අමරපාල, නි.ඇමති තිලංග සුමතිපාලගේ සොයුරු ජගත්ප‍්‍රිය අනුර සුමතිපාලද වෙති.
ඔවුන්ගේ වත්කම් හෙළීදරව් කිරීම් ගැන මෙපමණ කලක් රටේ අවධානයට ලක්ව තිබුනේ නැති නමුත් පැනමා දත්ත ගොනුව සමග ඔවුන්ගේ නම්ද මතුවන නිසා ඒ කථාබහ අලූත්වී තිබේ. 2016 පැනමා පේපර්ස්හි නම් ඇතුළත්ව තිබූ ආයෝජකයන් ලෙස ප‍්‍රකට පුද්ගලයන් ලෙස ඇවන්ගාඞ් සභාපති නිශ්ශංක සේනාධිපති සහ ඔහුගේ සමාගමේ අනක් පුද්ගලයන් කිහිපදෙනාට අමතරව ඩුබායි මැරියට් හෝටලයේ හිමිකරු ලංකාවේ උපන් නන්දන ජයදේව ලොකුවිතානගේ නමද සඳහන්වෙයි. ඔහුගේ නම යූඒඊ ලැයිස්තුවේ තිබේ.
මේ අතර ඇමති චම්පික ඊයේ කියා සිටියේ මේ ආයෝජන වැරදි ඒවාම නොවිය හැකි බවයි. නීත්‍යානුකූල ලෙස වත්කම් නොසගවා එම ආයෝජන කර ඇති නම් ගැටලූ නැති බවද ඔහු කියා සිටියේ සිය හිතවතාවූ ඔෆ්ෂොර් ලීක්ස් චෝදනා ලද විද්‍යා අමරපාලද සමග පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.
පැනමා ලැයිස්තුවේ නම් සඳහන් ශ‍්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් ඉදිරියට රජය ගන්නා ක‍්‍රියාමාර්ග තවම පැහැදිලි නැත. මුදල් අමාත්‍යංශය ඔවුන්ට කරුණු පැහැදිලි කිරීමට කාලයක් ලබාදී ඇති බවත් පසුව පරීක්ෂණ අරඹන බවත් දන්වා තිබෙන අතර එෆ්සීඅයිඞීය ඔවුන් ගැන පරීක්ෂණ කරන බවද කියා ඇත.
Thursday, May 12, 2016
පැනමා පේපර්ස් වල ඩුබායි මැරියට් හිමිකරු ලොකුවිතානත්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment