උතුරු පළාතේ ලංගම සහ පෞද්ගලික බස්රථ ඒකාබද්ධ කාලසහටනක් අනුව ධාවනය කිරීමට දෙපාර්ශවය විසින් එකඟතාවයකට පැමිණ ඇති බැවින් එම කාලසටහනේ මුලතිව් කිළිනොච්චි මාර්ග සඳහා වූ ගිවිසුම් පත පසුගිය දා උතුරු පළාත් ආන්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරිපිට දී අත්සන් කර තිබේ.
ඒකාබද්ධ කාලසටහනේ මුල් පියවරක් වශයෙන් පළමුව මුලතිව් හා කිලිනොච්චි ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් එහි ප‍්‍රාදේශීය කළමණාකරු ඒ.ඩී. උපාලි මහතා හා පෞද්ගලික බස් රථ හිමියන් වෙනුවෙන් යාපනය දිස්ත‍්‍රික් කළමණාකරු සිවරාජා සිවපේරන් යන මහත්වරු එහි දී ඒකාබද්ධ ගිවිසුම් පත‍්‍රය සඳහා අත්සන් කර ඇත.
එම අවස්ථාව සඳහා උතුරු පළාත් ප‍්‍රවාහන හා ධීවර අමාත්‍ය පී. ඩෙනිස්වරන් මහතා ඇතුළු ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සහ පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගම් නිලධාරීන් පිරිසක් ද සහභාගී වී තිබේ.
වන්නි - රොමේෂ් මධුෂංඛ

No comments:
Post a Comment