ජීවත්වෙන්න තනතුරක් දීම ගැන හිටපු ඇමති මෛත්‍රීට හොඳ කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 10, 2016

ජීවත්වෙන්න තනතුරක් දීම ගැන හිටපු ඇමති මෛත්‍රීට හොඳ කියයි

ජීවත්වෙන්න තනතුරක් දීම ගැන හිටපු ඇමති මෛත්‍රීට හොඳ කියයි
තමාගේ ජීවිතය පවත්වාගෙන යාම සදහා වැටුපක් සහිත තනතුරක් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත සිය හෘදයාංගම ස්තූතිය පළ කරන බව ජනාධිපතිවරයාගේ ගාල්ල දිස්ත්‍රික් ව්‍යාපෘති අධ්‍යක්ෂ, හිටපු කැබිනට් අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (09) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ය. මෙහිදී අදහස් දැක්වූ ගුණරත්න වීරකෝන් මහතා මෙසේද පැවසීය. "ජනාධිපතිතුමා අවුරුද 40ක් අපේ පක්ෂයේ වැඩ කරපු කෙනෙක්. එතුමා මට මේ තනතුර භාර දීලා කීවේ ඔබතුමා මගේ ව්‍යාපෘති අධ්‍යක්ෂ තනතුරට පත් කරනවා. නිදහසේ වැඩ කරන්න පුළුවන් කියලයි.

මම වසර 10ක් පළාත් සභාවේ අමාත්‍යවරයෙක්. වසර 10ක් අවසාන වන විට මම නැවත පදිංචි කිරීමේ කැබිනට් අමාත්‍යධුරය දක්වා ගියපු කෙනෙක්. දැන් නැවතත් පත්වෙලා තියෙනවා අධ්‍යක්ෂ තනතුරකට. මම මහින්ද මහත්තයාට එපා වෙන්න කඩේ ගියපු මිනිහෙක්. මහින්ද මහත්තයාට පසුගිය මැතිවරණයේ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලැබුනෙත් කරන්දෙනිය ආසනයෙන්."  

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරකෝන් මහතා කියාසිටියේ තමන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී  තමා අන්ත පරාජයක් ලැබූ පසුත් තමා පිළිබඳව සොයා බලා මෙම තනතුර ලබාදීම සම්බන්ධව යළිත් මෛත්‍රිපාල ජනාධිපතිතුමාට සිය ස්තූතිය පළ කරන බවයි.
මෙසේ අදහස් දැක්වූ වීරකෝන් මහතා සිය කතාව අවසන් කිරීමෙන් මිනිත්තු කීපයකට පසුව සභා ගැබින් නික්ම ගිය බව ද වාර්තා වේ.

ඊයේ පැවති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව එහි සම සභාපතිවරුන් වන ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාලහෙට්ටි ආරච්චි මහතා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

ගාල්ල - ලලිත් චාමින්ද 

No comments:

Post a Comment

Post Bottom Ad