අශෝක හඳගම මහතාගේ නවතම සිනමා නිර්මාණය වන ‘‘ඇගේ ඇස අඟ“ චිත්‍රපටයෙහි නිරුවත් දර්ශනවල සිටින්නේ තමා නොව එහි චරිතය බව එහි ප්‍රධාන නිළිය වන රිතිකා කොඩිතුවක්කු කියාසිටිනවා.
නිරුවත් දර්ශනවලට පෙනී සිටීම අභියෝගයක් නොවුණේදැයි සති අන්ත පුවත්පතක මාධ්‍යවේදියකු සම්මුඛ සාකච්ඡාවකදී ඇයට ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙන ඇය කියා සිටින්නේ, ඔබ තිරයේ දකින්නේ චිත්‍රපටයක චරිතයක් මිසක් තමන් නොවන බවයි. ඒ පිළිබඳ අදහස් දක්වන ඇය පවසන්නේ චිත්‍රපටයේ චරිතය සහ තමා අතර හාත්පස වෙනස්කම් පවතින බවයි.
එමෙන්ම රිතිකා කියා සිටින්නේ නිරුවත්වීම අභියෝගයක් ලෙස ප්‍රේක්ෂකයන් දුටුවත් එය රූගත කිරීමේ දී අපහසුතාවක් නොවුණ බවයි.
රිතිකා අදාළ සම්මුඛ සාකච්ඡාවේදී වැඩිදුරටත් පවසා ඇත්තේ තමා ජීවිතය සැලැසුම් කළ තැනැත්තියක් නොවන බවත්, වැරදුණ තැන් බොහොමයක් ඇති බවත්, ඒ ගැන දැන් දුක් නොවන්නේ සතුටුවන්නට ඕනෑ තරම් දේ මේ වන විට තමාට ඇති බැවින් යැයිද ඇය සඳහන් කර තිබේ.
ඇගේ රංගනය ඇතුළත් වීඩියෝව පහතින්.

No comments:
Post a Comment