බෝගල පතළේ අඩි 1670ක් යට සත්‍යග්‍රහයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 10, 2016

බෝගල පතළේ අඩි 1670ක් යට සත්‍යග්‍රහයක්

බෝගල පතළේ අඩි 1670ක් යට සත්‍යග්‍රහයක්
බෝගල මිනිරන් පතළේ කම්කරුවන් 50දෙනෙකු පමණ පතළේ අඩි 1670ක පමණ ගැඹුරක හිඳිමින් සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
සේවක වැටුප් වැඩි නොකිරීම, සේවක ඉල්ලීම් ලබානොදීම, අහිමිකරන ලද සේවක අයිතිවාසිකම් ලබාගැනීම යන ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් මෙම වැඩවර්ජනය හා සත්‍යග්‍රහය දියත්කර ඇති බව අන්තර් සමාගම් සේවක සංගමය ප්‍රකාශ කරයි.

පතල් සේවකයින්ගේ මෙම වැඩවර්ජනය හේතුවෙන් බෝගල පතළේ වැඩකටයුතු සම්පූර්ණයෙන් අඩාලව ඇති බව වාර්තා වේ. බෝගල ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ්හි ප්‍රධාන විධායක නිලධාරී අමිල ජයසිංහ මහතා කියා සිටියේ පසුගිය වසරේ ආයතනය ලැබූ ලාභය රුපියල් එක් ලක්ෂ පනස් හතර දහසක් පමණක් බැවින් මෙවන් ඉල්ලීම් ඉටුකිරීමේ අපහසුතාව පිළිබඳ දැනුවත් කර තිබියදී ‍මෙම වර්ජනය දියත් කර ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad