සිය නිවසේ නිදා සිටි පුද්ගලයෙකුගේ හිසට වෙඩි තබා ඝාතනය කර රටින් පැන ගොස් වසර 26 කට පසුව යළි ලංකාවට පැමිණ සිටිය දී අත්අඩංගුවට ගනු ලැබූ විත්තිකරුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කිරීමට අදාල නඩු පොත අස්ථානගත වී ඇතැයි වාර්තා වේ.
කොළඹ මහ නගර සභාවේ විපක්ෂ නායක අජන්ත ලියනගේ මහතාගේ පියා එලෙස ඝාතනය කර තිබේ. නඩු පොත අස්ථානගත වී තිබීම හේතුවෙන් විත්තිකරුට නියම කළ දඬුවම ප්‍රකාශයට පත් කිරීම කල් තබමින් විත්තිකරු එළැඹෙන 25 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා නඩු පොත මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණ රෙජිස්ටාර්වරියට නිනම කළේ ය.
නඩු පොත අස්ථානගත වී තිබීම හේතුවෙන් නියම කර ඇති දඬුවම ප්‍රකාශයට පත් කිරීමට නොහැකි ව රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ වෑකඩ විතානච්චිගේ ප්‍රේමසිරි හෙවත් සිරි නමැති පුද්ගලයෙකි.

No comments:
Post a Comment