ඇග්‍රිකොම්, කරුංකා කන්ටේනර් 100ක් ඇමති අනින් මුදාහැරලා ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 12, 2016

ඇග්‍රිකොම්, කරුංකා කන්ටේනර් 100ක් ඇමති අනින් මුදාහැරලා !

නීතිවිරෝධී ලෙස ප්‍රති අපනයනයට ගෙනනා කරුංකා කන්ටේනර් 100ක් රජයේ ප්‍රධාන අමාත්‍යවරයකුගේ අණකට අනුව එක් කන්ටේනරයකට රුපියල් ලක්ෂය බැගින් දඩයක් නියමකර මුදා හැරීම සම්බනධයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාවල්වරයා වෘත්තීය සමිති උදහසට ලක්ව ඇතැයි වෙත වාර්තා වේ.

අදාළ, කරුංකා තොගය ඇග්‍රිකොම් ලංකා පුද්ගලික සමාගම විසින් ප්‍රති අපනයට ඉන්දුනීසියාවෙන් ලංකාවට ගෙන්වා තිබේ. කෙසේවුවද පසුගිය කාලයේදී නීති විරෝධී ලෙස ප්‍රතිඅපනායනයට ගෙනා කරුංකා කන්ටේනර්යකට රුපියල් ලක්ෂ 5ක දඩයක් නියම කළ අතර මේ කන්ටේනර්වලට රුපියල් ලක්ෂයක් පමණක් නියම කිරීම සම්බන්ධයෙන් රේගුවේ කසුකුසුවක් ඇතිව ඇත.

අමාත්‍යවරයාගේ බලපෑම මත වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩී.එන්. රංජිත් අශෝක මහතා රේගු අධ්‍යක්ෂ ජනරාවල්වරයාට ලිඛිතව අදාල කරුණු දන්වා ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු ඉදිරියේදී හෙළිකෙරේ.

No comments:

Post a Comment

Post Bottom Ad