ශ්‍රී ලංකාවේ මුල්‍ය අපරාධ විමර්ශන සම්බන්ධයෙන් ද, පැනමා පේපර්ස් නව හෙළිදරව්ව මගින් ද ශ්‍රී ලංකා රාජ්‍ය මුල්‍ය අපරාධ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාපටිපාටියක් හදුන්වාදීමේ අවශ්‍යතාව නැවත වරක් මතුකොට ඇති බව දුෂණ විරෝධී පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
පැනමා පේපර්ස් හි අලුත්ම හෙළිදරව්ව මගින් ශ්‍රී ලංකාවට සම්බන්ධ ගිණුම් 22 ක් (පුද්ගලයින් 19 ක්) ගේ නම්, ශ්‍රී ලංකාවේ ලිපිනයන් සහ ඔවුන් ව්‍යාපාර කටයුතු සිදුකල මුල්‍ය හා සේවා ආයතන පිළිබද විස්තර අනාවරණය වී තිබේ.
මෙයට පෙර Offshore Leaks නම් 43 ක් අනාවරණය වී තිබුණි. ඒ අනුව ශ්‍රී ලංකාවට සම්බන්ධ ගිණුම් 65ක්, ගිණුම් හිමියන් 60 ක් සහ ලිපිනයන් 51 ක් පිළිබද තොරතුරු මේ වනවිට හෙළිදරව් වී ඇත. ලංකාවේ කුප්‍රකට ඇවන්ගාඩ් සමාගම, හෝටල්, ස්වර්ණාභරණ, ඇගළුම් කර්මාන්තය ඇතුළු ව්‍යාපාරයන් හි නිරත ශ්‍රී ලාංකිකයින් පිළිබද තොරතුරු මේ අතර වෙති.
ලංකාවේ නීතියට අනුව විදේශ රටක බැංකු ගිණුම් පවත්වාගෙන යාම නීති විරෝධී නොවන නමුත් ඒවාට අදාල අනාවරණයන් මහ බැංකුව වෙත ඉදිරිපත් කිරීම, නියමිත බදු මුදල් ගෙවීම සිදු කළ යුතුව ඇත. මෙම ගිණුම් හිමියන් ශ්‍රී ලංකාවට නියමිත බදු මුදල් ගෙවා ඇති ද යන්න සොයා බැලීම මෙම විමර්ශනයන් හි අරමුණ විය යුතු අතර, එසේ නොවේනම් මෙම මුදල් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම පියවර ගැනීම රජයේ වගකීමක් බව කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කරයි.
ලංකාවේ අවිධිමත් විදේශ විනිමය පාලනය හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් බැහැරට ඇදී ගිය අති මහත් වූ ධනස්කන්ධය නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සහ එයට අදාළ බදු මුදල් ලබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කළ යුතු බවද හෙතෙම පෙන්වා දෙයි.
නවතම පැනමා හෙළිදරව්ව මගින් මෙරට මුල්‍ය අපරාධ හා වංචා සම්බන්ධයෙන් නැවත නැවතත් නම් සදහන්ව ඇති ඇවන්ගාඩ් සමාගම පිළිබද තොරතුරු අනාවරණය වී ඇති අතර ශ්‍රී ලංකාවේ ඇවන්ගාඩ් සමාගම සම්බන්ධයෙන් වන මුල්‍ය විමර්ශන මේ දක්වාම අවසන් වී නොමැති බවට දුෂණ විරෝධී පෙරමුණ චෝදනා කරයි.
දුෂණ විරෝධී පෙරමුණ අවධාරණය කරන්නේ මෙම මුල්‍ය විමර්ශන බහුතරයක් සම්බන්ධයෙන් වන තත්වය පිළිබද සතුටුවිය නොහැකි බවයි.

No comments:
Post a Comment